විශ්වාසය සහ භක්තිය
ආචාර්ය එල්. එම්. ජෝශී
ජනපි‍්‍රය බුදුදහම තුළ බුදුන් වහන්සේ උපරිතම තැන ගන්නා බව දකිනු හැකි
ය. බෞද්ධ දර්ශනය තුළ බුද්ධ සංකල්පය ලෝකෝත්තරය. එහෙත් බෞද්ධ ආගම තුළ
බුද්ධ සංකල්පය දයාව හා කරුණාවෙන් පිරී අත්‍යන්තයෙන් සර්වව්‍යාපි පුද්ගල
බද්ධ දෙවියෙකි. මේ බුදුහු විවිධ මානව ප්‍රතිභා පුර්ණ ආකෘතියෙන් පෙනී
සිටිමින් මානව සංහතියේ යහපත පිණිස විශිෂ්ට වූ දර්ශනයක් ඉදිරිපත් කරති.
ඇතැමි පුද්ගලයන් තුළ විශ්වාසය සහජ උරුමයෙන් ලද්දක් සේ පෙනේ. එහෙත් එය
එසේ ම නොවන අතර, වගාකළ යුතුද, එමඟින් අත්පත් කළයුතුද වන උත්තර
ගුණාංගයක් වෙයි. සැබවින් ම හැම පුද්ගලයකු වෙත ම ඇති විශ්වාසය හුදෙක්
ඔහුගේ චරිතය සමඟ බැඳුණු ඊට සමානුපාතික අංගයක් ලෙස ලත් දායාදයකි.
විශ්වාසය දුබලයන්ගේ මෙවලමක් නොවේ. එය නිර්භීතයන්ගේ ආරක්ෂක සන්නාහයකි,
බියගුලුකමේ හා ඔතෑනිබවේ සතුරෙකි. බෞද්ධ දෘෂ්ටාන්තයක් මේ සත්‍යය
විශිෂ්ටත්වයෙන් විස්තර කරයි. මිනිසුන් සමූහයක් ගඟක මෙගොඩ ඉවුරේ මහ
ගංවතුරකින් හෝ මාරාන්තික වසංගතයකින් මරණයට කැප වන්නට සිටිති යි මොහොතකට
සිතන්න. ඒ ගඟේ මෙගොඩ ඉවුර මාරාන්තික අතවරයෙන් නිදහස් ද, සුරක්ෂිත ද
වෙයි. ඒ අතර නිර්භීත පුද්ගලයෙක් අවදානමට මුහුණ දී ගඟ හරහා පීනා එගොඩ
වෙයි. එසේ ඔහු සිය නිර්භීතභාවද, ආත්ම විශ්වාසය ද නිසා ගැහෙමින් ද, තැති
ගැන්මෙන් ද සිට ජල ගැල්මෙන් මරු දකිති. මෙසේ එගොඩට පීනා පණ බේරා ගත්තේ
විශ්වාසය ඇත්තෙකි. විශ්වාසය පුද්ගලයාට පරම ධනයක් හා එයින් සංසාරෝඝය
තරණය කළ හැකි බවත් බුදුන් වහන්සේ කියා ඇත්තේ ඒ නිසාය.
විශ්වාසය සහ ශ්‍රද්ධාව අර්ථකථනය කරන කල්හි, ශ්‍රද්ධා යන්නෙන්
සදාචාරාත්මක ගුණ ධර්මයක් හා ආධ්‍යාත්මික බලයක් ද අදහස් කැරෙන අතර,
විශ්වාසය යන්නෙන් මානසික ආකල්පයක් සහ නිරාමිස සතුටට මෙහෙයවන්නක් අදහස්
කැරේ. වසුබන්ධුගේ (ක්‍රි.ව. 500) අභිධර්මකෝෂයට අනුව ‘ප්‍රසාද’ හෙවත්
‘නිරාමිස සතුට’ විශ්වාසයේ හරය ලෙස ගැනේ.
විශ්වාසය එහි මූලික තත්ත්වය කිතුදහම, හින්දුදහම සහ සික් දහම ආදියෙහි
ආගමික හා ඊශ්වරවාදි සාම්ප්‍රදායික ආකල්පයක් දරා සිටී. බුදුදහම තුළ ද
මූලික වශයෙන් එය (විශ්වාසය) එබඳු සුචරිත ප්‍රමුඛ ගුණධර්මයකි. මහායාන
නමින් හැඳින්වෙන පසුව විකාශිත බුදුදහම තුළ පමණක් නොව බුදුන් වහන්සේගේ
පැරණිතම මූලික අනුශාසනයෙහි ද විශ්වාසය හෝ ශ්‍රද්ධාව මිනිසාගේ
ආධ්‍යාත්මික ගවේෂණ හා සමාජ සත්තාව තුළ ද අත්‍යවශ්‍ය හා මූලික ධර්මයක්
ලෙස සලකනු ලැබේ. මේ අනුව බුදුදහම හුදෙක් විශ්වාසයෙන් තොර පිරිසිදු
බුද්ධි විෂයයාත්මක ගවේෂණයක් ලෙස සලකන්නවුන් බුදුදහම නමැති මහා වෘක්ෂය
මුදුන් මුලින් සිඳ දමන්නා සේ ය.
