කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාම ගී‍්‍ර
ධර්ම මහා සංඝ සභාවේ මහානායක බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ
නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ රජමහා විහාර මංගල
උපෝසථාගාරයේ දී කුලදරුවන් විසිපස් දෙනකු පැවිදි බිමට පත්
කිරීමේ පින්කමක් පැවැත්විණි. 2600 ශ්‍රී සම්බුද්ධත්ව
ජයන්තිය නිමිත්තෙන් එම පැවිදි කිරීමේ පින්කම සිදු කැරුණු
අතර එම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපති මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි ඉත්තෑපාන ධම්මාලංකාර අනු
නා හිමි, මාදිවෙල චන්දවිමල නා හිමි මාදුළුවාවේ සෝභිත හිමි
කරන්නාගොඩ අමරවංශ නාහිමි, අලුත්නුවර අනුරුද්ධ නාහිමි ඇතුළු
සම්භාවනීය මහ සඟරුවනද බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය
ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක්
ද සහභාගි වූහ. එහිදී බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන්
විසින් දරුවකු පැවිදි බිමට පත් කළ අවස්ථාව. |