ධම්මපද සැහැල්ල - 35 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
අත්ත වග්ගය
157
අත්තානං චේ පියං ජඤ්ඤා – රක්ඛෙය්ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං - පටිජග්ග්‍යෙය පණ්ඩිතො
ඔබ ඔබට ටිකක්වත් ආදරය කරයි නම් – කුසල් කොට ජීවිතය රැක බලා ගතයුතුය.
හිතවතුනි, ජීවිතය හරවත්ව ගෙවෙන්නේ – ගුණ දහම් වලට එය නැඹුරු කළ
තරමටය...
158
අත්තානමෙව පඨමං - පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤමනුසාස්‍යෙය න කිලිස්සෙය්ය පණ්ඩිතො
ඔබ සුසංවර වන්න – පසුව උපදෙස් දෙන්න. එබඳු වූ නැණැත්තෝ සදහටම කිලිටි
නැත...
හිතවතුනි, අනුන්ගේ වැරැදි දක්නට පළමු - තමා තුළ ඇති වැරැදි හදා ගත
යුත්තේ ය...
159
අත්තානං චේ තථා කයිරා - යථඤ්ඤමනුසාසති
සුදන්තෝ වත දම්මෙථ – අත්තාහි කිර දූද්දමො
උපදෙසක් දෙන්ට පෙර – තමා සංවර වන්න. සංවරව හැසිරීම පහසු වූවක් නොවේ.
හිතවතුනි, සංවරය - දෙලොව ජය ගැනීමකි. මෙලොව දියුණුවට ඇති නොවරදින
මාවතකි.
160
අත්තාහි අත්තනො නාථො - කොහි නාථො පරොසියා
අත්තනා ව සුදන්තේන – නාථං ලභති දුල්ලභං
තමා වෙත ලැබෙන්නේ – තමාගේ පිහිටමය. මෙය අපට දැනෙන්නේ - සුසංවර වූ විටය.
හිතවතුනි, අනුන්ගේ පිහිට පතනා අයට – නිසැක ලෙස පරාජය උරුම වනු ඇත්තේ ය.
161
අත්තනා ව කතං පාපං - අත්තජං අත්ත සම්භවං
අභිමන්ථති දුම්මේධං - වජිරං වස්මමයං මණිං
තමා තුළ පහළවූ - තමා කළ පාපයෙන් – තමා වැනසෙන්නේය. - බේරුමක් නැත්තේය.
හිතවතුනි, වැරැද්දේ – විපාකය පසු පසින් – දිවා රෑ පැමිණෙමින් අපට දුක්
දෙන්නේය...
මතු සම්බන්ධයි
|