බුදුදහම පරිමේය (විමර්ශක) දර්ශනයක් සහ විශ්ව සහජීවනය පිළිබඳ පරම
අනුශාසනයක් වන්නා සේ ම විශ්වාසය පිළිබඳ සම්ප්‍රදායයක් සහ ස්වයං ශික්ෂණ
පද්ධතියක් ද වන්නේ ය. එය බුද්ධි විෂයයීය සම්ප්‍රදායයකි. ඒ අතර ආගමික
සම්ප්‍රදායයක් වන බවද අමතක කළ නොහැකි ය. ආගම විශ්වාසය තුළ මුල්බැස ඇත.
එබැවින් විශ්වාසය බුදුදහම තුළ එහි මූලික හරදහම් අතර අංගයක් වෙයි.
බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයනට ඉදිරිපත් කළ දේශනා ආධ්‍යාත්මික සංවර්ධනය
පිළිබඳ කරුණු විෂයයෙහි ස්වයං විර්යය හා විශ්වාසය අවධාරණය කරයි. ධර්මය
සිය මාර්ග දේශකයාවන බවට බුදුන් වහන්සේ ජනතාවට පෙන්වා දුන්හ. එකල්හි
ඔවුන් විසින් උද්යෝගයෙන්, විශ්වාසයෙන්, හෘදය සාක්ෂ්‍යයෙන්,
ප්‍රයත්නයෙන් සහ සාවධානයෙන් ඉදිරියට යා යුතුය.
ආදිී බුදුසමය හෙවත් මූලික බුදුදහම අන්ධ විශ්වාසය හෙළාදකී. ශ්‍රමණ
අධිකාරි බලය නොතකයි, පෞද්ගලික දේවත්වය (ගෝඩ් = ගූඪ) පලවා හරී. එය
අවධාරණය කරන්නේ ප්‍රත්‍යක්ෂ මූලික අත්දැකීම හා තර්කානුසාරි යුක්ති
ප්‍රතිපාදනය යි. එය අපේ මනසට සේ ම හදවතටත් ආමන්ත්‍රණය කරයි. එසේ ම කර්ම
නියාමයට, හේතුඵලවාදයට, සදාචාරාත්මක පටිපාටියට තරයේ අවධානය යොමු කරන ලෙස
අපට කියයි. තවත් මූලික වශයෙන් ඕනෑ ම ක්‍රියාවක් හා ඒ සමඟ බැඳී ඇති
ජීවිතයේ පවිත්‍රත්වය පසුපස වූ ඒ පිළිබඳ චේතනාව පදනම් කොට කුසලය හා
අකුසලය අතර වෙනස නිරවුල් කර දෙයි. බුදුදහම තුළ කේන්ද්‍රීය සත්‍යය
ලෝකෝත්තරික ය. එය මානුෂික කොන්දේසි තුළ, අසිරිමත් ලෝකයේ පරම සත්භාවයෙන්
නිර්දය ප්‍රතික්ෂේප කිරීමත් නිර්දේශ කැරෙන සහතිකයකි. පරම සත්භාවය වෙත
නො මෙහෙය වුණත්, මේ අවශ්‍යතාව බෞද්ධ තර්ක විද්‍යාවත්, හේතු විද්‍යාවත්
වර්ධනය වීමට අදාළ වූයේය. එපමණක් නොව එය විකෘතිකරණයෙන් හා සාවද්‍ය
අර්ථකථනයෙන් මුදාලීමට ද හේතු විය.
සිද්ධාන්තික හා දාර්ශනික වශයෙන් බුදුදහම ප්‍රඥාමූලික ද පරමාර්ථවාදී ද
වෙයි. නිර්වාණ හෝ බුද්ධ සංකල්පය ද පරමාර්ථවාදී සහ ලෝකෝත්තරවාදී වෙයි.
ප්‍රායෝගික බුදුදහම නමැති මහා ප්‍රාසාදය යෝධ කුලුනු තුනක් මත රඳා සිටී.
