Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 “ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ පින්කම් මාලාවක්

බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ, සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි දී 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිළිවෙත් මඟ සරු කරන වැඩසටහන් මාලාවක් සංවිධානය කොට තිබේ. ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සංවිධානය කෙරෙන එම බොහෝ වැඩසටහන් ආරම්භ වූයේ පසුගිය වසර කීපයක සිටය. මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීම පෙබරවාරි 05 දා සිදුකෙරේ.

මෙහිදී ගවයන් දහයකට වැඩි ප්‍රමාණයක් එකවර නිදහස් කෙරේ. එමෙන්ම වැඩිහිටි මෑණිවරුන්ට සහ පියවරුන්ට සිල්රෙදි සහ ඖෂධ ලබාදීමේ සත්කාරයද 2011 පෙබරවාරි 05 දින සිදුකිරීමට කටයුතු යොදා ඇත.

ලේ දන්දීම සහ වෛද්‍ය සායනය, 2011 මැයි 01 දා දවස පුරා පැවැත්වේ. ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ මෙහෙයවන මාසික තරුණ දහම් හමුව 2011 ජනවාරි මස 30 වන ඉරිදා සවස 3 සිට 6 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහන සෑම මසකම අවසන් ඉරිදා සවස එම වේලාවටම පැවැත්වේ.

ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් කරන ධර්ම දේශනා ඇතුළත් ධර්ම ග්‍රන්ථයක් සෑම පුර පසළොස්වක පොහෝදා දිනකම, ධර්ම දානය ලෙස උපාසක උපාසිකාවන් වෙත ලබාදෙනු ලැබේ. එය සදහම් සෙනසුනෙහි ප්‍රඥා ප්‍රභා සංවිධානයේ ප්‍රකාශනයකි. ආචාර්ය, මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ මෙහෙයවන භාවනා වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම උදේ 7.00 සිට 9.30 දක්වා පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.