ධම්මපද සැහැල්ල - 43 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
192. ඒතං ඛො සරණං ඛෙමං - ඒතං සරණ මුත්තමං
ඒතං සරණ මාගම්ම - සබ්බදුක්ඛා පමුච්චති
තිසරණය සරණයකි – උතුම් රැකවරණයකි
පසුව එහි සහායෙන් - සියලු දුක් නිමාවෙයි
හිතවතුනි, තිසරණය - සියුම් බල වේගයකි. සෑම කෙනෙකුටම එයින් නොමඳ පිහිටක්
ලැබේ.
193. දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී
යත්ථ සො ජායතී ධීරො තං කුලං සුඛමෙධති
ලොව උතුම් තැනැත්තන් – බිහිවීම සුලභ නැත. බිහි වුණොත් ඒ උපත පරපුරම
සුවපත් ය.
හිතවතුනි, ඔබ නිතර සුසංවර කෙනෙකු නම් ඔබ නිසා පරපුරට එළියක් ලැබෙන්නේ
ය.
194. සුඛො බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්මදේසනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපො සුඛො
බුදු රුවන ආදිකොට – තුනුරුවන් බිහිවීම තුන් ලොවට සෙත් සදන පරමතම
සම්පතකි.
හිතවතුනි, ලෝකයේ මහඟු දේ එමට ඇත. ඒ හොඳින් දැන හැඳින කල දවස ගෙවිය
යුතු.
195. පූජාරහෙ පූජයතේ – බුද්ධේ යදිව සාවකෙ
පපඤ්ච සමතික්කන්තෙ - තිණ්ණ සොකපරිද්ද වේ
සියලු කෙලෙසුන් නසා - සසර මග නිමා කළ ලොවුතුරා උතුමන්ට පුද දැකුම් සිදු
කරයි.
(මේ අදහස ඊළඟ ගාථාවට සම්බන්ධය)
196. තෙ තාදිසෙ පූජයතො - නිබ්බුතෙ අකුතොභයෙ
න සක්කා පුඤ්ඤං සංඛාතුං - ඉමෙත්තමිතී කේනචි’ති
ලැබෙන මහ කුසලයේ පමණ කිව හැකි නොවේ. එවැන්නෝ පහසුවෙන් සසර තරණය කරති.
හිතවතුනි, ජීවිතය නිවැරැදිව ගෙන යන්න. ඔබ ඉතා පහසුවෙන් අරමුණට යන්නේ ය.
මතු සම්බන්ධයි
|