එනම් සීල, සමාධි, හා ප්‍රඥා ය. බුදුදහමෙහි අවසාන ඉලක්කය විමුක්තිය
හෙවත් පූර්ණ කායික හා මානසික ස්වාධීනත්වය බව කියනු ලැබේ. එය වඩාත්
මැනවින් හැඳින්වෙන්නේ අවබෝධය මඟින් ලබා ගන්නා නිර්වාණය හෙවත් සැකසීම
නමිනි. මෙකී ස්වාධීනත්වය නිර්වාණයට මාර්ගය ලෙස හැඳින්වෙන්නේ බුද්ධ
හෙවත් පුර්ණ අවබෝධය ලැබූ පුද්ගලයා විසින් දෙසන ලද ධර්මය යි. අවංක හෙවත්
කැපවූ බෞද්ධයෙකුගේ ප්‍රමුඛතම අවශ්‍යතාව වන්නේ බුදුන්වහන්සේගේ
ඉගැන්වීම හෙවත් ධර්මය කෙරෙහි අචල විශ්වාසය යි.
බෞද්ධයෙක් බුද්ධ, ධම්ම, සංඝ නම් වූ ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල විශ්වාසය
තැබිය යුත්තේ ය. බුදුදහමෙහි අනුගාමිකයෙක් තමා බෞද්ධයෙකි යි කීමෙන්
අදහස් කැරෙන්නේ තමා බුදුදහම විශ්වාස කරන බව යි. ත්‍රිවිධ රත්න සරණ
සූත්‍රය බුද්ධ, ධම්ම, සංඝ කෙරෙහි විශ්වාසය හා කැපවීම පිළිබඳ උපරිම
දිවුරුම් ප්‍රකාශයකි.
ඇතැම් පාලි හා සංස්කෘත බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්හි විශ්වාසය පිළිබඳ පහත
දැක්වෙන විෂයයන් හතරක් වෙයි. එනම් චතුරාර්ය සත්‍යය, ත්‍රිවිධ රත්න
සරණය, කර්මය හා කර්මඵල යනු යි. වෙනත් හැටියකින් කියතොත්, හැම විශ්වාසධර
හා අවංක බෞද්ධයකු වෙත පහත දැක්වෙන ගුණාංග ඇත. එනම්, කර්මය හා පුනර්භවය
පිළිබඳ විශ්වාසය, සත්භාව යථාර්ථය පිළිබඳ මූලික ඉගැන්වීම් පිළිගැනීම,
බුද්ධ ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසය, නිර්දිෂ්ට
ප්‍රතිපත්ති හා දුකින් මිදීමේ අවසාන මාර්ගය ලෙස නිර්වාණය විෂයයෙහි
සඵලත්වය පිළිබඳ විශ්වාසය යි.
අප තුළ කර්ම නියාමය කෙරෙහි විශ්වාසය තිබිය යුතු ය. අප කරන ක්‍රියා
හෙවත් කර්මයන්ගේ පල නෙළා ගත හැක්කේ ඒ විශ්වාසය අනුව ය. බුදුන් වහන්සේ
බෞද්ධ විශ්වාසය කවර මුහුණුවරකින් ඉදිරිපත් කළත් එය විශ්වාසනීයව ම දේශනා
කර ඇති අතර, එය සත්‍ය වන්නේද වෙයි. නිර්වාණ නමින් හැඳින්වෙන
පරිසමාප්තිය සාක්ෂාත් කර ගැනීමේ සම්භාවිතාව ගැන නියම බෞද්ධයා ප්‍රශ්න
නොකරයි. ධර්මයෙහි හැසිරීමෙන් තමා නිවැරදි මාර්ගයට මෙහෙයැවෙන බවට ඔහුට
සැකයක් නැත. සියලු අකුසලයට හේතුව අවිද්‍යාව බව ඔහු සැකයකින් තොරව
පිළිගනී. අවිද්‍යා මූලය උපුටා දැමූ විට සියලු ක්ලේශ හෙවත් තෘෂ්ණාව ක්ෂය
වන බව ඔහු අවංකව විශ්වාස කරයි. බුදුන් වහන්සේ විසින් ඒ කාරිය ජයග්‍රාහී
ලෙස නිමාවට පත් කර ඇත. යමෙක් යම්තාක් පූර්ණ අවබෝධය ලබා නැත්තේ ද ඒතාක්
ඔහුට විශ්වාසය අවශ්‍ය ය. ඒ තාක් ඔහු විශ්වාසය මත රැඳී සිටිය යුතුය.
