වැලමිටියාවේ කුසලධම්ම
			නා හිමියන්ගේ ජන්ම සමරුව දා
			පින්කම් රැසක් 
			
			 
			 කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති , කැලණිය විශ්වවිද්‍යාලයේ 
			කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ 
			කුසලධම්ම නාහිමියන්ගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි 
			පතා පින්කම් මාලාවක් මෙම 20 වනදා පැවැත්වේ. 
			20 වනදා කිරිබත්ගොඩ රෝහලේ නේවාසික රෝගීන් සඳහා ගිලන් සංග්‍රහයක්ද 
			උඩුපිල වෑබඩ වැඩිහිටි නිවාසයේදී දිවා ආහාරය පිරිනැමීමද ආබාධිත අය සඳහා 
			රෝද පුටු ආදි ආබාධිත උපකරණ විද්‍යාලංකාර පිරිවනේ දී පිරිනැමීමද සවස 
			බෝධි පූජාවක්ද පැවැත්වේ. 
			විද්‍යාලංකාර පිරිවෙනේ දායක දායිකාවන්ගේ සහ විද්‍යාලංකාර පිරිවෙනේ 
			ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් එම පින්කම් මාලාව 
			සිදු කැරේ.  |