අතුරලියේ ආනන්ද හිමි ජන්ම සමරුවට පින්කම්
			
			 
			ගල්කිස්ස දක්ෂිණාරාමය දික්වැල්ල අශෝකාරාමය යන උභය විහාරාධිපති අතුරලියේ 
			ආනන්ද නාහිමියන්ගේ අඩසිය වසක ජන්ම සැමරුම සිහිපත් කරමින් දිගාසිරි 
			පැතීමේ පින්කම් මාලාවක් දෙසැම්බර් 24, 25, 26 දිනවල දක්ෂිණාරාමයේ දී 
			සිදුකෙරේ.  
			24 දින සවස 6.00 ට අටවිසි බුද්ධ පූජාව, හා බෝධි පූජාවද, 24 දින රාත්‍රී 
			7.00 ට ආශිර්වාද දම් දෙසුම පන්නිපිටිය දෙපානම දෙව්රම් මහා විහාරාධිපති 
			කොළොන්නාවේ සිරි සුමංගල අනුනා හිමියන් විසින් ද, 25 නාහිමි ජන්මදින සවස 
			6.00 ට පහන් පූජාව හා අටවිසි බුද්ධ පූජාව සහිත බෝධි පූජාවද, 25 
			රාතී‍්‍ර 7.00 ට දම් දෙසුම රත්මලාන රත්නාරාමාධිපති තර්ස්ටන් විද්‍යාලයේ 
			නියෝජ්‍ය විදුහල්පති දර්ශනපති සූරියගොඩ සිරිධම්ම නාහිමියන් විසින්ද, 25 
			රාත්‍රී 8.00 ට පාසල් දරු දැරියන් 50කට පොත් හා ලිපි ද්‍රව්‍ය ප්‍රදානය 
			කිරීමද , 26 වන සුනාමි දින දහවල් 11.00 ට අර්ධ ශතාධික මහ සඟරුවනට 
			සපිරිකර දානය පිරිනැමීම, වැඩ සිට අපවත් වූ නාහිමිවරුන්ට හා සුනාමියෙන් 
			මියගිය පිරිසට පින් පැමිණවීමද, 26 දවල් 12.15 ට රෝද පුටු පරිත්‍යාග 
			කිරීම හා මරණයට නියම වූ ගවයින් නිදහස් කිරීමද සිදු කැරේ.  |