එහෙත් අප විසින් අවසානය තෙක් ම විශ්වාසයේ එල්ලී සිටිය යුතු නැත. එහිලා
එක්තරා සීමාවක් ඇත. බුදුදහම තුළ විශ්වාසය ප්‍රාථමික හා තාවකාලික
පියවරක් පමණි. බුදුන්වහන්සේ සුත්ත නිපාතයේ විශ්වාසය හඳුන්වා ඇත්තේ
අධ්‍යාත්මික ගුණ වගාවන්හි බීජය ලෙස යි. එහෙත් නිසැකයෙන් ම එය නිර්වාණ
මාර්ගය තුළ අත්‍යවශ්‍ය සහ හොඳම මාර්ගෝපදේශකයා ද වෙයි. ධම්ම පදයෙහි
ඉගැන්වෙන්නේ විශ්වාසය මිනිසාගේ පරම ඥාතියා නොහොත් මිතුරා වන බව යි.
අවසාන පියවරේදී දැක්වෙන්නේ පරම පිබිදීම හෙවත් අවබෝධය විශ්වාසය විසින්
ගවේෂණය කරනු ලැබ අත්දකින්නට සලසන්නක් යනු යි. ආධ්‍යාත්මික අවබෝධය පවා
විශ්වාසයේ මහාපරිමාණ ආකෘතියකි. විශ්වාසය බුද්ධිය සමග බැඳුණු ගනුදෙනුවකට
වඩා හෘදය සාක්ෂ්‍ය පිළිබඳ ගනුදෙනුවකි. විශ්වාසයේ බුද්ධි විෂයීය අංශය
බොහෝ සෙයින් පරමාර්ථ සත්‍යමය අත්දැකීම පිළිබඳ ප්‍රතිඵලයක් නොවේ.
උදාහරණයක් ලෙස ගතහොත්, සමාජ ජීවිතයේදී අන්‍යයන් සමග සමාජ සබඳතා හා
මිත්‍රත්වය වැඩීමට හා වගා කර ගැනීමටත් විශ්වාසය පදනම් වෙයි.
ඉතිහාසය හා සංස්කෘතිය පුරා සියලු ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ බුදුදහම තුළ
විශ්වාසයෙන් පිරිගිය අවංක දැහැමියෝ වූහ. බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්හි
පඤ්චබල, පඤ්චේන්ද්‍රීය සප්ත බෝධිඅංග ආදී තන්හි ශ්‍රද්ධාබල, ශ්‍රද්ධා
ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බෝධි අංග ලෙස විශ්වාසය දක්වා ඇත. ඇතැම් පාඨ
ග්‍රන්ථයන්හි එක්තරා ගණයක විශ්වාසය පදනම් කොට සිටින පුද්ගලයෝ ‘ශ්‍රද්ධා
මුසරි පුද්ගල’ නමින් හැඳින්වෙති. දසධම්ම සූත්‍රය හා ශික්ෂා සමුච්චය,
විශ්වාසය ශ්‍රේෂ්ඨයානය ලෙස උගන්වයි.
භගවද්ගීතාවේ ප්‍රකාශයක් වන ‘විශ්වාසවන්තයා ප්‍රඤාව සාක්ෂාත් කරයි, යන්න
බුදුදහමට එකඟ ය. තමාගේ විශ්වාසය, ආදරය, සිත සහ චේතනාව බුදුන් වහන්සේගේ
ඉගැන්වීමෙන් නොමිදෙතියි පිංගිය උන්වහන්සේට කී කල්හි බුදුහු පිංගියට
මෙසේ සහතික කළහ. ‘එම්බල පිංගිය, වක්කලී භද්‍රාවට සහ ආලව්ගෝතම විශ්වාසය
නිසා විමුක්තිය ලැබුවා. එසේ ම ඔබටත් විශ්වාසය මඟින් විමුක්තිය ලබාගත
හැකියි. ඔබ මාරයාගේ රාජධානිය ඉක්මවා යනු ඇත. ‘බුදුන් වහන්සේගේ මේ
ප්‍රකාශය සුවිශේෂිත ය. ඇයි ද යත්, බුදුදහම තුළ විශ්වාසය පිළිබඳ බුදුන්
වහන්සේගේ අනුශාසනයට එය සම්පාත වන බව පෙනෙන හෙයිනි.
බුදුදහම තුළ භෞතික දෙවියකු නැති බව ඇත්ත ය. එහෙත් එය ආගමක් බවටද පත්ව
තිබේ. එහි ඇතැම් නිකායයෝ භක්තිවාදී සම්ප්‍රදායයෝ ය. බුදුදහම භක්තිවාදී
වී ඇත්තේ චීනය සහ ජපානයේ පමණකි යි ඇතැම් නූතන වියත්තු විශ්වාස කරති.
