ජය ශ්‍රී මහ බෝධි වන්දනාව සහ 
			මහ බෝ පෙරහර 18 දා
			කේ. බණ්ඩාරනායක 
			
			 
			සිරිමහබෝ සමිඳු ශ්‍රී ලංකාද්වීපයට වැඩමකර අවුරුදු 2318 ක් පිරීම ,2600 
			සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම රටවැසි ජනතාවට සාමය, සමෘද්ධිය ප්‍රාර්ථනා 
			කිරීම, පළමු රන්වැට, මහනුවර රාජසිංහ පොත්ගුල් විහාරාධිපතිව වැඩ සිට 
			අපවත් වී වදාළ යටිරාවණ නාරද නාහිමියන් විසින් ඉදිකර වසර 41 ක් සපිරීම 
			මුල්කරගෙන මහනුවර සිරි සිදුහත් භික්‍ෂූ පදනම, සහ සිරි මහ බෝ පදනම මගින් 
			අනුරාධපුර ජය සිරි මහ බෝ සමිදුන් කේන්ද්‍රස්ථානය කරගෙන වාර්ෂිකව 
			සංවිධානය කරනු ලබන අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහබෝ පෙරහර පස්වෙනි 
			වතාවටත් මෙම 18 වෙනිදා සවස 1.00 සිට 6.00 දක්වා පැවැත්වීමට විධි විධාන 
			යොදා ඇත. 
			වාර්ෂිකව මෙම පිංකමට සහභාගි වන ඒ ඒ පළාත් වලින් පැමිණෙන සැදැහැවතුන් 
			විසින් පිළියෙල කරගත් එම පළාත්වලට ආවේණික වූ ධාන්‍යවර්ග, කුළුබඩු වර්ග 
			පුරවාගත් පාත්‍ර පිච්ච නෙළුම් මල් සුවඳ වර්ණ පුරවාගත් පාත්‍ර රැගත් 
			සැදැහැවතුන් මෙදින සවස 1.00 ට ථූපාරාම චෛත්‍ය මලුවට එක්වෙනු ඇත. 
			එතැන්සිට ජය සිරි මහ බෝ සමිඳු මලුව තෙක් පංචතූර්ය නාද සහිත මහ 
			පෙරහරකින් මෙම පූජාවන් රැගෙන යනු ලැබේ.  |