සදහම් දැනුම
වහුමුවේ
විජයවංස නාහිමි
ප්‍රශ්නය - නිවන සඳහා නොපවත්නා පස් නීවරණ කෙනෙක් (අනිබ්බාන සංවත්තතිකා
නීවරණ) ඇත. ඒ මොනවාද? ඒ නිවරණ පස මිනිසාට කරන අයහපත මොනවාද?
පිළිතුර - පඤ්ච්මෙ භික්ඛවෙ නීවරණා - කථමෙපංච - කාමච්ඡන්ද - ව්‍යාපාද,
ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ නීවරණ පස සත්ත්වයා අන්ධකරණ
අචක්ඛුකරණ, අඳ බව කරන්නෝ ය, නුවැණෑස වසාලන්නෝ ය. මෝහය කරන්නේ ය. දුකට
පත්කරන අතර නිවන් පිණිස නොපවතින්නකි.
ප්‍රශ්නය - උච්ධම්භාගීය සංයෝජන පසෙකි. ඒ මොනවාද? මෙම සංයෝජන
‘අභිඤ්ත්‍රය පරිඤ්ඤාය, පරික්ඛයාය, පහානාය යනුවෙන් දේශනා පාලියෙහි සඳහන්
වන පරිදි සුවිශේෂ දැනීම, පිරිසිඳ දැනීම, ක්‍ෂය කිරීම පිණිස, ප්‍රහාණය
පිණිස අනුගමනය කළයුතු ප්‍රතිපදාවද පැහැදිලි කරන්න.
පිළිතුර - උද්ධම්හාගීය සංයෝජන නම් - රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච,
අවිජ්ජා යන්නයි. (අරියො අට්ඨංගිකො මග්ගො භාවි තබ්බො) යනුවෙන් සඳහන්
පරිදි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා
ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සංයෝජන ප්‍රහාණය පිණිස මෙම
ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතුයි.
ප්‍රශ්නය - බුදු දහමට අනුව ‘විධා’ යනුවෙන් දේශනා පාලියෙහි සඳහන් වන්නේ
මිනිසා සතු දුර්ගුණයකි. අරිඅටඟි මග පිළිවෙතින් බැහැරව පිහිටීම නිසා
මෙම දුර්ගුණය පුහුදුන් මිනිසා ළං කරගනී. මෙම ‘විධා’ හෙවත් ‘මැනීම්’
යනුවෙන් සඳහන් දුර්ගුණ මොනවාද?
පිළිතුර- සං.නි. මහා විධාසුත්‍ර) තිස්සො ඉමා භික්ඛවෙ ‘විධා’ මැනීම්)
තුනකි. (කතමෙ තිස්සො) මම ශ්‍රේෂ්ඨයෙමියි (මානයෙකි. මම සදෘයෙමියි (සමාන)
මානයකි. ‘මම හීනයෙමි’ මානයකි. (සෙය්‍යමාන - සදිස මාන - සමසමාන) මෙම මාන
තුන අරි අඨඟී මඟ ප්‍රතිපදාවෙන් වෙසෙසින් අවබෝධ කොටගත හැකිය.
ප්‍රශ්නය - අං.නි. දසක නිපාතයෙහි එන ‘වඩ්ඩී’ සූත්‍රයෙහි එන දේශනා
පාඨයකි මේ. ‘දස්හි හික්ඛවෙ වඩ්ඩීහි වඩ්ඩයමානො අරිය සාවකො අරියාය
වඩ්ඩියා වඩ්ඩති සාර දායී ච හොති වරාදායි කායස්ස, කතමෙ දසහි.
මෙහි දැක්වෙන පරිදි ආර්ය ශ්‍රාවකයාගේ වෘද්ධියෙන් වැඩීම වෘද්ධි දසයකින්
වැඩීමයි.
මේ දසවෘද්ධිය පැහැදිලි කරන්න.
පිළිතුර - ආර්ය ශ්‍රාවකයාගේ වෘද්ධි දසයකි.
1. කෙත්වතු ඛෙත්තවත්ථූහි
2. ධන ධාන්‍ය ධන වඤ්ඤෙන
3. අඹුදරු පුත්තදාරෙහි
4. දාසකම්කරු දාස කම්මකර පොරිසෙහි
5. සිවුපා (ගව) චතුප්පදෙහි
6. ශ්‍රද්ධා සද්ධාය
7. සීල සීලෙන
8. ශ්‍රැත සුතෙන
9. ත්‍යාග චාගෙන
10. ප්‍රඥා පඤ්ඤාය
මෙහි පළමු කරුණු පහ පුද්ගල භෞතික අභිවෘද්ධියත් අවසන් කරුණු පහ.