අපේ පර්යේෂණ අනුව නම්, ඒ මතය ඔප්පු කරන්නට සැහෙන සාධක ඉදිරිපත් වන්නේ
නැත. බුදුන් වහන්සේ ජීවමාන සමයේදී වුවත්, උන්වහන්සේ භක්තිය හා අභිවාදනය
විෂයයෙහි මෙවලමක් වූ බව අපි දකිමු. උන්වහන්සේගේ පශ්චාත්
අනුගාමිකයන්ගේ ඒ සුපුරුදු පිළිවෙත ඉක්මවන්නට උන්වහන්සේටත් නොහැකි වූයේ
නොවේ ද? දිවමන් කලදී පවා උන්වහන්සේ දෙවිවරුන් හා නර දෙවිවරුන් විසින්
ඔවුනට වඩා සුපිරිකර බවට සලකනු ලැබූහ.
වෛදික දෙවිවරුන් අතර සුපිරිතම ආකාසට්ඨයන් වූ බ්‍රහ්මයාත්, ඉන්ද්‍රයාත්
බුද්ධ නම් ලත් ශ්‍රේෂ්ඨතම ගුරුවරයාගේ අන්තේවාසිකයන් බවට පත්කොට
භූම්මට්ඨයන් අතරට බස්සනු ලැබූහ. බුදුන් වහන්සේ දේවගුරු ද, මනුෂ්‍යගුරු
ද ලෙස හඳුන්වනු ලබත්. උන්වහන්සේ මෙලොව උපන් සේක. මෙලොව හැදුණු වැඩුණු
සේක. එහෙත් මෙලොව ඉක්මවා ගිය සේක. එනම් ලෝකෝත්තර වූහ. එතෙකුදු
ලෞකිකත්වයෙන් නොකෙලෙසුණා හ. යම් සේ පියුමක් මඩින් හා දියෙන් ජනිතව
හැදීවැඩී නමුත් එයින් නොකෙලෙසී ඉන් මිදී විකසිතව බබළන්නා සේ ය. පැරණි
පාලි සාහිත්‍යය තුළ බුද්ධ හෝ තථාගත සංකල්පය මනෝ මූලික නැතහොත්
අතිශයෝක්තික ය. එනම් බුද්ධ යනු, ලෝකෝත්තර හෙවත් පාරභෞතික ය. උන්වහන්සේ
සංසාරය විජයග්‍රහණය කළේය. ඉපිද මෙලොව මරු මැරුවෝ ය. උන්වහන්සේ අමරණීය
සත්‍යය සාක්ෂාත් කළෝය. සත්‍යාවබෝධයට මඟ පෙන්වූහ.
බුදුන්වහන්සේ බුද්ධ යන අර්ථයට අත්‍යන්ථයෙන් සුදුසු වූ නිසා බුද්ධ නම්
වූහ. බලසම්පන්න අධිරාජයෝ ද අහංකාර ජනනායකයෝ ද, මහාකුල දෙටුවෝ ද බුදුන්
වහන්සේට වැඳුම් පිදුම් හා ආවතේව කරමින් එකිනෙකා තරග වැදුණෝ ය.
උන්වහන්සේ මානව වර්ගයාගේ මාර්ගෝපදේශකයා ද එසේම පූජිතයා ද වූහ.
උන්වහන්සේ විසින් දිව්‍යත්වය ප්‍රතික්ෂිප්ත විය. එහෙත් සිය දිවමන්
කල්හි ම ප්‍රමාණික ලෙස විශාල ගණනින් ඉන්දියානු ජනතාවගෙන් පිදුම් ලන්නට
යුද වදින්නට ගියද ලේ පිපාසිත යුද්ධයක් වළක්වන ලදී. පාරිශුද්ධ වූ
ශාරීරික ධාතුහු රාජ්‍ය අටක නියෝජිතයන් අතර බෙදාදෙන ලද්දෝ ය.
ශාක්‍යයන්, මල්ලයන්, මෞර්යයන්, බ්‍රාහ්මණයන් සහ මගධයන් විසින් ස්තූ®ප
නම් වූ මහා සිහිවටනයන්හි මේ ධාතු තැන්පත් කොට වැඳුම් පිදුම් කිරීම
බෞද්ධයන් විසින් ආරම්භ කරන ලද්දකින් එය බෞද්ධ ජීවිතයේ එක් වැදගත්
වතාවතකි. භික්ෂූහු ද, ගිහියෝ ද බුද්ධ වන්දනාවේ හා චෛත්‍ය වන්දනාවේ
කොටස්කාරයෝ ය. මිනිස් ආකෘතියෙන් බුදු පිළිමයක් නිමැවීමෙන් පසු පවා,
පිළිම වන්දනාවත් සමඟ චෛත්‍ය වන්දනාව ද එක පෙළට සිදුවිය. අද මුළු මහත්
බෞද්ධ ලෝකය ඉමහත් ආදරයෙන් බුදු පිළිම රැක බලා ගනිති. එසේ ම දහස් ගණනින්
වූ ආකෘතියෙන් බුදුන් වහන්සේ මහත් බැතියෙන් පුදනු ලබති. කෙසේ වෙතත්
බුදුපිළිමය බුදුහු නොවෙති. එය හුදෙක් සංකේතයක් හෙවත් ප්‍රතීකයක් පමණි.
