දැන් අපි ඔක්කොම එකමුතු යි
මම හුදකලා භාවනාවට යන්න තීරණය කළා. ඒක මගෙ පළමුවැනි හුදකලා භාවනාව.
දවස් දහයයි. ඒ කැලිෆෝර්නියාවෙ යුකා
මිටියාවතේ. මගේ ගුරුවරිය ජැක් කෝන්ෆීල්ඩ් .එයා කීප සැරයක් “ බුද්ධ “
කියන වචනය කිවුව. ඒකට මගෙ හිත ගියා. මමත් ඒක කියවල පුහුණු කළා. මට
ගැළපෙන්නේ ඒක තමයි කියල මම හිතුව. එතකොට මගෙ වයස විසි හතරයි.
පරිවර්තනය
නාරාවිල පැට්රික්
විපස්සනා භාවනා ගුරුවරියක් වන ස්පී‍්‍රං වොෂම් කැලිෆෝනියාවේ ජීවත්වූ
අතර නව යොවුන් වියේ දී ම භාවනා පුහුණුව පටන් ගත්තා ය. වසර දහයකට වැඩි
කලක් බුදුදහම උගත් ස්පි‍්‍රං ඉන් පසු වසර දෙකකට වැඩි කලක් දැඩි
උනන්දුවකින් තනිව ම භාවනා පුහුණුවේ නිතර වූවාය. දැන් ඇය ජැක්
කෝන්ෆීල්ඩ් යටතේ “ ස්පිරිට් රොක් “ භාවනා මධ්‍යස්ථානයේ ගුරු පුහුණු
පාඨමාලාව හදාරමින් සිටී.
ඒ අතර ස්පී‍්‍රං වොෂම්, ඕක්ලන්ඩ් පෙදෙසේ “ඊස්ට් බේ “ භාවනා
මධ්‍යස්ථානයේ සම සම්පාදකවරියක්ද, දීප්තිමත් ගුරුවරියක් ද වන්නීය. ඇසුරු
කරන්නන් ඇය හඳුනා ගෙන ඇත්තේ සොම්නසින් පිරි හදවතක් සහ දයාබර සිතක්
ඇත්තියක ලෙස යි. දැනට ඇගේ වයස අවුරුදු තිස් පහකට වැඩි නෑ. ස්වේච්ඡා
ගුරුවරියක ලෙස කටයුතු කරන ඇයගේ වගකීම වී ඇත්තේ සුදු ජාතික නොවන ජනතාව
සහ වැඩිහිටි තරුණ පිරිසට භාවනා පුහුණුවක් ලබා දීමයි.
ඇගේ වාර්ගික පසුබිම අනුව පියා අපි‍්‍රකානු ඇමරිකානුවකු වන අතර මව සුදු
ජාතික කාන්තාවකි. මේ අනන්‍යතාව යටතේ ඇයට එකකට එකක් වෙනස් ජනවාර්ගික
සමාජ අතර පහසුවෙන් සුදුසු මංපෙත් සොයා හැසිරෙන්නට ඉඩ සැලසී ඇත.
බෙහෙවින් අඩු පහසුකම් සමඟ හැදුණු වැඩුණු ස්පී‍්‍රං , එදිනෙදා අත්දකින
වටපිටාවන් ඇසුරෙහි, නොවැදගත්සේ සැලකෙන නොයෙක් සමාජයන්හි හවුල්කරුවන්
මුහුණපාන අභියෝග ගැඹුරින් තේරුම් ගෙන තිබිණ. ඇගේ ම වන ලෝනා ජෝසප්,
හුදකලා මාතෘත්වයක සිට නොයෙක් අභියෝග සමග පොර බදිමින් ස්පී‍්‍රං සහ ඇගේ
එක ම සොහොයුරියක් ලොකු මහත්කර ගන්නට යත්න දැරුවාය. ලෝනා ජෝසප් සහ
ස්පී‍්‍රං වොෂම් යන මව හා දුව 2009 වසරේ ජුනි මස කැලිෆෝනියාවේ
බර්ක්ලිහිදී “ ඉන්ක්වයරිං මයින්ඩ් “ සඟරාවේ සම කර්තෘ බාබාරා ගේට්ස් සමඟ
මේ දිරි ගන්වන සුලු සංවාදයට සම්බන්ධ වූහ. මේ එම සංවාදයයි.
ස්පි‍්‍රං වොෂම්:- මගේ නව යොවුන් වයසේදී අපේ පවුලෙ ජීවිතය හොඳට ම
කරදරයි. ඒ අතර මම හුඟක් අමාරුවෙන්, සහනයක් ලබා ගන්න ධාර්මික වැඩ
පිළිවෙළක් යොදා ගත්ත.
මම මගේ අම්මත්, නංගීත් එක්ක හුඟක් ධර්ම සාකච්ඡා පැවැත්තුව. දැන්
ඒවායින් බොහොමයක් මතක් කර ගන්න බැරි වුණත් මම ඇහැවුවෙ මේ වගේ ප්‍රශ්න.
