| 
					 
					  
					- 39 වන කොටස  | 
				 
			 
			 
			බණ්ඩාර මඩුගල්ලේ 
			
			  
			176 ඒකං ධම්මං අතීතස්ස - 
			මුසාවාදිස්ස ජන්තුනො 
			විතිණ්ණ පරලෝකස්ස -  
			නත්ථි පාපං අකාරියං 
			 
			ගුණ දහම් නොසලකා, බොරු කියන දුදනකුට, ලෝකයේ නොකළ හැකි, පාපයක් 
			නැත්තේ...ය.... 
			හිතවතුනි, බොරු කියන, දනන්ගෙන් වෙන් වන්න, ඔවුහු මේ ලෝකයට විපත් ගෙන 
			දෙන්නේ...ය... 
			 
			177 න වෙ කදරියා දේවලොකංවජන්ති – 
			බාලා හවේ නප්පසංසන්ති දානං 
			ධිරො ච දානං අනුමොදමානො -  
			තෙනෙව සො හොති සුඛි පරත්ථ 
			 
			මසුරු වූ තැනැත්තෝ, දෙව් ලොවේ නූපදිති, සැදෑනැති තැනැත්තෝ, කිසි දිනෙක 
			දන් නොදෙති, නැණැත්තෝ දන් පුදති. දෙලොවේ ම සැප ලබති. අන්තිමේ අමා මහ 
			නිවන් සම්පත් ලබති. 
			හිතවතුනි, ඔබට හැකි පමණකින් දන් දෙන්න. එවිට මේ ලෝකයා ඔබට හිස නමනු ඇත. 
			 
			178 පථව්‍යා එක රජ්ජේන - 
			සග්ගස්ස ගමනේන වා 
			සබ්බ ලෝකාධිපච්චේන -  
			සෝතාපත්ති ඵලං වරංති 
			 
			මනු ලොවෙත් දෙව් ලොවෙත්, රජ පදවියට වඩා, සෝවාන් මග ඵලින්, සැනසීම උතුම් 
			වේ. 
			හිතවතුනි, ධනයකින්, හිතට සැනසුම් නොඑයි. තිදොර සංවර වුණොත් සැනසීම අත 
			ළඟය.... 
			 
			මතු සම්බන්ධයි  |