මහායාන බුදුදහම තුළ බුද්ධ වන්දනාව පමණක් නොව බෝධිසත්ත්ව වන්දනාව ද
වර්ධනය වූ බව දැකගත හැකි ය. එපමණක් නොව කාලයාගේ ඇවෑමෙන් බුදුවරුන්ගේ
ගණන ද වැඩිවුණු බව පෙනේ. මේ බුදුවරුන්ගේ අන්තරීක්ෂ විමාන
විචිත්‍රාකාරයෙන් විස්තර කර තිබේ. ඒවා ගිතාත්මක ය. එකී ගීත ගයන්නාහු හෝ
බුදුවරුන්ගේ නම් එක දිගට රිද්මානුකූ®ලව පුනරුච්චාරණය කරන්නාහු, ඒ
බුදුවරුන්ගේ දිව්‍යමය ක්ෂේත්‍රයන්හි උසස් භවයක් ලබන්නට ප්‍රාර්ථනය
කරත්. ක්‍රි.ව. මුල් සියවස්හි අමිතාභ බුද්ධ වන්දනාව බෙහෙවින්
ජනපි‍්‍රයත්වයට පත් වූයේ ය. අම්තාභ බැතිමත්හු ඔහුගේ් සුඛාවතී නම්
දෙව්ලොව උපදින්නට බලාපොරොත්තු වෙති. අමිතාභ බුදුන් ඇදහීම සුඛාවතී
සූත්‍ර හා අමියුර්ධ්‍යාන සූත්‍ර නම් පාඨ ග්‍රන්ථයන්හි සංවර්ධිත ය.
චීන සහ තිබ්බතීය බෞද්ධ සාහිත්‍යයේ, සම්භාව්‍ය ඉන්දියානු බෞද්ධ සංස්කෘත
භාෂාවෙන් පරිවර්තික ස්තෝත්‍රගීත, මන්ත්‍ර, යාතිකා සහ පුරාණ දේවකතා දහස්
ගණනින් සොයා ගත හැකි ය. මහායාන භක්තිය හෝ ඇදහිල්ල නිර්වාණ මාර්ගයේ
කොටසක් බවට පත් වූයේ ය. ආදී බුද්ධ හෝ ස්වයංභූ බුද්ධ සිද්ධාන්තය විය
හැකි පරිදි බුදුදහම තුළ ඊශ්වරවාදී සහ භක්තිවාදී වර්ධනයක් ඇතිවිය. මෙකී
භක්තිවාදී බුදුදහම තුළ කරුණා දර්ශනය (ශාසනය) කේන්ද්‍රීය මූලධර්මයක් වූ
බව පෙනේ. ‘ඕම් මණි පද්මේ හූම්’ නමැති නිබ්බතීය යාතිකා සූත්‍රය හුදෙක්
අබිරහස් මන්ත්‍රයක් පමණක් නොවේ. සැබවින්ම එයින් ගම්‍ය වන්නේ භක්තිවාදී
ගුප්තාර්ථයකි.
ෆාගියන,් හියුංසාං ,ඊත්සිං, ඔඋ කොං සහ වෙනත් චීන වන්දනාකරුවන්,
ඔවුන්ගේ යුගයේ (ක්‍රි.ව 400 - 500) ඉන්දියානු ජනතාව බුදුවරුන්ගේ් සහ
බෝසත්වරුන්ගේ නම් රිද්මානුකූ®ලව පුනරුච්චාරණය කළේ සහ ඔවුන් වර්ණනා
කිරීමේදී ස්ත්‍රෝත්‍ර ගීතිකා ගායනා කොට අනාගත ගැලවුම්කාර දෙවියා හැටියට
මෛත්‍රීය බුදුන් කෙරෙහි බලාපොරොත්තු තැබූ බව වාර්තා කර ඇත. මිනිසාගේ
විමුක්තිය සහ සමෘද්ධිය පිණිස බුදුවරුනට යාතිකා කිරීමෙන්, මානව සංහතියට
යහපත සැලසීම මඟින්, මිනිසාට සේවාව කිරීම ඔස්සේ නිර්යාණය (නිර්වාණය)
සාක්ෂාත් කළ හැකි බව බෝධිසත්ත්ව දර්ශනයෙන් ඉගැන්විණ. සියලු සත්ත්වයෝ
බෝධි සත්ත්වයෝ ය. එනම් අනාගත බුදුවරු ය. මනුෂ්‍යත්වය වනාහී බුද්ධත්වය
පහසුවෙන් හඳුනා ගතහැකි ජීවිතේන්ද්‍රිය යි. සියලු සත්ත්වයෝ සුවපත්
වෙත්වා යි වන්දනා කිරීම බුද්ධ වන්දනාව යි. මානව සංහතිය කෙරෙහි පවත්වන
මිත්‍රත්වය (මෛත්‍රීය) බුද්ධ වන්දනාවට සාපේක්ෂව වෙයි. බෝධිසත්ත්ව
දර්ශනයේ සාර සංකල්පය එය යි.
