විමුක්ති සිත
ප්‍රත්‍යවේක්‍ෂා කරමු
නාවලපිටියේ
අරියවංශ හිමි
භාවනා කරන්න පුරුදුවෙන කෙනෙක් විසින් ඒ භාවනාව සාර්ථක කර ගැනීම පිණිස
ආරම්භයේදී පටන් අවසානය දක්වා ම කළ යුතු, අතිශයින්ම වැදගත් වන මූලික
අංගයක් පිළිබඳව අද සිට කියා දෙන්නයි අප කල්පනා කරන්නේ. දැන් මේ විස්තර
කරන කාරණාව යමෙක් පුරුදු කළේ නැත්නම්, එයා කොයි තරම් භාවනා කරන්න
උත්සාහ කළත්, ධර්මය පුරුදු කරන්න උත්සාහ කළත්, එයාට ඒ ධර්මයෙන් සාර්ථක
ප්‍රතිඵල නෙළා ගන්න බැරිව යනවා. ඒ නිසා අප අද සිට කතා කරන්න කල්පනා කරන
කාරණාව අතිශයින්ම වැදගත් එකක්.
ඒ තමයි “ ප්‍රත්‍යවේක්ෂා කිරීම “ .
භාවනා කරන කෙනෙක් ඒ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම පිණිස එයා තුළ
දියුණු කර ගත යුතු අතිශය වැදගත් වු කුසලතාව තමයි ප්‍රත්‍යවේක්ෂා කිරීම,
කුසල් දහම් ප්‍රත්‍යවේක්ෂා කිරීම මහත් වූ ප්‍රතිඵල සහිත දෙයක්. අප කරන
ක්‍රියා පිළිබද ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා නම් (අප තුළ
දියුණු වන කුසල් දහම් නුවණින් විමසල බලන්න පුළුවන් නම් ) අන්න ඒ
හැකියාව තමයි අපට බොහෝ සේ උපකාරී වන්නේ, කුසලය තුළ හිත පිහිටවා ගන්නත්,
ඒ වගේම ධර්මයෙන් පිහිට පිළිසරණ ලබා ගැනීමටත්, ඒ නිසා අප ඒ හැකියාව
දියුණු කර ගන්න ඕන.
”ප්‍රත්‍යවේක්ෂා කිරීම” කියනදේ අපට කරන්න තේරෙන්නෙ නැත්නම්, කරගන්න
බැරිනම්, දන්නෙ නැත්නම්, අපට භාවනාවකින් ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ.
ධර්මය ඉගෙනගෙන ඒකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්නත් බෑ. පිනක් දහමක් කරල ඒකෙන්
සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්නත් බෑ. සාමාන්‍ය එදිනෙදා කටයුක්තකින් හොඳ
ප්‍රතිඵලයක් ලබා ගන්නත් බෑ.ඒ තරම් ම අපට උපකාර වන දෙයක් තමයි
ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන්නෙ.
අංගුත්තර නිකාය දෙවන පොත් වහන්සේගේ පංචක නිපාතයේ තියෙනවා පඨම
සමයවිමුත්ත සූත්‍රය කියලා දේශනයක්. මේ දේශනාවේදි භාග්‍යවතුන් වහන්සේ මේ
විදිහට අපිට කියා දෙනවා. ‘පඤ්චිමේ භික්ඛවේ ධම්මා සමයවිමුත්තස්ස
භික්ඛුනෝ පරිහානාය සංවත්තති’. පින්වත් මහණෙනි, බණ භාවනා කරමින් ධර්මයේ
හැසිරෙන්නා වූ භික්ෂුවකගේ පිරිහීම පිණිස පවතින්නා වූ කාරණා පහක්
තිබෙනවා. ඒ තමයි ‘කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සංඝිනිකාරාමතා,
යථා විමුත්තං චිත්තං න පච්චවෙක්ඛති ‘ එතකොට අප මේ කාරණා පහ ගැන තෝරා
බේරා ගන්න දක්ෂ වුණොත්, අපට පුළුවන්කම තියෙනවා මේ කාරණා පහ හේතුකොට ගෙන
අප තුළ පිරිහීමක් ඇතිවෙනවා නම්, ඒ පිරිහීම වළක්වා ගන්න.