මේ කරදවලින් මිදෙන්න අපි මොක ද කරන්න ඕනෑ? එහෙම වුණත් ඒකට පිළිතුරු
දෙන්න පුළුවන් ආත්මෝපදේශක සහ අධ්‍යාත්ම විද්‍යාව පිළිබඳ පොත් අම්ම වටේට
ගොඩ ගැහිල තිබුණ. මම ඒ ඔක්කොම කියෙවුව.
ඒවයෙ තිබුණේ ඔබ ඔබේ සිතිවිලි එක්ක වැඩ කරන්නෙ කොහොම ද? ඔබේ ජීවිතය
සුවපත් කරගන්නෙ කොහොම ද? වගේ දේවල්.
කොහොම වුණත් මට මතකයි, මගේ වයස අවුරුදු දහතුනේ දී, වයසෙ තරමට වඩා පළල්
අවබෝධයක් මට තිබුණ. ඒ නිසා ද මම දන්නෙ නෑ සාප්පුවකින් බඩු හොරකම් කරලත්
අහු වුණා. ඒත් මට සමාජ සේවයට බහින්න තීරණයක් ගනිද්දී මගෙ අම්ම තදින් ම
බලපෑව. ඒ අනුව මම ග්ලයිඩ් මෙමෝරියල් පල්ලියෙ අනාථ ළමයින්ට කවල පොවල බලා
ගත්ත. ඇත්තට ම ඒක කරුණාව පිළිබඳ ආධ්‍යාත්මික අවබෝධයට කොයි තරම් බලගතු
හැඟීමක්ද ? ඇත්තටම මම ඔවුන් ආදරයෙන් රැක බලා ගත්ත. මම ඒ අය කවුද කියල
දැන ගෙන හිටියෙත් නෑනෙ. ඒත් මම ඒ අය ආරක්ෂා කර ගත්ත. එක වෙලාවකට මගෙ
හිතේ කියන්න බැරි තරම් තිගැස්මක් ඇති වුණා. මම කොහොමද මේ නන්නාඳුනන අයට
ආදරය කරන්නෙ.
ලෝනා ජෝසප් :- මට කියන්න පුළුවනි එයා ග්ලයිඩ් මෙමෝරියන් පල්ලියෙ
අනාථයන්ගෙන් ලබාපු අත්දැකීම්වලින් එයා තුළ ලොකු වෙනසක් ඇති වුණා.
කොයි තරම් වෙනස් වුණාද කිවුවොත් එයා වඩාත් කරුණාවන්ත වුණා.ඇත්තටම ඒ
නිසා සමාජ සේවාවට ස්තුති කරන්න ඕනෑ.
ස්පි‍්‍රං වොෂම් :- කොහොම හරි එතකොට මගෙ වයස අවුරුදු දහතුනයි. ඒ අතරතුර
තමයි අපේ අම්මට එයාගෙ දැන් ඉන්න සැමිය මුණ ගැහුණෙ. ඒ කියන්නෙ
හොවාර්ඩ්. මට එයාව රුස්සන්නෙ නැතුව ගියා.අපි හැම වෙලේ ම කළේ සණ්ඩු කරන
එකයි. අන්තිමට ඒක මහ හිත් රිදවන වින්නැහියක් වුණා. ඇත්තට ම මට වයස
පහළොව වෙද්දී ඒ තත්ත්වය අන්තිම නරක තැනට ගියා.
මම ඔක්කොම දමල ගහල ගෙදරින් පිට වෙලා යන්න ගියා. මම කෙළින් ම ගියෙ දකුණූ
කැලිෆෝර්නියාවට . මම ඉපදීලා තියෙන්න එහෙ. ඒ නිසා මම කුඩා කාලෙ අවුරුදු
කීපයක් එහෙ ජීවත් වෙලා තිබුණෙ. ඒ කොහොම වුණත් එහෙදී මට නරක දසාවක්
ලැබුව. මම කියන්න බැරි තරම් පුදුම විදියට තනි වුණා, කලකිරුණ.
ඊට පස්සෙ මම අම්මත් එක්ක කිසි ම ඇයි හොඳයි කමකට සම්බන්ධ වුණේ නෑ. මගෙ
තාත්තා පළමුවෙන් අපිව දාල යද්දී මගෙ වයස මාස පහයි. අන්තිමට තාත්තා එහෙම
පිටින් ම අමතක වෙලා ගියා.
මේ ඔක්කොම කරදර හින්ද තමයි මම මේ තරම් මුරණ්ඩු වුණේ. කනිෂ්ඨ පන්තිවල
ඉඳලම මම අනික් ළමයින් එක්ක ගුටි ඇනගන්න පටන් ගත්ත. අන්තිමට මේ ගුටි
ඇනගැනිල්ල දිගට දිගින් මාව උසස් පාසලෙනුත් එළව ගත්ත. මගෙ හැසිරීම පුදුම
හැටියට අවදානම් එකක් වුණා. කොහොම බැලුවත් මගෙ ජීවිතේ ඒ වගේ අනතුරුදායක
දසාවකින් බේරෙන්න තරම් මම වාසනාවන්ත වුණා.
