| 
						 අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා 
						විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ 
						එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක 
						විනයාචාර්ය මහෝපාධ්‍යාය කවීශ්වර, අමුගොඩ සෝමරතන නාහිමියන් 
						හා අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ කෘත්‍යාධිකාරී, 
						දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, විශ්වකීර්ති ශ්‍රී, 
						ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 
						අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ එක්නැළිගොඩ විහාර 
						පාර්ශ්වයේ මහා නායක විමලකීර්ති ශ්‍රී පණ්ඩිත කුරුවිට 
						සරණංකර මහ නාහිමියන්ගේ උපාධ්‍යාත්වයෙන් සෙවණගල බහිරාවේ 
						පදිංචි කේ.පී. සඳුන් ශිවන්ත හා ජී. මහේෂ් කුමාර දරුවන් 
						දෙපල සෙවණගල සුමංගල, සෙවණගල සිරිනන්ද නමින් අමුගොඩ 
						ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ දී සසුන්ගත වූ අවස්ථාව. එම 
						අවස්ථාවට පිටිගල රතනමෝලි පිරිවෙනේ පරිවේණාධිපති කරව්වේ 
						විජයතිස්ස නාහිමියන් සහ යටියන සීවලි නාහිමියන් හා 
						බටුවන්හේනේ ධර්මමූර්ති හිමියෝද සහභාගි වූහ.  |