පොළොන්නරුවේ සද්ධානන්ද හිමියෝ
			උප ප්‍රධාන සංඝ නායක පදවි ලබති 
			
			 
			පිදුරුවැල්ල ශ්‍රී සුධර්මාරාමය, රත්මලේ අශෝකාරාමය, වෙහෙරගල වළගම්බා රජ 
			මහා විහාරය යන විහාරත්‍රයාධිපති, කුරුණෑගල පොල්ගහවෙල, වීරඹුගෙදර 
			ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා සංඝ 
			සභාවේ ලේඛකාධිකාරි වීරඹුගෙදර තෛ‍්‍රනිකායික මහා සංඝ සභාවේ ප්‍රධාන 
			ලේකම් සද්ධර්ම වාගීශ්වර පොළොන්නරුවේ සද්ධානන්ද හිමියන් වෙත මහනුවර 
			අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිතාභිධාන මහ 
			නාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් 
			‘මංගල ධර්මකීර්ති’ ශ්‍රී උපනන්ද යන ගෞරව නාමය සහිත වයඹ පළාතේ 
			සූවිසිපත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. 
			එම පදවිය හා සම්බන්ධ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම මාර්තු 19 දින 
			අස්ගිරි මහා විහාර සීමා මාලකයේදී මහා නාහිමිපාණන් අතින් සිදු කෙරේ. 
			පසුදින අභිනව නාහිමියන් වහන්සේ දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ මැති 
			ඇමැතිවරුන්ගේ සහ පළාත්වාසීන්ගේ සහභාගීත්වයෙන් පිළිගැනීමේ මහා සභාවක් ද 
			පැවැත්වීමට උත්සව කමිටුව තීරණය කර ඇත.  |