ලෝනා ජෝසප් :- කොහොම වුණත් ඔතන වාර්ගික බලපෑමකුත් තියනව. ඇත්තට ම මගෙ
ගෑනු දරුවන් දෙන්න උතුරු කැලිෆෝර්නියාවට ගියායින් පස්සෙ මම ඒ අය සුදු
ළමයින්ගෙ පාසල්වල ලියාපදිංචි කළා. ඒ ඔබට (ස්පි‍්‍රං දෙසට හැරෙමින්)
තාත්තගෙ පැත්තෙන් කළුසම්බන්ධයක් තිබුණු නිසා, ඔබ ඒ හැඟීමෙන් මුදවා
ගන්නයි.
ඔබ ළඟ ටික කලක් තරමකට ප්‍රබල විදිහට වාර්ගික හැඟීම් තිබුණ. සුදු
කාන්තාවක් හැටියට මම හිතනව, බහු සංස්කෘතික පරිසරයකට ඔබ තුළ තිබුණු
වුවමනාව මම පාලනය කළා. මට හිතෙන්නෙ එයින් ඔබට හුදකලාවීම සහ කුපිතවීම
පිළිබඳ හැඟීම තහවුරු වුණා කියලා. ඒ නිසා ඔබට දිගට ම වැඩ කරන්න සිදු
වුණේ ඒ අනුව වෙන්නැති.
ස්පී‍්‍රං වොෂම් - හරියට හරි. ඒකත් හරියට රඟමඬලක් වගෙයි. ඒක සැනසීම
හොයා ගෙන යන මඟේ එක පියවරක් වෙන්නැති. මම වර්ගවාදයෙ අරුමෙ අඳුන ගත්ත.
ඒක කොයි තරම් කටුක ද? ඇත්තටම කොහොම වෙතත් මම අවුරුදු ගණනාවක්
වැදගැම්මකට නැති කෙනෙකුව හිටිය . ඒකට හුඟක් හේතු කියනව. ඒ නිසා මම ලොස්
ඇන්ජලීස් වලදී සැනසීම ලබා ගන්න පුළුවන් ඉවරයක් නැති මාර්ග එක්ක පැටලිලා
හිටිය. ඒවායින් සමහරක් හොයා ගත්තෙ අම්මගෙ මඟ පෙන්වීම යටතෙ. මම හොඳට ම
කලකිරිල හිටපු නිසා වෙන්නැති අම්ම ගීහඬපටි, ආත්මෝපකාරක පොත්, චිත්ත බලය
පිළිබද පොත් එවුව.
ඒ මම නැවතත් සැන්ෆ‍්‍රැන්සිස්කො පෙදෙසෙ ඉන්නකොට. එතකොට මගෙ වයස
විසිතුනයි. මම පළමුවෙන් භාවනා කරන්න පටන් ගත්තෙ එහෙදි. මට එහෙදී පොතක්
හම්බ වුණා. ඒක පරමහංස යෝගානන්ද ලියාපු Man’s
Eternal Quest (මිනිසාගේ
සර්වකාලීන ගවේෂණය ) ඒ පොත අපේ අම්මගෙ දෙවැනි ස්වාමිය විසි කරල තිබුණු
එකක්. මම කලින් කියපු හැටියට අපි එකාට එකා රුස්සන්නෙ නැතුව හිටියත් එයා
වෙනස් වෙන්න කැමති කෙනෙක්. ඒකත් අමුතු ක්‍රියාකාරි ස්වභාවයක්. ඒ
කියන්නෙ එක එකා තදින් ම නුරුස්සන තත්ත්වයක් තුළ, ආපහු එක එකා කෙරෙහි
හිතකර බලපෑමක් ඇති කරවා ගන්න ලැබීම.
මම ඒ පොත කියෙවුව. ඒක මගෙ තීරණාත්මක වෙනසක් සිදු වුණු මොහොතක්. මම
පරමහංස යෝගානන්ද හම්බ වෙන්න කැලිෆෝර්නියාවෙ, රිච්මන්ඩ්වල එයාගෙ අසපුවට
යනව කියල හිතුව. ගිහින් පැය තුනේ භාවනාව කරන්න හිතා ගත්ත. එත් ඇත්තටම
භාවනා කරන්නෙ කොහොම දැයි මම දැන ගෙන හිටියෙ නෑ. මම මෙහෙම හිතුව. මට
ගුරුවරයකු ඕනෑ. උපදෙස් ඕනෑ. හෝවාර්ඩ් මම හිතාපු පළමුවැනි උපදේශයට මාව
යොමු කළා. එයත් කලින් හුදකලා වෙලා භාවනාවට යොමු වෙලා තියනව. එයා ඒ ගැන
මට කිවුව. මම හුදකලා භාවනාවට යන්න තීරණය කළා. ඒක මගෙ පළමුවැනි හුදකලා
භාවනාව. දවස් දහයයි. ඒ කැලිෆෝර්නියාවෙ යුකා මිටියාවතේ. මගේ ගුරුවරිය
ජැක් කෝන්ෆීල්ඩ් .එයා කීප සැරයක් “ බුද්ධ “ කියන වචනය කිවුව. ඒකට මගෙ
හිත ගියා. මමත් ඒක කියවල පුහුණු කළා. මට ගැළපෙන්නේ ඒක තමයි කියල මම
හිතුව. එතකොට මගෙ වයස විසි හතරයි.
