37 වන කොටස
ලෝක වග්ගය
බණ්ඩාර මඩුගල්ලේ
167 හීනං ධම්මංන සේව්‍යෙය – පමාදෙන න සංවසෙ
මිච්ජා දිට්ඨිං න සෙවෙය්‍ය - න සියා ලෝක වට්ඩනෝ
වැරැදි අවබෝධයෙන්, කාමයෙන් පමාවෙන්, සසර මඟ දික් කෙරෙන, පව් සිදු
කෙරෙන්නේ...ය...
හිතවතුනි, තුන් දොරින්, සුසංවර විය යුතු ය. ඒ අනුව ටිකෙන් ටික වැරැදි
අඩු වන්නේ...ය....
168 උත්තිට්ඨෙ නප්පමජ්ජ්‍යෙය – ධම්මං සුචරීතං චරෙ
ධම්මචාරී සුඛං සෙති – අස්මිං ලොකෙ පරම්හි ච
අනලස්ව නොපමාව - සුචරිතෙහි හැසිරෙමින්, දැහැමි සේ වෙසෙන්නා දෙලොව ම
දිනන්නේ....ය....
හිතවතුනි, අලස නැති, පුරෝගාමී කෙනෙක්, දෙලොව හැම තැනකදීම නිතරම
දිනන්නේ...ය....
169 ධම්මං චරෙ සුචරිතං - න නං දුච්චරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති – අස්මිං ලොකෙ පරම්හි ච
දුචරිතෙහි නොහැසිරී, සුචරිතෙහි හැසිරෙන්න. සුචරිතෙහි යෙදන්නා,
දෙලොවෙහිම සැප ලබයි.
හිතවතුනි, දැහැමි ලෙස, ජීවිතය ගෙවන්නා කිසි දිනෙක කිසි විටෙක දුකක්
නොවිඳින්නේ ය.
170 යථා බුබ්බුලකං පස්සෙ - යථා පස්සෙ මරිචිකං
ඒවං ලොකං අවෙක්ඛන්තං - මච්චු රාජා න පස්සති
බිඳෙන බුබුලක් ලෙසින්, සහ මිරිඟුවක් ලෙසින්, ලොව දකින තැණැත්තා, මරුට
නොපෙනෙන්නේ....ය....
හිතවතුනි, අනිස ලෙස, ලොව දකින තැණැත්තා, සංවරව ඉන්නේය. විපතින්
මිදෙන්නේ.....ය....
171 ඒථ පස්සථි මං ලොකං - චිත්තං රාජ රථුපමං
යත්ථ බාලා විසීදන්ති – නත්ථි සංගෝ විජනතං
මෙලොව හරි විසිතුරු ය- රාජ රථයක් වැන්න - මෝඩයෝ මුලාවෙති, නැණැත්තෝ
නොරැවටෙති.
හිතවතුනි, ලෝකයේ, ඇත්ත ඇති සැටි දකින, තැණැත්තා හැම විටම, සැනසුමින්
දිවි ගෙවයි.
මතු සම්බන්ධයි
|