උඳුවප් පෝදා පින්කම් 
			ශ්‍රී සම්බෝධි විහාරයේ බෞද්ධයා නාලිකාවේ උඳුවප් පෝදා පින්කම්
			
			 
			 
			කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ උඳුවප් පසළොස්වක පොහොය පින්කම් මාලාව මෙසේ 
			ය. පෝදා අලුයම 06.00 ට කිරි ආහාර පූජාව සමඟින් ‘බෞද්ධයා’ විකාශනය ආරම්භ 
			වීම. 
			පෙරවරු 06.00 – 07.00 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා 
			අනුශාසනාව, බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති ශ්‍රී සම්බෝධි 
			විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නා හිමි. 7.30 – 8.00 
			හීල් දානය පිරිනැමීම. කුලසූරිය මහතා ඇතුළු පවුලේ සැම විසිනි. ගිලන්පස 
			පිරිනැමීම, සී/ස. සුසිකෝ බේකර්ස් පෞද්ගලික සමාගමේ අධිපතිතුමන් ඇතුළු 
			පවුලේ සැම සහ කාර්ය මණ්ඩලය විසිනි. 08.00 – 09.30 ධර්මදේශනය හා 
			බුද්ධානුස්සති භාවනාව, පිළියන්දල වෑවල පල්ලියපාරේ සිරි සද්ධර්මාලෝක 
			ධර්ම නිකේතනාධිපති පිටිගල ගුණරතන හිමි. 10.00 – 11.00 ධම්සභා මණ්ඩපය 
			මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, තලල්ලේ චන්දකිත්ති හිමි, මෙහෙයවීම, බෞද්ධයා 
			නාලිකාවේ ප්‍රවීණ මාධ්‍යවේදී ශෂික ජයතිලක මහතා, 11.00 – 11.30 ව්‍යංජන 
			තිස් දෙකකින් සමන්විත සම්බුදු පූජාව, 11.30 – 12.30 දහවල් දානය 
			පිරිනැමීම, නලින් රත්නායක මහතා සහ එම මහත්මිය ඇතුළු පවුලේ සැම විසිනි. 
			පස්වරු 12.30 – 01.00 කෘතිම පාද පිරිනැමීම, රණවිරුවන් සඳහා කෘත්‍රිම 
			පාද සහ රෝදපුටු පිරිනැමීම ශ්‍රී සම්බෝධි මහ විහාරයේ දී, මරණයට කැපවූ 
			ගවයන් නිදහස්කර අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදාදීම හා ආබාධිතයන් සඳහා 
			කිහිලිකරු හා රෝදපුටු පරිත්‍යාග කිරීම පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ හා 
			නිල ඇඳුම් සඳහා රෙදිපිළි ලබාදීම පාසල් සිසුවියන් සඳහා පාවහන් ලබාදීම 
			සනීපාරක්‍ෂාව සඳහා ආයතනවල ප්‍රයෝජනයට වතුර පෙරන ලබා දීම, සාමනේර 
			ස්වාමීන් වහන්සේලා සඳහා පිරිවෙන් අධ්‍යාපන පොත් පූජා කිරිම ප්‍රදේශයේ 
			අසරණ රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍යවරු විසින් වෛද්‍ය සායනය පැවැත්වීමේ 
			ප්‍රජා සත්කාරක උත්සවය දිවිතුර අගලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 
			දෙසැම්බර් 26 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.  
			මාධ්‍ය සත්කාරය බෞද්ධයා රූපවාහිනී නාලිකාව මඟිනි. 1.00 – 2.00 ධම්සක් 
			පැවැතුම් සූත්‍ර දේශනාව, මොණරාගල ශික්‍ෂාතර පරිවෙනාධිපති කළුබෝවිටියන 
			ගුණානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව, වරායායේ සමිත හිමි, 3.00 – 
			3.30 ගිලන්පස පිරිනැමීම, සී/ස සුසිකෝ බේකර්ස් පෞද්ගලික සමාගමේ 
			අධිපතිතුමන් ඇතුළු පවුලේ සැම සහ කාර්ය මණ්ඩලය විසිනි. 3.30 – 04.30 
			ධර්ම දේශනය මිරහවත්තේ පඤ්ඤාසිරි, 04.30 – 05.00 සත්බුදු පූජාව හා සිල් 
			පවාරණය, කළුබෝවිල සමාධි විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමි. 
 