ඉන්ක්වයරිං මයින්ඩ් :- එහෙනම් ඔබ හරියට ම එය අල්ලා ගත්ත.
ස්පි‍්‍රං වොෂම් :- මාස හයකට පස්සෙ මම සැන්ටා කෲස් කන්දෙ ජිල්
ෆොන්ස්ඩාල්ගෙ අසපුවට ගියා. ඊට පස්සෙ මැසචුසෙට්ස් ප්‍රාන්තයෙ බැරි වලට
ගියා. එතැන තුන් මාසෙකට සම්පූර්ණ ශිෂ්‍යත්වයක්. මම රස්සාවෙන් අස්වුණා.
ඊට වඩා කරන්න දෙයක් නෑ. (මව දෙසට හැරෙමින්) මතක ද අම්ම හුඟක් කනගාටු
වුණා . අනිත් හැම දෙනාමත් එහෙමයි. තුන් මාසයක් මුළුමනින් සන්සුන්. ඒත්
ඒ මුළු තුන් මාසෙම ඔබ මට උදවු කළා.
ලෝනා ජෝසප් :- මුලින් ම නම් මම කලබල වුණා. මට ටිකක් බය හිතුණෙ ඔබ කලින්
ජීවන රටාව ප්‍රතික්ෂේප කරලනෙ තිබුණෙ. ඔබ මුලින් ම කීවෙ. මට පැවිදි
වෙන්න ඕනෑ. රට රටවල් ගානෙ යන්න ඕනෑ කියලනෙ. මම ඒ ගැන හුඟක් හිතුව. ඔයා
එහෙම කිවුවෙ බලාපොරොත්තු හොඳට ම සුන්වෙලා හිත් රිදිල ද? එහෙ යන්න ඕනැ
වුණේ කවුරු හරි හම්බ වෙලා සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන්නද? තව දුරටත්
මම කනගාටු වුණේ ඔබට ඔබේ ගුරුවරයකුගෙන් නුසුදුසු බලපෑමක් ඇති වුණා ද? ඒ
කියන්නෙ ඒ අයට ඕනෑ හැටියට ඔබ පාලනය කරන්න එහෙම. ඒත් ඔබ ගත්තු තීරණය
වෙනස් නොකරන කෙළින් ඉන්න කොට මම විශ්වාස කළා ඔබට ගැළපෙන්නෙ මොකක් දැයි
ඔබ දන්නව ඇති කියල.
ඉන්ක්වයරිං මයින්ඩ් :- ඇත්තට ම ඇය සමාව ලබන්න සුදුසුව හිටිය. ඒ වෙන
එකක් නිසා නොවෙයි.එයාගෙ තරුණ වයස ගැන හිතද්දී නුසුදුසු දෙයක් වුණා නම්
සමාව දීම හොඳ දෙයක්නෙ.
කොහොම වෙතත් දැන් ඇයට පුළුවනි, කෙනකු නිර්දෝෂ නූණත් ඒක ගණනකට නොගෙන
ඉන්න. මෙතන තවත් පුදුම සහගත දෙයක් තියනව. නොයෙක් අවස්ථාවලදි හොවාර්ඩ්
ඇයට නරක විදියට සලකල තියනව. ඒත් ඇය දැන් ඔහුට සමාව දීල තියනව. ඒ විතරක්
නොවෙයි එයාගෙම තාත්තටත් සමාව දීල තියනව. ඒ නිසා තාත්ත එක්කත් නැවත හොඳ
හිත පවත්ව ගන්න පුළුවන් වුණා. ඒත් සුපිරි, කිට්ටු මට්ටමකින් නොවෙයි.
අඩු තරමෙ ධනාත්මක මට්ටමකිනුයි . ඇය තාත්තගෙ ඇසුර පැතූ බව ඇත්ත. ඒත්
ඔහුට වුවමනා හැටියට නොවෙයි. ඇය සුදුසුයි හිතූ තරමිනුයි. එයාට පුරුදු
හැටියට ඉන්න ඇය ඉඩ ඇරිය.
