බුද්ධගයා අනුරූ විහාරය 
			විවෘත කිරීම 20 වන දා
			
			 
			රත්නපුර රත්ගඟ අසූ මහා ශ්‍රාවක බුදුරජ මහා විහාරයේ (පුංචි දඹදිව) ලෝක 
			පූජිත සම්බුද්ධ රාජ සිහිවටන මන්දිර මාලිගාව බුද්ධ ගයා විහාරය විවෘත 
			කිරීම පෙබරවාරි 20 වන දා පෙරවරුවේ සිදු කැරේ. 
			එම අවස්ථාවට ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක 
			තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ 
			මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිත මහනාහිමි අමරපුර 
			මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි ශ්‍රී 
			ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන් 
			ඇතුළු මහ සඟරුවන ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන 
			අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා 
			ඇතුළු මැති ඇමැතිවරු සහ විදේශීය තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් 
			රැසක් සහභාගිවීමට නියමිත බව විහාරාධිපති ගිලීමලේ චන්ද්‍රාලෝක හිමියෝ 
			සඳහන් කරති.  |