			 
			කතරගම කිරිවෙහෙර
			
			ඊ.එච්. සෝමපාල 
			කතරගම විශේෂ 
			 
			කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී උඳුවප් පෝදා දවසපුරා පින්කම් 
			රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක 
			කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත 
			නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. 
			එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස 
			කිරි ආහාර පූජාව හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා බෞද්ධ 
			කොඩි 330 ක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. භාවනා වැඩසටහන චෛත්‍යය 
			මළුවේදී පැවැත්වේ. 
			උදේ ධර්ම දේශනාව කළුතර නාගොඩ භික්ෂු නිකේතන විහාරාධිපති පාදුක්කේ 
			සද්ධාධජ නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ. 
			සවස කතරගම කිරිවෙහෙර ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතියේ සංඝමිත්තා පෙරහර 
			කිරිවෙහෙර රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී නැවත කිරිවෙහෙර රජමහා 
			විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතු පැවැත්වේ. කිරිවෙහෙර මහාසේන සිල් 
			සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් 
			වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීම බෝධීන්වහන්සේ සුවඳ පැණින් 
			නෑවීමෙන් අනතුරුව අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහ විහාරවාසී 
			මිද්දෙණියේ උදිත හිමියන් විසින් බෝධිපූජාව පවත්වා ශ්‍රී‍්‍ර ලංකාවාසී 
			සැමට සෙත්පැතීම සිදුකෙරේ. 
			කිරිවෙහෙර 3වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව 
			රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම 
			ශාලාවේදී පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, 
			කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, මහාසේන සිල් සමිතිය 
			ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් 
			සංවිධානය කර ඇත. 
 
			 
			 
			 
			අනුරාධපුර මහා විහාරය
			
			 
			මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම 
			දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා 
			පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත 
			ශාලාවේ දී උඳුවප් පෝදා පැවැත්වෙන මහා විහාර පොහොය වැඩසටහන මෙසේ ය. 
			පුන් පෝ දින පෙරවරු, 06.00 – 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල 
			සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.05 මහාවිහාර සන්නිපාත 
			ශාලාව අසල දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන 
			සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අතින් ගවයකුට අභය දානය 
			ලබාදීම. 08.05 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ආචාර්ය පල්ලේගම 
			සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය, 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 
			10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ 
			බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව 11.00 – ප.ව. 12.30 දවල් දානය, විවේකය 
			සහ පුණ්‍යානුමෝදනාව, ප.ව. 12.30 – 02.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී 
			ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා, 04.00 
			– 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය, 05.15 – 06.00 
			මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනාව, 06.00 – 06.30 බෝධි පූජාව සඳහා 
			සූදානම් වීම, 06.30 – 07.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි 
			පූජාව, 07.30 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 08.30 – 
			09.30 භාවනා, 09.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින, 
			පෙ.ව. 05.00 – 05.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 05.30 – 06.00 
			හීල් දානය සඳහා විවේකය, 06.00 – ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් 
			පවාරණය සිදු කැරේ.  
			පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පොහෝ දා දම් සභාව
			
			 
			මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් 
			වහන්සේගේ අනුශාසනා පරිදි පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුව මඟින් යොවුන් 
			දූ දරුවන්, වැඩිහිටියන් උදෙසා ඉල් පුන් පොහෝ දා පවත්වනු ලබන පින්කම් 
			මාලාව මෙසේ ය. පෝදා පෙරවරු. 06.00 – 07.00 දක්වා අෂ්ඨාංග උපෝසථ සීලය 
			සමාදන් වීමෙන් අනතුරුව දිය නුමුසු කිරිපිඬු බුද්ධ පූජාව පැවැත්වේ. 
			අනතුරුව ජයමංගල ගාථා සජ්ඣායනා කැරේ. පෙරවරු 08.00 – 09.30 සූත්‍ර 
			දේශනාවක් අනුසාරයෙන් පවත්වනු ලබන ධර්ම දේශනය මහමෙව්නාවේ ස්වාමීන් 
			වහන්සේ නමක් විසින් මෙහෙයවනු ලැබේ. 09.30 අනුස්සති භාවනාව සිදුකර 10.30 
			– 10.45 බුදු ගුණ සිහිකොට පැමිණි පිරිස සමඟින් දහවල බුද්ධ පූජාව 
			පැවැත්වීම, පස්වරු 12.30 – 01.00 සූත්‍ර සජ්ඣායනාව. ප.ව. 1.00 – 02.30 
			ධර්ම දේශනය මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදු කරේ. 02.30 – 
			3.00 විදර්ශනා, 03.15 – 04.00 ධර්ම සාකච්ඡාව, 05.00 – 07.00 
			සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා සම්බුද්ධ පූජාව පැවැත්වීම. සවස 07.30 – 
			09.00 ධර්ම දේශනය, රාත්‍රී 09.00 – 10.00 පිරිත් සජ්ඣායනා කිරීම පසුදින 
			අලුයම 05.00 – 06.00 සිල් පවාරණය සහ කෙටි ධර්මානුශාසනාවක් සිදු කැරේ. 
 
