ධම්මපද සැහැල්ල - 36 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
162 යස්ස අච්චන්ත දුස්සීල්‍යං - මාලුවා සාලමිවෝතතං
කරොති සො තථත්තානං -යථා නං ඉච්ඡති දිසෝ
“ මාලුවා “ වැල එතුණු සල් ගස ද ඇද වැටෙයි – පව්කාර සිතිවිල්ල –ජීවිතය
නැති කරයි...
හිතවතුනි, තමාගේ අයහපත් සිතිවිල්ල තමාට ම අයහපත ළඟා කර දෙන්නේය.
163. සුකරානි අසාධුනි – අත්තනො අභිතානි ච
යං වේ හිතඤ්ච සාධූඤ්ච – තං වේ පරම දූක්කරං
අයහපත පිණිස වන –දේ ඉතා පහසු වේ – යහපතට හේතු වන - දේ ඉතා අපහසුය.
හිතවතුනි, පාපයක් – පහසුවෙන් කළ හැකිය – පිනක් කර ගැනීමට ඒ තරම් පහසු
නැත.
164. යො සාසනං අරහතං - අරියානං ධම්ම ජීවිනං
පටික්කෝසති දුම්මේධො - දිට්ඨිං නිස්සාය පාපිකං
එලානි කට්ඨකස්සේ ව -අත්ත ඝඤ්ඤාය එල්ලති
අනුවණින් රහතුන්ට - චෝදනා කරන්නා - තමන්ගේ විනාශය - ළඟා කර ගන්නේ ය.
හිතවතුනි, පව්කාර –අධම සිතිවිලි නිසා ජීවිතය ටිකෙන් ටික අඳුරටම යන්නේ
ය.
165. අත්තනා ව කතං පාපං - අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං - පාපං අත්තනා ව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චතං නාඤ්ඤමඤෙඤ‍්‍ර විසෝධයේ
තුන් දොරින් ඉටු කරන - හොඳ නරක දේ අනුව -ජීවිතය අපිරිසුදු - සුපිරිසුදු
වන්නේ ය.
හිතවතුනි, ජීවිතය පාලනය කරන්නේ වෙනත් කිසිවකු නොවේ තමාමය, තමාමය.
166. අත්ථ දත්ථං පරත්ථෙන – බහුනාපි න හාපයෙ
අත්ථදත්ථමභිඤ්ඤාය –සදත්ථ පසුතො සියා ති
අනුන්ගේ යහපත ද - සලස්වන අතරතුර රහත් බව ලබන්නට වෙහෙස විය යුත්තේ ය.
හිතවතුනි, අනුන්ටත්, තමන්ටත් යහපතක් කෙරෙන සේ ජීවිතය සමබරව ගෙන යන්න.
මතු සම්බන්ධයි |