පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ 
			ජන්ම දින ආශිර්වාද පින්කම
			
			 
			පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම 19 වන දා සිට 24 
			වන දා දක්වා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී පින්කම් මාලාවක් 
			පැවැත්වේ. 
			19 වන දා සිට 23 වන දා දක්වා රාත්‍රී පුරාවට ජය පිරිත් දේශනයද 19 වන දා 
			සවස 06.30 ට මෙත් බෝසත් ප්‍රතිමාව ප්‍රදර්ශනයද පන්දහසක් දෙනා වෙත දේව 
			දානය පිරිනැමීමද 20 වන දා උදෑසන 5 ට කිරි අම්මාවරු 108 දෙනකු වෙත කිරි 
			දානය පිරිනැමීමද 23 වන දා සවස 06.30 ට සුවිසි විවරණ මහා පූජාවද 
			පැවැත්වේ. අනතුරුව 24 වන දා දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ.  |