කම්මාරාමතා කියන්නෙ වැඩ කටයුතුවලට ඇලී යාමයි. නමුත් වැඩකටයුතු දෝෂයක්
නොවෙයි. වැඩ කටයුතුවලට ඇලීම තමයි පිරිහීමට බලපාන කාරණය. ඊළඟට
භස්සාරාමතා. ඒ කියන්නෙ කතා කිරීම නොවෙයි. කතාවට ඇලීයාමයි. ඊළඟට
නිද්දාරාමතා,. ඒ කියන්නේ නිදාගැනීම නෙවෙයි. නින්දට ඇලී යාමයි. ඊළඟට
සංඝනිකාරාමතා, ඒ කියන්නේ පිරිසත් සමඟ ඉඳීම නෙවෙයි. පිරිසත් සමඟ ඇලී
ගැලි වාසය කිරීමයි. අප මේ කරුණු ගොඩක් වරද්දා ගන්නව. පිරිසත් සමඟ ඉඳල
බෑ කියල කල්පනා කරනව. ඒක වැරැදියි. පිරිස සමඟ ඉඳීම නොවෙයි දෝෂය වෙන්නෙ.
පිරිසට ඇලිල වාසය කිරීමයි. අන්න ඒ දේ හඳුනාගෙන බැහැර කරන්න ඕන. ඊළඟ
කරුණ “ යථා විමුත්තං චිත්තං න පච්චවෙක්ඛති “ ඒ කාරණාව විස්තර කරන්න තමා
අද අප කල්පනා කරන්නෙ. නමුත් මුල් කාරණා හතරත් තේරුම් ගන්න ඕන. මුල්
කාරණා අප තෝරා බේරා නොගත්තොත්, එමඟින් සිදුවන හානිය වළක්වාගන්ට
බැරිවෙනවා. සිහි නුවණ පිරිහෙනවා. ඒක හේතු වෙනව මේ පස්වෙනි කාරණාව අප
තුළ සිදුවෙන්ට.
විමුක්ත “ කියල කියන්නෙ නිදහස් බවට. එතකොට “ යථා විමුත්තං “ කියල
කියන්නෙ ‘ නියම ආකාරයෙන් නිදහස් වන’ කියන එකයි. ‘නියම ආකාරයෙන් නිදහස්
වෙන සිත ප්‍රත්‍යවේක්ෂා නොකිරීම ‘ තමයි ඒකෙන් අදහස් වෙන්නෙ. නියම
ආකාරයෙන් නිදහස් වෙන සිත නුවනින් තෝරාබේරා ගන්න දන්නෙ නැතිකම, තේරෙන්නෙ
නැතිකම, අපේ පිරිහීමට හේතුවන කාරණයක් කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා
දෙනවා. අපේ සිතේ ඇතිවෙන පිරිසුදු බව නිදහස් බව, පහන් බව යම් විදිහකින්
ධර්මයේ හැසිරීමත් එක්ක ඇතිවෙන දෙයක්. සිතේ ඇති වෙන “ පහන් බව “ අපිට
තෝරා බේරා ගන්න බැරිවුණොත් එහෙම,, අපිට ධර්මයෙන් දියුණුවක් කරා යන්න
බැරිව යනවා. ඒක තෝරා බේරා ගන්න බැරි වෙන්ට හේතුවන කාරණාව තමයි අපිට
සිහිය නැතිකම. සිහි නුවණ මඳ බව.
සිහි නුවණ නැතුව යන්නෙ, එක්කො, එයා පිරිස සමඟ ඇලි ගැලී වාසය කිරීමෙන්,
එහෙම නැත්නම් එයා නින්දට ඇලිල වාසය කරනවා. සිහිය උපදින්නෙ නෑ. එහෙම
නැත්නම් එයා කතාවට ඇලිල ගිහිල්ල. කතා කර කර ඉඳල, ඒකට ඇලිල ගිහිල්ල
සිහිය උපදවා ගන්න බෑ . එහෙම නැත්නම් එයා වැඩ කටයුතුවලට ඇලිල ගිහිල්ල.