			 
			කුප්පියාවත්තේ ජයශේඛරාරාමය
			
			 
			කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාමයේ දී උඳුවප් පුර පසළොස්වක 
			පොහෝ දා, ‘සවනක් රැස්’ සජීවී විකාශනයේ ශීල, භාවනා, ධර්ම දේශනා ධර්ම 
			සාකච්ඡා මාලාවක් සල්පිටි හේවාගම් දෙකෝරළයේ, ප්‍රධාන අධිකරණ සංඝනායක, 
			ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන 
			අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ 
			සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. 
			එදින පෙරවරු 06.00 – 06.20 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, 
			ජයශේඛරාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමි, 06.20 – 
			07.00 බුද්ධ වන්දනාව හා බෝධි වන්දනාව පල්ලේකුඹුරේ, සෝමරතන හිමි, 07.00 
			– 08.00 භාවනාව කොරතොට වෙස්සභූ හිමි, 08.00 – 09.00 ට ධර්මදේශනාව 
			විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 09.00 – 10.00 ජනාධිපති 
			මන්දිරයේ සිට ප්‍රචාරය වන ධර්ම දේශනාව, 10.00 – 10.30 සම්බුද්ධ පූජාව 
			මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 10.30 – 12.00 ට ධර්ම සාකච්ඡාව 
			මාවරලේ භද්දිය හිමි, 12.30 – 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස 
			පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1.00 – 02.00 දක්වා විහාරස්ථ 
			උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම, 02.15 – 03.00 භාවනා වැඩසටහන 
			තලල්ලේ සිරි මහින්ද නාහිමි, 03.30 – 04.30 ධර්ම දේශනාව කොරොස්නේ මහින්ද 
			හිමි, 05.00 සංඝමිත්තා මෙහෙණින් වහන්සේ උදෙසා මල් පහන් පූජාව 06.00 
			සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නා හිමි, 07.00 – 07.30 මල් පහන් ගිලන් 
			පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ගලබඩ 
			අත්තේ ඤාණසාර හිමි, රාත්‍රී ධර්මදේශන. 
 
			 
			කළුතර බෝධිය
			
			 
			කළුතර බෝධි පරිශ්‍රයේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් උඳුවප් 
			පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. 
			පෝදා පෙරවරු 6.30 - 7.30 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 
			මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 8 - 11 දහම් දෙසුම වතුරුගම නන්දසිරි 
			හිමි 11.15 - 11.30 අභයදාන පින්කම හා ඒ පිළිබඳ අනුශාසනාව ගැටඅරළුවේ 
			විපුලධම්ම හිමි, 
			පස්වරු - 1 - 2.30 දහම් දෙසුම කහගොල්ලේ සෝමවංශ නාහිමි, 2.45 - 3.45 
			දහම් දෙසුම මොරකැටිආරේ ධම්මික හිමි, 4 - 5 දහම් දෙසුම කොස්ගම උපරතන 
			හිමි, 5.35 - 6.30 දහම් දෙසුම පරගස්තොට සුධම්ම හිමි, 7 - 8.30 ධර්මාර්ය 
			කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව. 
 
			 
			සිරි සුදස්සනාරාම 
			සදහම් සෙනසුන
			
			 
			බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී පැවැත්වෙන උඳුවප් පෝදා 
			පින්කම මෙසේ ය. 
			පෝදා උදේ 6 – 7 සීල සමාදානය සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික 
			නාහිමි, උදේ 08.30 – 09.30 භාවනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 
			උදේ, 09.30 – 10.45 අනුශාසනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, පස්වරු 
			12.30 1.00 සූත්‍ර සජ්ඣායනාව අලුත්වෙල ධම්මසති හිමි, පස්වරු, 1.00 – 
			2.00 අනුශාසනාව ශාස්ත්‍රපති උනින්දුවෙල සුමනසාර හිමි, පස්වරු 2.00 – 
			3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කරපුටුගල ධම්මසිරි හිමි පස්වරු 04.00 – 
			5.00 භාවනාව, වල්ගම ධම්මවිහාරී හිමි පස්වරු 5.00 – 6.00 අනුශාසනාව සහ 
			පවාරණය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි. 
 