ස්පි‍්‍රං වොෂම් :- ඒක ඇත්ත. මම පළමුවෙන් ම තනිවුණු වෙලාවෙ ඒ මහා
කරුණාවට මඟ පෑදුණා. පූර්ණ සමාධියකින් ධ්‍යානගත වෙලා ඉන්න මට අත්දැකීමක්
ලැබුණ. කොහොම වෙතත් මගෙ හිත ඉබාගාතෙ ගියෙ නම් නෑ. ඒ නිසා සිරිතක්
හැටියට ආධුනිකයන් මූණපාන මානසික අරගලය නම් මම අත්වින්දෙ නැහැ. හැබැයි,
ඒ තත්ත්වය ඇති වුණෙ පස්සෙ. මුල් දවස් දහයෙ තාවකාලික සහනයක් වගෙ දැනුණ.
මගෙ හිත හුස්මක් එක්ක අගුල් වැටුණත් මම එකහෙළා සන්සුන් සාමකාමි පියවරක
තැන්පත් වුණු බවක් දැනුණ. ඒ අපරිමිත ඒකාබද්ධ හැඟීම මගෙ මුළු සිරුර පුරා
විනිවිද ගියා. මට නැවත කවදාවත් ඒ වගේ මානසික ඒකාත්මික මොහොතක්
අත්දකින්න ලැබෙයි කියල මම හිතන්නෙනෑ. ඒක අමිල ආරම්භයක්.
මගෙ හුදකලා සමය අවසානයේ මගේ අම්ම ටෙලිෆෝනයෙන් ඇමතුව මට මතකයි. “ මගෙ
මුළු ජීවන ගමන වෙනස් වෙලා, ජීවිතය නව මඟකට යොමු වෙලා. “
මම කඩිමුඩියෙ ගෙදර ආවම මට දැනුණ මට රස්සාවක් නෑ නේද කියල. මම වැඩ
කරමින් හිටියෙ ප්‍රචාරක සමාගමක. මම නැවතත් එතෙන්ට ගිහාම මගේ ජීවිතයට
මේකෙන් වැඩක් නෑ යි මට හිතුණ.
මම ඒක අත ඇරිය. වෙනත් රස්සාවක් හොයා ගත්ත. ඒක කෙළින් ම කුඩා දරුවන්
වෙනුවෙන් කැප වුණු එකක්. එතනින් කෙරුණෙ අනාථ දරුවන් රැක බලා ගැනීමෙ
ක්‍රමයට, සැනසීමක් බලාපොරොත්තු වෙන අපි‍්‍රකානු -ඇමරිකානු පිරිමි
ළමයින් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් කළමනාකරණය යි. අන්තිමට මගෙ එකම
ලෝකය බවට පත් වුණේ සමාජයට සේවාවක් කිරීම සහ මම මට ම වඩා හොඳ වන හැටියට
උදවු කිරීමයි.
ඇත්තට ම මේ පිළිවෙත නිසා වෙන්නැති මගෙ පවුලත් එක්ක තිබුණු සබැඳියාවෙ
හිතන්න බැරි තරමේ වෙනස්කම් ඇති වුණා. ගැටවර වයසෙ කෙල්ලක් හැටියට
ගෙදරින් පිට වෙලා යද්දී, ආයෙ නම් ඒ ඇත්තන් එක්ක කතා කරන්නෙ නැහැ යි මම
හිතා ගත්ත. මාව ඒ තත්ත්වයට පාවා දුන්නෙ ඒ අය කියල මට හිතුණ. මම ඔවුන්
එක්ක එ තරම් එරෙහි වුණේ ඒකයි. ඒත් දිගින් දිගට ඒ විදිහට මට ඉන්න බැරි
වුණා. සමාව දෙන්න වෙලාව ආව. මම ප්‍රකෘති තත්ත්වයට එන්න යොමු වෙලා
හිටිය. එහෙම වුණේ නැති නම්, ලොකු වේදනාවක් විඳින්න තිබුණා. ඒ සියලු
විසමතා තියෙද්දී පවා මම මගෙ පවුලෙ අයට ආදරය කළා. කොහොම වෙතත්, මට
අම්මගෙන් ඈත් වෙන්න නම් වුවමනා වුණේ ම නෑ. ඒ වගේ ම මට හොවාර්ඩ් එක්කත්
හොඳ හිත පවත්ව ගන්න වුවමනා වුණා. ඒ දෙවැනි සැමිය හැටියට අම්මත් එක්ක
එයාගෙ තියන සබැඳියාව තහවුරු කරන්නයි. එහෙම වෙන්න ඕනෑ ඒ දෙන්න එකට ඉන්න
නිසානෙ.
ඉන්ක්වයරිං මයින්ඩ් :- ඒ කියන සුවිශේෂ අවබෝධය ලැබුණෙ ළමා වයෙස ඉඳලද?
එහෙම නැති නම්, වැඩිමනත් ජීවිතය වෙනස් වෙන හැටි දැකල ලබාපු අත්දැකීමක්
ද?
