උඳුවප් පොහොය අසිරිය
ප්‍රේමසර ඈපාසිංහ
2010
වසරේ අවසන් පොහොය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 20 වන සඳුදා උදාවේ.
මෙරට වෙහෙර, විහාර, උවැසි, උවැසියන්ගෙන් පිරී ඉතිරී යයි. සිල් සුවඳ දසත
විහිදේ. ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, භාවනා ගිළනුන්ට උපස්ථාන කිරීම්,
දන්දීම් අසරණයන්ට පිහිටවීම්, ශ්‍රමදාන, සමාජසේවා ආදී කාර්යයන්හි
නිරතවන, ජනතාව මෙදින ඉතාමත් විනයගරුකව දැහැමි ක්‍රියාවන්හි යෙදේ. පිනටම
කැපවුණ දිනයකි උඳුවප් පොහොය. පස් පවෙන් වැළකීමට මුල්තැන දේ. සැම සිත්
තුළ ශාන්ත සිතිවිලි පහළවේ.
උඳුවප් පෝය ගෙතී ඇත්තේ අසෝක අධිරාජ්‍යයාණන්ගේ උතුම් දියණිය සංඝමිත්තා
මහරහත් මෙහෙණිය, ශ්‍රී ලංකාවේ මෙහෙණි සස්න, ජයසිරි මහ බෝ සමිඳු හා
සිංහලයාගේ ප්‍රථම රාජධානිය වූ අනුරාධපුරය වටාය. විශේෂයෙන්ම ශ්‍රී
ලාංකේය කාන්තාවන්ගේ විමුක්තිය උදාකරමින් සිංහල, බෞද්ධ මාතෘත්වය
වටිනාකම, අගය ලොවට පසක් කළ ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස උඳුවප් පෝය
හැඳින්විය හැකි ය.
එදා පොසොන් පොහෝදා, මිස්සක පව්වෙන් ගුවනට මුසුවුන ඒ මධුර මනෝහර
“සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා, තමෙව අනුකම්පාය – ජම්බුදීපා
ඉධාගතා” ගාථාව මඟින් සිරිලකට, උතුම්ම ධර්මදානය හිමිවුණි. අනුබුදු
මහරහත් හිමිපාණන් විසින් ශ්‍රී ලංකාව, සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කළ සේක.
උඳුවප් මහේ, තම සොහොයුරිය, සඟමිත් තෙරණියන්ගේ ප්‍රධානත්වයෙන්, අනුලා
බිසව් ප්‍රධාන සිංහල කාන්තාවන් හට සසුනට ඇතුළත්වීමට ඇවැසි මෙහෙණි සස්න
පිහිටුවාලීය. එම හේතුව නිසා අප බෞද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් පොහොයක් ලෙස
උඳුවප් පොහොය සැලකේ.
සංඝමිත්තා උත්තමාව ආදර්ශ සම්පන්නය. ඇය, ප්‍රසන්නය. රජගෙදරක ඉපිද සියලු
සැප සම්පත් විඳි සංඝමිත්තාවෝ නිසි වයසට පත්වුණු විටදී, අසෝක
අධිරාජ්‍යයා විසින් අග්නි බ්‍රහ්ම නම් කුමාරයාට විවාහ කර දුන්නේ ය. අප
බෞද්ධ සාහිත්‍යයේ හමුවන නකුලමාතා - නකුල පීතා මෙන් සංඝමිත්තා කුමරි හා
අග්ගිබ්‍රහ්ම කුමරුන් ඉතා වාසනාවන්ත ගිහි ජීවිතයක් ගත කළහ. මෙම යුවලට
සුමන නම් පුණ්‍යවන්ත කුමරෙකු ලැබිණ. කාලයාගේ ඇවෑමෙන්, අසෝක
අධිරාජ්‍යයාගේ ධර්මවිජය ප්‍රතිපත්තිය මඟින් බුදුදහම ව්‍යාප්ත කෙරුණු
අතර වෙහෙර විහාර සුවාසු දහසක් පමණක් නොව, දෙනෙත්වන් දරුවන් මහින්ද
සංඝමිත්තා, අග්ගිබ්‍රහ්ම, පස් හැවිරිදි සුමන කුමරුද සසුන් ගතවූහ.
ආයුපාලී නම් මහරහත් මෙහෙණින් වහන්සේ ආචාර්යත්වයෙන් හා ධම්මපාලී නම්
මහරහත් මෙහෙණිගේ උපාධ්‍යයත්වයෙන් සඟමිත් කුමරිය, භික්‍ෂුණී ශාසනයේ
පැවිදි වූවාය. නොබෝ දිනකින්ම සඟමිත් තෙරණි සියලු කෙලෙසුන් නසා උතුම් වූ
රහත් ඵලයට පත්වූවාය.
ඉන්දියාවේ මෙම සිද්ධිදාමයන් මෙසේ සිදුවෙද්දී, ශ්‍රී ලංකා කාන්තාවන්,
අනුලා, දේවියගේ ප්‍රධානත්වයෙන් සසුනට ඇතුළත්වන්නට ඇවැසි බව, දෙවනපෑතිස්
නරනිඳුනට දන්වා සිටියහ. 21 වන පිටුවට
|