ආධ්‍යාත්මික අවබෝධය හෙවත් ප්‍රඥාව සහ සර්වත්‍ර අනුකම්පාව හෙවත් කරුණාව
බෝධි සත්ත්වයකුගේ මූලික සදාචාරය යි. බෝධි සත්ත්වයා ප්‍රඥාව මගින් දුක්
පිළිබඳ දත යුතු සිල්ල්ල දනී. හෙතෙම කරුණාවෙන් සියලු ජීවින්ගේ
ස්වාධීනත්වය උදෙසා කැප වෙන්නට අදිටන් කර ගනී. බෝධිචරියා යනු
පාරාර්ථකාමිත්වය සමඟ බැඳුණු විශිෂ්ඨත්වය යි. බෝධි සත්ත්වයා ජීවින්ගේ
යහපත පිණිස බුද්ධත්වය ලබන්නට ශපථ කළ පුරුෂෝත්තමයෙකි. හෙතෙම නියත ලෙස
උපරිමයෙන් දානය, සීලය, ක්ෂාන්තිය, ධ්‍යානය, ප්‍රඥාව, උපාය කෞශල්‍යය ආදී
සදාචාරාත්මක හා ආධ්‍යාත්මික ගුණ ප්‍රගුණ කරයි. බෝධි සත්ත්ව යනු එක්තරා
ආකාරයක ගැලවුම්කාර දෙවියකි. හෙතෙම ආධ්‍යාත්මික මිතුරෙක් හෙවත් කල්‍යාණ
මිත්‍රයෙකි. මානව සංහතියේ ගැලවුම්කාර දෙවියෙකි. හෙතෙම ආධ්‍යාත්මිත
මිතුරෙක් හෙවත් කල්‍යාණ මිත්‍රයෙකි. මානව සංහතියේ සැබෑ ගුරුවරයෙකි. ඔහු
කරුණාවේ ප්‍රතිමූර්තියක් වෙයි. බෝධිසත්ත්ව තෙමේ දුක්විඳින සත්ත්වයන්ගේ
විමුක්තිය තුළ තමාගේ විමුක්තිය සොයන්නෙකි.
බෝධි සත්ත්වයා සිය විමුක්තිව හෙවත් බුද්ධත්වයට එළඹීම කල් දමන්නෙකි. ඒ
කුමක් නිසා ද? මනුෂ්‍ය ආත්මභාවයක් ලබමින් යළි යළිත් ඉපදී එමඟින් මානව
සංහතියට සේවාවක් කිරීමටත්, ඒ ඔස්සේ මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨත්වයට පත්
කිරීමටත් ය. ඔහු මානව සංහතියට සේවාවක් කිරීමටත්, ඒ ඔස්සේ මනුෂ්‍යත්වය
ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමටත් ය. ඔහු මානව සංහතිය දුකින් නිදහස් කර
ගැනීමට ශුද්ධ වූ ගිවිසුමකින් පොරොන්දු වී සිටී. ඒ නිසා තමන්ගේ රඳා
පැවැත්ම ඔහු මත වෙතියි මිනිස්සු සිතති. එබැවින් ඔහුට යාතිකා කරති.
කරුණාවෙන් පිරි ඉතිරි ගිය බෝධිසත්ත්වයා අසරණ භාවයට පත්වූවන් ඉන් මුදා
ගැනීමට හණික ඉදිරිපත් වෙයි. ඒ නිසා ඔහු පූජ්‍යත්වයට සුදුසු හෙයින්
ඔහුගේ බැතිමත්තු ඔහුට ප්‍රණාමය පුද කරති. මඤ්ජු ශ්‍රී, අවලෝකිතේශ්වර,
මෛත්‍රෙ ය ආදී බෝසත්වරු අත්‍යන්තයෙන් ජනපි‍්‍රය දේවතාවෝ ය. ඒ අනුව
සංස්කෘත භාෂාවෙන් ලියනලද සැලකිය යුතු භක්තිවාදී සාහිත්‍යයක් ඇත. චීන හා
තිබ්බතිය භාෂාවෝ මේ දිව්‍යමය බෝසත්වරුන් පිළිබඳ භක්තිවාදී ඇදහිල්ල මත
රඳා පවතින්නෝ ය.