			 
			හෝකන්දර උතුර
			
			 
			හෝකන්දර උතුර පුරාණ විහාරස්ථ කාර්ය සාධක සමිතිය මගින් පොලොම්මාරුවේ 
			හේමාලෝක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි උඳුවප් පොහෝදින සිට සෑම පසළොස්වක 
			පොහෝ දිනකම ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුලු සෑම දෙනාම සහභාගි කරවා සීල 
			සමාදාන පින්කමක් පවත්වා ගෙන යාමට කටයුතු සංවිධානය කර ඇත. 
 
			 
			මහරගම සිරිවජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන
			
			 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී උඳුවප් පෝදා පැවැත්වෙන තරුණසීල 
			සමාදාන වැඩසටහන මෙසේ ය. 
			පෝදා පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පණ්ඩිත 
			ශාස්ත්‍රපති හක්මන සුමනසිරි මාහිමි, 8 –9 භාවනාව, වැලිමඩ පසන්නමානස 
			හිමි, 9 – 10 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද මාහිමි, 10.00 – 10.15 
			පරෝපකාර සංග්‍රහය ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය 
			අනුරුද්ධ හිමි. පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 
			12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලාදේශයේ සංඝරක්ඛිත හිමි, 1.00 – 
			02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 2.00 – 
			03.00 වෙසෙසි දෙසුම රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ආචාර්ය 
			චමින්ද පී ගමගේ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව මෙදේරිපිටියේ චන්ද්‍රවංස 
			නාහිමි, 04.15 – 5.00 ධම්මපදය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 05.00 – 06.00 
			ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 06.00 – 06.30 බෝධි පූජාව 
			මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි. 
 
			 
			බොරැල්ලේ ගෝතමී විහාරය
			
			 
			බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරයේ පැවැත්වෙන උඳුවප් පෝදා සීල සමාදාන 
			වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 06.00 ට උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා 
			අනුශාසනාව ඤාණික්කුලමේ ධම්මපාල හිමි, 06.30 ට සම්බුද්ධ පූජාව 08.15 
			භාවනාව මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි පෙ.ව. 09.30 බුදුසරණ පුවත්පත 
			බෙදාදීම හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් විසිනි. 10.00 ට 
			ධර්මදේශනාව පොල්ගම්පල සුධම්මවංස හිමි පස්වරු, 01.30 ධර්මදේශනාව 
			අම්බුලුගල සුමංගල හිමි, 03.00 ධර්මදේශනාව ඤාණික්කුලමේ ධම්මපාල හිමි, 
			04.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති වහුමුවේ විජයවංස නාහිමි සවස 06.00 
			අටවිසි බුද්ධ පූජාව දොළොස්බාගේ සාන්තනාග හිමි. 
			ඉරිදා, සඳුදා, බදාදා, සිකුරාදා සැමට සෙත්පතා සවස 06.30 ට පිරිත් 
			සජ්ඣායනාව ගෝතමී විහාරාධිපති තෙල්වත්තේ නාගිත හිමියන් විසින් සිදුකරනු 
			ලබයි. 
 
			 
			බෙලිගල
			
			 
			බෙලිගල රජ මහා විහාරස්ථානයේ දී උඳුවප් පෝය දින දවස පුරා දාන ශීල භාවනා 
			පින්කම් මාලාවක් දම්මල ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.  
			සිල් රෙදි බෙදාදීමක්
			 
			කඹුරුපිටියේ මාකඳුර ශ්‍රී පුෂ්පාරාමයේ උඳුවප් පෝය දින සිල් සමාදන් වන 
			උවැසි උවැසියන් සඳහා දානය පිරිනැමීමෙන් අනතුරුව, සිල් රෙදි බෙදාදීමේ 
			පින්කමක් මාකඳුරේ බැරගම පදිංචි බී.ජී. ධර්මසිංහ සහ සුවිනි පතිරන යන 
			මහත්ම මහත්මීන්ගේ ධන පරිත්‍යාගයෙන් පවුලේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් 
			සිදුකැරේ.  
			මිය ගිය ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම එහි මූලික අරමුණ වේ. 
			
			   |