අධ්‍යාත්මික දියුණුවත් දක්වයි. බුදුන්වහන්සේ මෙම දෙයාකාර දියුණුවම
අපරාජිත ප්‍රතිපදාව වශයෙන් මහා මංගල සූත්‍රයෙහිද ‘උභයෙන වඩ්ඪති’
යනුවෙන් මෙම සුත්‍රපාදයෙහිද අවධාරණය කර ඇත.
ප්‍රශ්නය - ම. නි. තෙවන කාණ්ඩයේ ‘ගොපක මොග්ගල්ලාන’ සුත්‍ර දේශනා පාඨයකි
මේ.
‘න ඛො අහං බ්‍රාහ්මණ අප්පටිසරණා සප්පටි සරණා මයං බ්‍රාහ්මණ’ බමුණ අපි
ධර්මය පිළිසරණ කොට ඇත්තෝ වෙමු. එහෙයින් පිළිසරණ නැත්තෝ නොවෙමු’ මෙම
පාඨය ආනන්ද හිමියන් විසින් එක්තරා බමුණෙකු නැඟූ ප්‍රශ්නයකට දුන්
පිළිතුරකි මේ.
මෙම අවස්ථාව කුමක්ද අදාළ බමුණා කවුරුන්ද?
පිළිතුර - බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ‘වස්සකාර’ නම්
ඇමැතිවරයෙකු ආනන්ද හිමියන් අමතා සංඝයාට පිළිසරණ වියහැකි නායකත්වයට
සුදුසු භික්ෂුවක් සංඝයාගේ පාලනය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පත්කොට
ඇද්දැයි විමසීය.
‘නැත’ යනු ආනන්ද හිමියන්ගේ පිළිතුර විය.
එසේනම් සංඝයා විසින් හෝ එවන් නායකත්වයට සුදුසු භික්ෂුවක් සම්මත කරගන්නා
ලද දැයි වස්සකාර නැවත ප්‍රශ්න කළේය.
නැත වස්සකාරය. යනු ආනන්ද හිීමියන්ගේ පිළිතුර විය. ‘ස්වාමිනී! පාලකයෙකු
නැති පාලකයෙකුට වගකීමක් නැති එවැනි පිළිසරණක්ද නැති සමාජයක සමගිය කෙසේ
පවතීදැයි වස්සකාර විමසීය. ආනන්ද හිමියන් ඉහතින් සඳහන් කළ පරිදි වස්සකාර
අපව පිළිසරණක් නැත්තේ නොවේ. අපට පිළිසරණක් ඇත යි පිළිතුරු දුන්හ.
ප්‍රශ්නය - කාම ලෝකයෙහි විපාකදෙන අකුසල කර්ම මොනවාද?
පිළිතුර - අකුසල විපාක ලබාදීමට සමත් අකුසල කර්ම දහයක් කය, වචනය, හා මනස
යන තිදොරින් සිදුවෙයි. පාණාතිපාතය , අදින්නාදානය හා කාමයෙහි වරදවා
හැසිරීම කය ආශි‍්‍රතව සිදුකෙරේ. මුසාවාදය, පිසුණාවාචය ඵරුසාවාචය හා
සම්පප්ඵලපය වචනයෙන් සිදුවන අතර සිතින් අභිජ්ඣාව ව්‍යාපාදය හා මිච්ඡා
දිට්ඨිය සිදුවෙයි.
ප්‍රශ්නය - රූප හා අරූප (නාම) ධර්මයන්ගේ සංතතිය (සංයුතිය) සත්ත්වයා යයි
කියනු ලැබේ. රූපය භෞතික වූ ශරීරය වුවත් එය රූපස්ඛන්ධයක් වූයේ ඒ ඒ
පදාර්ථ හෙවත් රූපධර්ම එක්වීමෙනි. එම රූපධර්ම හෙවත් රූප කලාප කවරේද යන්න
පැහැදිලි කරන්න.
පිළිතුර රූපස්ඛන්ඳධය මහාභූත රූප සතරකින් නිර්මාණය වී ඇත. එනම්
1. පඨවි ධාතුව - ජීව අජීවි වස්තුවල ඇති තද රළු ගතිය
2. ආපෝ ධාතුව - එම වස්තුවල ඇති වැගිරෙන ගතිය
3. තේජෝ ධාතුව - එම වස්තුවල ඇති සිසිල් ගතිය හා උණුසුම් ගතිය
4. වායෝ ධාතුව - එම වස්තුවල ඇති සැලෙන ගතිය. , පුම්බන ගතිය
ප්‍රශ්නය - සිදුහත් බෝසතාණන් වහන්සේට අභිනිෂ්ක්‍රමණය සඳහා හේතුකාරක වූ
බුදු සිරිත ඇසුරෙන් පැහැදිලි කරන්න.
