46 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
205 පවිවෙකරසං ජිත්වා - රසං උපසමස්ස ච
නිද්දරො හොති නිප්පාපෝ - ධම්මපීති රසං පිබං
සියලු කෙලෙසුන් නසා විවේකී සුව විඳින මහණ තෙම උතුම් වූ සැනසුමින් කල්
ගෙවයි.
හිතවතුනි, පසිඳුරන් සුසංවර තැනැත්තෝ සැමවිටම නිරවුල්ව සැනසුම්ව කල්
ගෙවති.
206 සාහු දස්සනමරියානං - සන්නිවාසො සදා සුඛො
අදස්සනෙන බාලානං - නිච්චමේව සුඛී සියා
නිකෙලෙසුන් දැකීමත්, බාලයන් නොදැක්මත් නිසැකවම කෙනෙකුගේ සැප පිණිස
වන්නේ.. ය...
හිතවතුනි, ලෝකයට සේවයක් සලසන්න. එවිට ඔබ ලෝකයෙන් පුද ලබන කෙනෙක් වෙයි.
207 බාලසංගතචාරිනී – දීඝමද්ධාන සොචති
දුක්ඛෝ බාලෙහි සංවාසො - අමිතත් තේ්නේව සබ්බදා
බාලයන්ගේ ඇසුර දුක් පිණිස හේතුවේ. නැණැත්තන්ගේ ඇසුර, සැප පිණිස හේතු
වේ.
හිතවතුනි, යහලුවන්, අතර ඔබ සිටින විට නුවණ ඇත්තකු විලස සිටිය යුතු
වන්නේ...ය..
208 ධීරඤ්ච පඤ්ඤඤ් ච බහුස්සුතංඤ් ච - ධෝරය්හ සීලං වතවන්තමාරියං
තං තාදිසං සප්පුරිසං සුමෙධං - භජෙථ නක්‍ඛත්ත පථං ච චන්දිමාති
නැණැති වූ ගුණැති වූ - දිරිය ඇති සිල් පිරුණු තැනැත්තන් ඇසුරේම
නිරතුරුව හැසිරෙන්න.
හිතවතුනි, යහලුවන්, අතර ඔබ සිටින විට දිරිය ඇති නැණැත්තකු පරිද්දෙන්
හැසිරෙන්න.
ධම්ම පද සැහැල්ල 3 – බලන්න. 209 වැනි ගාථාවේ සිට “පි‍්‍රය” වර්ගයෙන්
ආරම්භ වේ.
මතු සම්බන්ධයි
|