ස්පී‍්‍රං වොෂම් :- මම ඉඳගෙන කල්පනා කරද්දී මට මේ සියලු ඉරිතැලීම්
(අඩුපාඩු) පෙනුණෙ ලොකු තුවාල වගෙයි. මගෙ පළපුරුද්ද, නැති නම් අත්දැකීම්
ඒව පැහැදිලිව දකින්න ඉඩ සැලසුව.
මගෙ හැම සිතිවිල්ලක් ම මගෙ අම්ම, එයාගෙ සැමිය සහ මගෙ පවුල එක්ක බැඳුණු
එකක් වුණා. මගෙ පළමුවැනි තුන් මාසෙක තනිවීම එකම ශෝකාලාපයක් වුණා. මගෙ
ගුරුවරුන්ට ඒක පරීක්‍ෂාවට ලක්කරන්න පුළුවනි. මා ගැන කියවෙන කථාන්තරයේ
හුඟක් වේදනාවට හේතු වුණේ මට යම් කිසි දෙයක් අහිමිවීම හෝ මගේ හිත්
වේදනාව සමනය කර ගන්න බැරිවීම හෝ මගේ වේදනාව පවුලේ අයට කියා ගන්න නොහැකි
වීමයි. “ මම මොකක්ද කරන්න ඕනෑ, ඒක කරන්නෙ කොහොම ද? “ කියන එක කාගෙන්වත්
ඇහැවුවෙ නෑ.”
ඇත්තටම විශේෂයෙන් ජෝසප් ගෝල්ඩ්ස්ටයින් අවස්ථාවෙ හැටියට අනුකම්පා සහගත
වෙන්න උපදෙස් දෙමින් උදවු කළා. මම කරපු දේ පුද්ගලයින් එක එක්නෙකාට
රිදවීම හෝ ඒ වගේ වෙනත් දෙයක්. ගෝල්ඩ්ස්ටයින් කර්මය ගැන කතා කළා. අකුසල
කර්මයකදී නම්, අපට ඊට අනුරූප ලෙස විපාක විඳින්න වෙනව. වෙනත් කෙනෙකු
වෙනුවෙන් ඒකට ඇප වෙන්න අපි එක එක්කෙනාට බෑ. එහෙම පුළුවන් නම් අපි
කරනවනෙ. ජෝසප් කියන්නෙ සරල දේවල් වෙන්න පුළුවනි. හැම දෙයක්ම නීතියට
අනුව ටිකින් ටික එළිදරවු වෙන්නෙ කොහොම දැ යි කියන කාරණය ගැන ඔහු මට
පැහැදිලි කළා.
ඒ අනුව බලද්දී මගෙ අම්මගෙ දෙවැනි ස්වාමි පුරුෂයා එයාගෙ නොහික්මුණු, බිය
උපදවන ළමා වයසෙ මොන තරම් පීඩා විඳින්න ඇද්ද කියල මට තේරුම් ගන්න හැකි
වුණා. ඒ ගැන මගෙ හිතේ අනුකම්පාවක් ඇති වුණා. ඒ වගේ ම මගෙ අම්මගෙ භීතිය
දනවන ළමා කාලය ගැනත් හිතේ මැවුණ.
ඒ විතරක් නොවෙයි, අපේ පවුලෙ අවුල් සහගත සම්බන්ධතාවට මම දායක වුණේ කවර
අනුපාතයෙන් ද කියලත් මට තේරුම් යන්න පටන් ගත්ත. ගැටවර වයසෙ දැරියක්
හැටියට මම විප්ලවකාරී , කුපිත, කිසිම ගරු සරුවක් නැති, දඩබ්බර , මොන
විදිහකවත් ගනුදෙනුවකට එල්ලයක් නැති කෙනෙක් වුණා. අන්තිමට මම කරන කියන
හැම දේකින් ම ඔවුන්ට රිදවීමක් කරන්න යටි හිතින් අදහස් කරන බවත් මට
හිතෙන්නෙ පටන් ගත්ත. එයින් සිදු වුණේ ඔක්කොම පැටලිලා මම අනික් අයට
බිල්ලක් , නැති නම් ගොදුරක් බවට පත්වීමයි කියල හිතෙනව.
ඉන්ක්වයරිං මයින්ඩ් :- ඔබ ඔබේ අම්මගෙ දෙවැනි සැමියට සලකපු පිළිවෙතින්
වෙනස් වුණේ කොහොමද?
ස්පි‍්‍රං වොෂම් :- මම පළමුවෙන් හිතුව මට මේ ඔක්කොම වෙනස්කම් කළේ ඔහු
යි කියල. ඒත් අපි සමතයකට එළඹුණේ මෙහෙමයි. අපි පළමුවෙන් සුහදතාවක් ඇති
කර ගත්ත. ඊළඟට මම වඩාත් සැලකිලිමත් වුණා, හිතල බැලුව. එයා මගෙ අම්මටයි,
සහෝදරියට යි නුසුදුසු විදිහට සැලකුව. ඔහු ඒ තත්ත්වයට එළඹෙන්න හේතු වුණේ
ඔහු තුළ නළියන අසන්තුෂ්ටිය යි, පීඩාවයි . ඒ නිසා ඔහු ගැන මෙහෙම කීම
පහසු යි, හොඳයි. හරි, මේ පුද්ගලයා අසරණ වෙලා. එහෙම වුණත් මට පුළුවනි
ඔහුට අනුකම්පා කරන්න, ආදරය කරන්න, එයත් එක්ක වැඩ කරන්න.
