නව වසරට සෙත් පතා පවත්වන 
			රතන සූත්‍ර දේශනාව
			
			 
			කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනමේ 
			අනුශාසක කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සමස්ත 
			ශ්‍රී ලංකා වාසී ජනතාවට ආශිර්වාද පතා දෙසැම්බර් 23 දින සිට එළඹෙන 2011 
			වසරේ ජනවාරි 01 දින අලුයම දක්වා නොකඩවා දින 09 ක් තුළ හත්වන වරටත් 
			රතනසූත්‍ර පිරිත් දේශනා පින්කම පැවැත්වීමට කටයුතු යොදා ඇත. පිරිත් 
			පින්කම පැවැත්වෙන සෑම දිනකම රාත්‍රී 07.00 ට විශේෂ බුද්ධ පූජා පින්කමක් 
			ද පැවැත්වේ. මෙම පින්කමේ දී පිරිත් කරවා ගැනීමට අවශ්‍ය ඖෂධවර්ග, තැඹිලි 
			තෙල්, නූල්, පැන්, බුදුගුණ යන්ත්‍ර හා වෙනත් ද්‍රව්‍ය වර්ග දෙසැම්බර් 
			20 දින සිට දෙසැම්බර් 22 දින දක්වා භාර දිය හැක. 2011 ජනවාරි මස 01 දින 
			උදේ 06.00 ට විශේෂ ආශිර්වාද පූජාවක් සහ සෙත් පිරිත් දේශනාවක් පවත්වා 
			සමස්ත රටවාසී ජනතාවට මෙන්ම රජයටත් සෙත් පැතීමෙන් අනතුරුව පින්කම නිමාවට 
			පත්වේ.  |