ජනපි‍්‍රය බුදුදහම තුළ බුදුන් වහන්සේ උපරිතම තැන ගන්නා බව දකිනු හැකි
ය. බෞද්ධ දර්ශනය තුළ බුද්ධ සංකල්පය ලෝකෝත්තරය. එහෙත් බෞද්ධ ආගම තුළ
බුද්ධ සංකල්පය දයාව හා කරුණාවෙන් පිරී අත්‍යන්තයෙන් සර්වව්‍යාපි පුද්ගල
බද්ධ දෙවියෙකි. මේ බුදුහු විවිධ මානව ප්‍රතිභා පුර්ණ ආකෘතියෙන් පෙනී
සිටිමින් මානව සංහතියේ යහපත පිණිස විශිෂ්ට වූ දර්ශනයක් ඉදිරිපත් කරති.
බුදුවරුන් විෂයයෙහි අනේකත්වය පිළිබඳ මතයේ වර්ධනයත් සමඟ ඒ උතුමන්ගේ
සංඛ්‍යාව අසංඛ්‍ය වන අතර අචින්ත්‍ය ද වෙයි. ඇති සැටියෙන් ගතහොත් ඇත්තේ
එක ම එක මූලික බුදු කෙනෙක් පමණක් වෙති. බෝධිසත්ත්වරුන් වනාහි ඒ එකම
බුදුන්ගේ ආධ්‍යාත්මික පුත්තු ය. එබැවින් දත යුත්තේ මේ සමස්ත ලෝකය ඒ එක
ම බුදුන්ගේ ආත්මය බව යි. මේ නිසා තථාගත වන්දනාවේදී ඒ සියලු
බෝධිසත්ත්වරු සියලු සත්ත්වයනට සේවාව කරති. යම් කෙනෙකුට හැම කෙනෙකුට ම
දෙන්නට හැම දෙයක් ම වුවමනා වන්නේ නම් ඒ සියලු දේ ඔහුටත් වුවමනා ය.
යමෙක් අනෙක් අයගේ සම්පත් කෙරෙහි ද්වේශ සහගත වන්නේ්නම් ඔහුට බුද්ධත්වය
පිළිබඳ හැඟීමක් ඇති වන්නේ නැත. අන්අය අගය කරන්නට නොහැක්කේ මමංකාරයෙන්
පිරුණු විටය.
මෙවන් ස්වරූපයේ බුදුදහම තුළ සත්ත්වයෝ වනාහි ආධ්‍යාත්මික චරියාව පිළිබඳ
ක්ෂේත්‍රයේදී සුවිශේෂ වන්නෝ ය. බුදුන් වහන්සේ වනාහී සුපිරි මහේශයෝ ය.
උන්වහන්සේ සජීවි සත්ත්ව සන්තතියේ සොම්නසෙහිදී සොම්නස් වන්නෝ ද ඔවුන්ගේ
දොම්නසෙහිදී දොම්නස් වන්නෝ ද වෙති. ජනපි‍්‍රය මහායාන බුදුදහම භක්තිවාදී
හා ඊශ්වරවාදී ඔවුන්ගේ දොම්නසෙහි දී දොම්නස් වන්නෝ ද වෙති. ජනපි‍්‍රය
මහායාන බුදුදහම භක්තිවාදී හා ඊශ්වරවාදී වෙයි. අමිතාභ බුද්ධ ඇදහිල්ල
මුල් පෙළේ භක්තිවාදී පද්ධතියකි. බුදුන් පිළිබඳ ස්තෝත්‍ර ගායනය,
බුදුන්ගේ නම පුනරුච්චාරණය සහ ශ්‍රේෂ්ඨ බලාපොරොත්තු සහිතව බුදුන්ගේ මහා
කරුණාව පැතීම භක්තිවාදයේ ප්‍රධාන ලක්ෂණය යි. බුදුපිළිම පමණක් නොව බෞද්ධ
ඉගැන්වීම් අන්තර්ගත ලේඛක සහ තවත් එවන් පූජනීය වස්තු වන්දනාව ද පුරාතන
ඉන්දියානු තිබ්බත, මධ්‍යම ආසියා සහ චීන බෞද්ධයන් අතර වැඩි වැඩියෙන්
ජනපි‍්‍රය චාරිත්‍ර බවට පත්විය. ඉස්ලාමිය අනුගාමික තුර්කි ආක්‍රමණිකයන්
විසින් යටපත් කරන තුරු ඒ තත්ත්වය දිගටම පැවතිණ.
මහාබෝධි සියවස් සමරු සම්භාෂා සඟරාවේ පළවූ ආචාර්ය එල්.එම්. ජෝශිගේ
Faith and Devotion in Buddhism ලිපියේ පරිවර්තනයකි.
පරිවර්තනය -
නාරාවිල පැට්රික් |