ඉන්ක්වයරිං මයින්ඩ් :- ඒක ඔබ කියන කථාන්තරයෙ තවත් පැත්තක්. ඒ ඇත්ත ඒ
තරමට ම හිත් කම්පා කරවන්නක්. ඔබ තුළ සසල බවක් ඇති කරපු වෙනස ඇති වෙන්න
ධර්මය ප්‍රගුණ කිරීම මඟින් ඉඩකඩ පෑදුණේ කොහොම ද? එයා සම්බන්ධයෙන් ඔබ
අලුත් විදිහට කටයුතු කළේ කොහොමද? ඇත්තට ම ඔහු තුළ වෙනසක් නැති නම්,
ප්‍රගතියක් ඇති වුණාද?
ස්පී‍්‍රං වොෂම් :- ධර්මය වෙනුවෙන් මගේ කැපවීමේ අවංක පිළිවෙත ඔහු
අත්දැකල තේරුම් ගත්තයි කියල මම හිතනව. ඇත්තටම ධර්මය සම්බන්ධයෙන් මම ඒ
පිළිවෙත අනුගමනය කළේ සතුටින් ඉන්න. එයාටත් හදවතක් තියනවනෙ. තමා
වෙනුවෙන් ම ඔහු හුඟක් මහන්සියෙන් යුතුකම් ඉටු කරලත් තියනව. අවුරුදු
ගණනාවක් තිස්සෙ එයා වෙනස් වෙලත් තියනව. ඇත්තටම එයාට මට ඇහුම්කන් දීම
පහසුයි කියල තේරිලා වගෙයි. මම එයාට කතා කරන්න උත්සාහ කරපු හැම වෙලාවක ම
මගේ කතාව මිහිරි සහ මෘදු විදහට යොදා ගත්ත. ඔබ තවත් තුන් මාසෙකට
ඉවසුවොත්, ඔබ දැන් කියන දේ ගැන අවබෝධයක් ලබාවි.
එතකොට ඔබ කියනදේත් දැන ගන්න පුළුවනි. මම කලින් වගේ ආක්‍රමණශීලි වුණේ
නෑ. මම මගේ ගෞරවය එතෙකුත් රැක ගත්ත. අවංක, ඍජු තරුණියක් හැටියට මම මගේ
ඒ ආකල්පය අවුරුදු ගණනාවක් තිස්සෙ රැක ගත්ත. මට මතක හැටියට මගෙ හුදකලා
යුගයෙ යම් කිසි ඉරිතළා යෑමක් වුණා ද කියලත් දැනෙනව. මම ඍජු යි. විවෘත
යි කියල මට හිතුණ. මම දැන් දරදඬු නෑ කියල මම හිතනව. ඇත්තට ම ආත්ම
විශ්වාසය දිග ගමනකට විවෘතයි.
කාලයත් එක්ක මෙතෙකැයි කියන්න බැරි තරම් පියවර ඔස්සෙ මගෙ කිපෙන ගතිය දිය
වෙලා ගියා. මෙත්තා සහ කරුණා චෛතසිකය ප්‍රගුණ කිරීමෙන් මගේ අභ්‍යන්තර
වෙනස් වීමට විශාල බලපෑමක් ඇති වුණා. දිගින් දිගට ගිය පසුබටවීම් හරි,
හුදකලාවීම් චිත්ත සමාදාන ක්‍රියාවලිය නොසිඳී පවත්වාගෙන යන්න පදනම් වෙලා
තියනව.
Inquiring Mind සඟරාවේ
WE ARE ALL IN THIS TOGETHERE
ලිපියේ පරිවර්තනයකි.
ලිංගික අපචාර පිළිබඳ මතකය ඉස්මතුවීම් සහ වෙනත් මතකයන් එක්ක පෑහිලා
ක්‍රියා කරන්න බැරිවීම නිසා මගෙ සිහි කල්පනාව අඩපණ වෙලා තිබුණ. ඒ
ඔක්කොමත් එක්ක “ඉන්සයිට් මෙඩ්ටේෂන් සොසයිටියෙ “ ගුරුවරුන් සහ
නිලධරයන්ගෙ අමතක නොවන වටිනා උදවු, උපකාර නිසා ඒවට මුහුණ දෙන්න හැකි
වුණා.
