 
			ධම්මපද සැහැල්ල 
			බණ්ඩාර මඩුගල්ලේ  
			42 වන කොටස 
			
			 
			188. බහුං වෙ සරණං යන්ති – පබ්බතානි වනානි ච 
			ආරාම රුක්ඛ චෙත්‍යානි – මනුස්සා භය තජ්ජිතා 
			 
			බියෙන් තැති ගැනුණු අය – බියෙන් අත් මිදෙන්නට – ගස් ගල් ද වනපෙත් ද 
			නොයෙක් විට සරණ යති. 
			හිතවතුනි, ඔබේ සිත - නොසන්සුන් වෙලාවට – ගනු ලබන තීරණය – නිවැරැදි 
			නොවන්නේ ය. 
			 
			189. නේතං ඛො සරණං ඛෙමං - නේතං සරණමුත්තමං 
			නේතං සරණමාගම්ම - සබ්බ දුක්ඛා පමුච්චති. 
			 
			ගස් ගල් ද වනපෙත් ද - සරණ ගොස් පලක් නැත – දුකින් අත් මිදෙන්නට එයින් 
			පිහිටක් නොවේ. 
			හිතවතුනි, ලෝකයේ උතුම් දහමකින් මිස වෙනත් කිසිවකින් කිසි පිහිටක් 
			නොවන්නේ ..ය. 
			 
			190. යො ච බුඬඤ්ච ධම්මඤ්ච - සංඝඤ ච සරණං ගතො 
			චත්තාරි අරිය සච්චානි - සම්මප්පඤ්ඤාය පස්සති 
			 
			යම් කෙනෙක් තුණුරුවන් වැඳ සරණ ගියේ නම් – දිනෙක හේ සිව් සස් ද දැන ඉගෙන 
			ගන්නේ ය. 
			හිතවතුනි, තුණුරුවන් - සරණ ගිය තැනැත්තා දුකින් ගැළවෙන්නේ ය. නුවණත් 
			ලබන්නේ ය. 
			 
			191. දුක්ඛං දුක්ඛ සමුප්පාදං - දුක්ඛස්ස ච අතික්කමං 
			අරියඤ් චට්ඨංගිකං මග්ගං - දුක්ඛූපසමගාමිනං 
			 
			දුක දුකට හේතුවත් – නිවන නිවනට මගත් – අරි අටැඟි මහ මගත් – අරිසස් ම 
			වන්නේය. 
			හිතවතුනි, ලෝකයේ නියම මග හෙළි කරන ආගමක් නොවන බණ බුදු දහම වන්නේය. 
			 
			මතු සම්බන්ධයි. 
			   |