පිළිතුර - ම.නි. අරියපරියේසන සූත්‍ර දේශනාවන්ට අනුව මෙසේ
අභිනිෂ්ක්‍රමණයට හේතුකාරකයන් මෙසේ දැක්වෙයි. ‘මහණෙනි! මම බුදුවීමට පෙර
නොබුදුව බෝසත්වම තමා උපත ස්වභාව කොට සිටිද්දී උපත ස්වභාවකොට ඇතිදේම
සෙවීමි. ජරා ස්වභාවය කොට සිටිද්දී ජරා ස්වභාව කොට ඇති දේම සෙවීමි.
ව්‍යාධි ස්වභාවය කොට සිටිද්දී ව්‍යාධි ස්වභාවකොට ඇතිදේම සෙවීම්. තමා
මරණ ස්වභාව කොට ඇතිදේම සෙවිමි. තමා මරණ ස්වභාවකොට සිටිද්දී මරණ ස්වභාව
කොට ඇතිදේම සෙවීමි. තමා ශෝක ස්වභාව කොට සිටිද්දී ශෝක ස්වභාව කොට ඇතිදේම
සෙවීමි. තමා කෙලෙසන ස්වභාව කොට සිටිද්දී කෙලෙසන ස්වභාව ඇතිදේම සෙවීමි.
ඒ මට මෙසේ සිත්විය. තමා ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, සංකිලෙස ස්වභාව
ඇතිව සිටිද්දී මම කුමකට නම් ජාති, ජරා, මරණ, ශෝක, සංකා ලෙස ඇති දේම
සොයන්නෙම් ද? ජාති, ජරා මරණ ශෝක සංකා ලෙස ස්වභාවයන්ගෙන් තොර අනුත්තර
යොගක්ඛෙම නම් වූ නිර්වාණය සොයන්නෙම් නම් මැනවි.
මේ බෝසතාණන් වහන්සේට අභිෂ්ක්‍රමණය සඳහා හේතු වූ කාරකයෝ ය.
ප්‍රශ්නය- පෙලදහම් පොත්පත්වල බුදු සිරිතේ එක් අවස්ථාවක් මෙසේ සනිටුහන්
කොට ඇත. තථාගතයන් වහන්සේ මනුෂ්‍යයෙකි. උපත මිනිසුන් අතරම වූහ. හැදී
වැඩුනේද මිනිසුන් අතරමය. එහෙත් අවබෝධකොට සුවිශේෂ වූ ධර්ම ඤාණයෙන්
මිනිසුන්ගේ් තත්ත්වය ඉක්මවූහ. ඔවුන්ගේ ලෞකික මට්ටම් ඉක්මවා ගියහ. ලෝක
බන්ධනයෙන් මිදී වාසය කළහ. මෙම අසිරිමත් පැවත්ම ඇති තථාගතයන් වහන්සේ
ආශ්චර්ය මනුෂ්‍ය නම් වන බව උන්වහන්සේ විසින්ම සඳහන් කොට තිබේ. (අං.නි.
ඒකපුග්ගල වග්ග 3) තථාගතයන් වහන්සේගේ මෙම ස්වරූපය ධම්මපද ධර්ම
ග්‍රන්ථයෙහි එක් ගාථාවකින් සටහන් කොට තිබේ. පැහැදිලි කරන්න.
පිළිතුර -ධම්මපද පුප්ඵ වග්ග
15, 16 ගාථාවන්හි බුද්ධ ජීවිතය උපමා රූපක මගින් අවධාරණය කොට ඇත.
යථා සංඛාර ධානස්මිං
උජ්ඣි තස්මිං මහාපඵෙ
පදාමං කත්‍ථ ජායෙත
එවං සංඛාර භූතෙසු
අන්ධ භූතෙ පුළුජ්ජනෙ
අතිරෝචති පඤ්ඤාය
සම්මා සම්බුද්ධ සාවකො
මහමඟ අසල දැමූ කසල ගොඩක්හිද මනා සුවඳවත් පැහැපත් සිත් ඇඳ ගන්නා සුලු වූ
පියුමක් හටගන්නේ යම් සේද එමෙන්ම කසල බඳු අඳබාල පුහුදුන් ජනයා අතර
මිනිසුන් අතර බුදුසව් රහතන් වහන්සේ ලෝකයා ඉක්මවා නුවණින් බබළන සේක.
ප්‍රශ්නය ශ්‍රාවකයන් වහන්සේලා අතරෙන් මනෝමය රූප නිර්මාණය කිරීමේ සමතුන්
අතර අගතනතුරු ලැබූ ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?
පිළිතුර -චුල්ලපන්ථක රහතන් වහන්සේ. |