මගේ භාවනා පුහුණුවීම්වල සමහර බැරෑරුම් අවස්ථාවලදි මගෙ ආරක්ෂාව ගැන
අවධානයෙන් හිටපු ජෝසප් ගෝල්ඩ්ස්ටයින්ට මගෙ හෘදයාංගම ගෞරවය හිමිවෙනව.
ඉන්ක්වයරිං මයින්ඩ් :- ඔබේ පුහුණුවීම් අතරතුරදි ඔබේ පවුලේ අය එක්ක
පැවති සම්බන්ධතාවල වෙනසක් ඇති වුණා ද යන්න ගැන අහන්න හිතෙනව. ඒ කියන්නෙ
පවුලට සම්බන්ධ කුඩා දරුවන් සහ ඔබේ පියා ගැන එහෙම. ඒ අය එක්ක ඇති වුණු
අමනාපකම් පිළිබඳ චිත්ත පීඩාවක් ඇති වුණේ නැද්ද?
ස්පී‍්‍රං වොෂම් :- විඳින්න එකහෙළාම දරුණු වුණේ පහුගිය කාලෙ වුණු
අකරතැබ්බ. ඒ අම්ම, තාත්ත හරි, සහෝදරියන් නැතිවීම නිසා ඇතිවුණු වේදනාවක්
නොවෙයි. මට තදින්ම දැනුණෙ තනිවීම පිළිබඳ වේදනාව, මම මගෙ වයස විසිතුන
කාලෙ මගෙ තාත්ත, එයාගෙ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරුවන් එක්ක එකතු
වෙලාහිටිය. ඒ මගෙ අධ්‍යාත්මික ගවේෂණය අතරවාරේ. මට උන්හිටි ගමන් ඔවුන්
ගැන බලවත් ආදරය සහ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇති වුණා. මම ඔවුන්ට දිගට ම
උදවු කරනව. කාඩ්පත් සහ තෑගි යවනව. මගෙ ම සහෝදරිය එක්කත් නැවත සම්බන්ධය
අලුත් කර ගත්ත. අපේ පවුලෙ තිබුණු අවුල් සහගත තත්ත්වය නිසා එයා අයාලෙ
ගිහින් තිබුණ. ඒත් දැන් එයා ඒ පිළිවෙතින් මිදිල. අපේ ගැටවර තරුණ කාලෙ.
එයා හුඟක් කල් මා එක්ක කතා නොකර හිටිය. ඇත්තට ම අපි දෙන්න එකාට එකා
පරස්පරයි. ඒත් මම එයාට ආදරෙයි. දැන් අපි දෙන්න බොහොම සුහදයි. ඒත් මගෙ
ආධ්‍යාත්මික ජීවිතය නම් එයත් එක්ක තරයේ ම ගැටෙනව. අපි දෙන්නම හුදකලා
වෙලා තියෙන්නෙත් එකට. ජීවත්වෙලා තියෙන්නෙත් එකට. අපේ සම්බන්ධය තරයේ ම
අධ්‍යාත්මික ක්‍රියාවලිය මගින් පණ ගැන්විලා තියනව.
ලෝනා ජෝසප් :- දැන් ඒ ගොල්ලො විශිෂ්ටතම මිත්‍රයො. ඔවුන්ගෙ ළමා කාලෙ
ඔවුන් එක ම කාමරේ නිදා ගත්ත වගේ එකට ඉන්නවත් බැරිවයි හිටියෙ.
(ස්පී‍්‍රං දෙස හැරී) කවද හරි මට පුළුවන්ව තිබුණටත් වඩා හොඳින් දැන්
හැමෝටම එක එක්කෙනාට ළං වෙන්න පුළුවනි. එක එක්කෙනාට වෙනස් හැටියට පෙනුණු
අය එක්කත් එකට ඉන්න පුළුවනි. පවුලෙ අය එක්ක විතරක් නොවෙයි, සමාජය
එක්කත් පෑහෙන්න පුළුවනි. සත්තකින්ම ඒකට ගරු කරනව, අගය කරනව.
ස්පී‍්‍රං
වොෂම් :- මෑතකදී මම හුදකලා වෙලා ඉන්නකොට මට බලවත් සහ වැදගත් අවබෝධයක්
ලැබුණ. ඒක අන්තර් සම්බන්ධතාව සහ කරුණාව එක්ක බැඳුණු අනුකම්පාව පිළිබඳ
පුදුම සහගත එකක් වුණා. එතන ඉඳල ඒක අමනාපකම් සහ කුඩුකේඩුකම් වලට ග්‍රහණය
කර ගන්න අමාරු වෙලා තියනව. හැම දෙනාම වුණු දේවලට තැවෙනව, කම්පා වෙනව. ඒ
නිසා කවුරුන් එක්ක වුණත් මම තරහ වෙන්නෙ කොහොමද? මම ඒක ඒ තරම් පැහැදිලිව
දැක්ක. මම ඒකට කැමතියි. පුදුමෙනුත් පුදුම යි. දැන් අපි ඔක්කොම එකමුතු
යි. |