ධර්ම මන්දිරය විවෘත කිරීම
මල්වතු මහා නාහිමියන් අතින් 29 වන දා
කේ. බණ්ඩාරනායක
මහනුවර තල්වත්ත ගංගාරාම රජමහා විහාරයේ ඉදිකරන ලද ධර්මශාලාව,
විශ්‍රාමශාලාව සහිත සිවුමහල් මන්දිරය ජනවාරි 29 වෙනි දින සවස 2.30 ට
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ
සුමංගල මහ නාහිමියන් අතින් විවෘත කැරේ.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර අනුනා
හිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමිවරු ප්‍රධාන
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ප්‍රධාන ඇමැති සරත් ඒකනායක,
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු ප්‍රධාන මැති ඇමැතිවරුන්
රැසක් එම උත්සවයට සහභාගි වෙති.
ගංගාරාම රාජ මහා විහාරයේ භාරකාර මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ
සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික සංඝරාජ පරිවෙනාධිපති නැහැනිවල පියදස්සි
හිමියන්ගේ මූලිකත්වයෙන් උත්සවය සංවිධානය කෙරේ. |