ගංගොඩවිල පින්කම්
			
			 
			ගංගොඩවිල, පඤ්ඤෝදයාරාමයේදී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සංවිධානය 
			කරනු ලබන පින්කම් මාලාවේ විස්තර පහත දැක්වේ. පෙබරවාරි 13 ඉරිදා, 
			පිණ්ඩපාත චාරිකාව සිදු කැරුණු අතර මාර්තු 13 ඉරිදා දවල් දානය, දෙල්කඳ 
			බාලිකා නිවාසයට පිරි නැමේ. 
			අපේ‍්‍රල් මස 29 වෙනි සිකුරාදා රාත්‍රී 07.00 ට මහ පිරිත් දේශනය, 
			පඤ්ඤෝදයාරාම විහාර ධර්ම ශාලාවේදී පිරිත් දේශනයට ගිරිමානන්ද සූත්‍රය හා 
			ජය පිරිත ඇතුළත්ය. මැයි 17 අඟහරුවාදා - පෝය දින උඩහමුල්ල හන්දියේ සිට 
			දුම්රියපොල මාවත දිගට දෙල්කඳ හන්දිය දක්වා කොඩිවැල්, බකට්, විදුලි එළි, 
			බෞද්ධ කොඩි ආදියෙන් සැරසීම. බෞද්ධ ගීත ගායනය පන්සලේ දී පැවැත්වේ. 
			පඤ්ඤෝදයාරාම දායක සභාව, පඤ්ඤෝදයාරාම කාන්තා සමිතිය, පඤ්ඤෝදයාරාම දහම් 
			පාසලේ ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය පිරිස එය සංවිධානය කර ඇත.  |