සිහිය උපදවා ගන්න බෑ . සිහිය උපදවා ගන්න බැරි නිසා මේ ධර්මයෙන් අපිට
යම් පිහිටක් පිළිසරණක් තියෙනව නම්, අන්න ඒක එයාට තෝරා බේරා ගන්න බැරිව
යනවා. දැන් වැටහුණාද කාරණාව .බලන්න අපි බොහෝ ධර්ම දේශනා තුළින් අසා
තියෙනවා. මේ මේ විදිහට පින් රැස්වෙනව කියලා. නමුත් බලන්න ඒ පිළිබඳව අපේ
ජීවිතයේ තුළ පිහිටි ප්‍රත්‍යක්ෂ බවක් තියෙනවද කියල. අපේ ජීවිතේ තුළ
උපන් විශ්වාසයක් තියෙනවද බලන්න. අප අහල තියෙනවා සිල් රැකීමෙන් පින්
රැස්වෙනව, දන් දීමෙන් පින් රැස්වෙනව, මෛත්‍රී භාවනාව කිරීමෙන් පින්
රැස්වෙනවා කියල. බලන්න අපට අප තුළ උපන් විශ්වාසයක් ඒ පිළිබඳව තියෙනවද
කියල. මේ ආකාරයෙන් පින් රැස්වෙනවා කියල උපන් විශ්වාසයක් අප තුළ තියෙනවා
නම් අප තුළ ප්‍රබෝධයක් තියනව. ඇයි ඒ ප්‍රබෝධය තියෙන්නෙ? අප තුළ
විශ්වාසයක් තියෙනවා පින තුළින් සැප උපද්දල දෙනවා කියල. එතකොට පින් කරන
කෙනා මේ ජීවිතයේදීම පිනේ විපාක භූ®ක්ති විඳීනවා කියල අපට වැටහීමක්
තිබෙනවා. ඒ වැටහීම තියෙන කෙනා පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කරනවා. දැන්
බලන්න අපට කියා දෙනවා සිල් රකින කෙනා මේ ජීවිතය තුළ මේ විදිහට සැප
විපාක ලබනවා කියල. එතකොට මරණින් මත්තෙ සුගතියේ උපදිනවා කියලත් කියා
දෙනවා.එතකොට බලන්න සිල් රකින කෙනා මේ ජීවිතයේ සැප ලබනවා කියල අප කොහොමද
දැන ගන්නෙ? ඊළඟට මතු ජීවිතයේදී සුගතියේ උපදිනවා කියල කොහොමද අප දැන
ගන්නෙ? දැන් බලන්න සිල් රකින කෙනාට පිරිස ඉදිරියේ විශාරද බවක් ඇති
වෙනවා. එයා මුළු ගැන්නෙන්නෙ නෑ.
එතකොට කොහොමද එයා සිල් රැකීමේ ආනිශංස දැනගන්නෙ? ඒක ප්‍රත්‍යක්ෂය තුළින්
තමාට වැටහෙනව. තමා සීලයට ආපු ගමන්, සිල් රකින්න පුරුදු වුණාම, ඒ කුසලය
මුල් කරගෙන මේ ජීවිතයේදි සැප ලැබෙනවා කියල එයාට තේරෙනවා. දැන් සිල්
බිෙඳන කෙනෙක් (හොරකම් කරන කෙනෙක්) ඉන්නව. හොරකම් කරන කෙනා දුස්සීලයි.
දුස්සීල කෙනාට මොනවද ලැබෙන ආදීනව? එයාට පිරිස ළගට යන්න බෑ. එයාට
අපකීර්තිය පැතිරෙනවා. ඊට පස්සෙ එයාට බය ඇතිවෙනවා. එතකොට ඒ ආදීනව එයා
කොහොමද දැන ගන්නෙ? ප්‍රත්‍යක්ෂයෙන්. තමාටම තේරෙනවා දුස්සීල බවට වැටුණහම
ඒකෙ ආදීනව. ඒ ආදීනව තේරෙන්නෙ නුවණින් කල්පනා කළොත් නැත්නම් තේරෙන්නේ
නෑ. එහෙනම් සිල් රකින කෙනා. සීලය නිසා මට මේ විදිහට සැප ලැබෙනවා කියල
දැනගන්නෙ කොහොම ද? ප්‍රත්‍යක්ෂයෙන්, ප්‍රත්‍යක්ෂ වෙන්නෙ නුවණින් කල්පනා
කරනකොට යි. අන්න ඒකට කියනවා ‘ප්‍රත්‍යවේක්ෂා’ කරනවා කියල. මේ විදිහට
නුවණින් කල්පනා කරන්ට බැරිනම් එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක්. දියුණුවෙන
කෙනෙක් බවට පත්වෙන්ට බෑ. එයා පිරිහෙනවා. ඒකට හේතුව ධර්මයෙන් ලැබෙන
පිළිසරණ, සුවපත් බව, යහපත තේරුම්ගන්ට නොහැකිවීමයි. එසේ තේරුම්ගන්ට
බැරිවෙන්නේ ප්‍රත්‍යවේක්ෂා නොකිරීම නිසයි. එසේ තේරුම් නොගත්ත කෙනා
ධර්මය හොඳින් පුරුදුකරන්නේ නෑ. හොඳින් තේරුම්ගත්ත කෙනා ධර්මය කෙරෙහි
පහදිනව. ගෞරව කරනවා.ඉතාම ගෞරවයෙන් ධර්මය පුරුදු කරනවා . එයා පිරිහෙන්නේ
නෑ. දියුණුවෙන් දියුණුවටම යනවා.
|