රුහුණු ගුවන් විදුලි සේවයෙන්
දහම් පාසල් දැනුම මිනුම තරගයක්
රුහුණු සේවා ආවරණ කලාපයේ පිහිටි දහම් පාසල්වල දරු දැරියන්ට සහ රුහුණු
සේවා ශ්‍රාවකයන්ගේ දහම් දැනුම වර්ධනය සඳහා බොදු දහම් දැනුම තරගයක්
ආරම්භ කිරීමට රුහුණු සේවය පියවර ගෙන තිබේ.
දෙනියායෙන් ගුවන් තරංග මෙගා හර්ට්ස් 92.8 යටතේ සහ හපුතලෙන් මෙගාහර්ට්ස්
105.4 යටතේ මෙම වැඩසටහන ශ්‍රවණය කළ හැකිය.
මේ යටතේ ගාල්ල, මාතර, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල සිසු දරු
දැරියන් තෝරා ගෙන මෙම තරඟය පවත්වනු ලැබේ.දෙසතියකට වරක් ප්‍රචාරය කිරීමට
බලාපොරොත්තු වන මෙම වැඩසටහන ප්‍රදේශයේ වියත් යතිවරයාණන් වහන්සේ නමකගේ
මූලිකත්වයෙන් පැවැත්වීමටද කටයුතු සලසා ඇත. දහම් පාසල්වල 8 , 9, 10 යන
ශ්‍රේණිවල විෂය නිර්දේශයන්ට අනුකූ®ලව ප්‍රශ්න සැකසේ.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම පිණිස රුහුණු සේවය සලසන ප්‍රජා
සත්කාර වැඩසටහනක් වන මෙය ඉරිදා දින පස්වරු 6.30 ට ප්‍රචාරය වෙයි.
මෙම වැඩසටහනට අදාළ විස්තර අධ්යක්ෂ , රුහුණු සේවය, මාතර යන ලිපිනයට හෝ
041 – 2223736 නමැති දුරකතන අංකයට යොමු කරන්න. |