ධම්ම පද සැහැල්ල - 38 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
172. යො ච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡා සො නප්පමජ්ජති.
සො ඉමං ලොකං පභාසේති – අබ්භා මුත්තො ව චන්දිමා
පමා වූ තැනැත්තා, නොපමාව සිටී නම්, ඔහු පුරා සඳ පරිදි, ලොව
බබළවන්නේ...ය.
හිතවතුනි, නැණැත්තා, ලොව බබළවන්නේය. ඒ සමඟ නිසැකවම ඔහු ද
බැබළෙන්නේ...ය...
173. යස්ස පාපං කතං කම්මං - කුසලෙන පිථීයති
සො ඉමං ලොකං පභාසෙති – අබ්භා මුත්තො ව චන්දිමා
අකුසලය වැසෙන සේ, කුසල් රැස් කරන්නා, පුරා සඳ පරිද්දෙන්, ලොව
බබළවන්නේ...ය...
හිතවතුනි, වැරැදි අඩු, තැනැත්තාගෙන් ලොවට, සේවයක් වන්නේ ය. එළියක්
ලැබෙන්නේ...ය...
174. අන්ධ භුතො අයං ලොකො - තනුකෙත්ථ විපස්සති
සකුන්තො ජාලමුත්තො ච – අප්පොසග්ගාය ගච්ඡති.
ලොව වෙසෙන මෝඩයෝ - අනුවණින් වැසී ඇත. දැලට වන් සතුන් මෙන් මිදෙන්නේ ටික
දෙනෙකි.
හිතවතුනි, නුවණැතිව, ජීවිතය ගෙන යන්න. එසේ නැතහොත් නිතර දුක් විපත් ළඟා
වේ.
175. හංසාදිච්චපථෙ යන්ති – ආකාසෙ යන්ති ඉද්ධියා
නීයන්ති ධීරා ලොකම්හා - ජෙත්වා මාරං සවාහිනිං
රහත් පෙළ හංසයන් - මෙන් අහස්හී වඩිති – පස් මරුන් පැරදවූ - නිසා නිවට
වඩිති.
හිතවතුනි, දිරි ගන්න, නොකළ හැකි දෙයක් නැත. අලස වුවහොත් ඔබට කිසි දෙයක්
කළ නොහැක.
මතුසම්බන්ධයි.
|