 
			  
			මහනුවර මාරතුගොඩ  
			විදුමිණ විද්‍යායතන පිරිවෙනෙහි  
			ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත 
			මහරැඹෑවැවේ පාලිත හිමි 
			 භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක්හි සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු මහ 
			සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එහිදී බුදුරජාණන් වහන්සේ 
			භික්ෂූන් අමතා චේතෝඛිල (සිතේ කහට මෙන් බැඳී තිබෙන) ධර්ම පහක් හා 
			විනිබන්ධ (සිත පිළිබඳ බැම්ම) ධර්ම පහක් දේශනා කළහ. සිතේ පවිත්‍රතාව 
			ඇතිකර ගැනීමට මෙම චේතෝඛිල පහ මෙන්ම විනිබන්ධ පහ ද ප්‍රහීණ කිරීම 
			අත්‍යවශ්‍ය වේ. මේවායෙහි ප්‍රහීණය කෙලවර නිර්වාණාධිගමය ද වේ. එබැවින් 
			මේවා පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වෙයි. පෙළ දහමට අනුව චේතෝඛිල මෙන්ම 
			විනිබන්ධ ධර්මයන් හා ඒවා පහ කරන අයුරු විමසා බලමු. 
			
			මහණෙනි, යම් කිසි භික්ෂුවක් විසින් සිත බැඳී පවත්නා කුණු වැනි හෙයින්, 
			(හුල් වැනි හෙයින්) චේතෝඛිල නම්වූ ධර්ම පහක් පහ නොකරන ලද්දාහු ද හිත 
			සම්බන්ධවූ බැමි පසක් නොසිඳන ලද්දාහු ද, ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් මේ 
			ශාසනයෙහි අභිවෘද්ධියට ද, වැඩීමට ද මහත් බවට ද පැමිණෙන්නේය, යන මේ කාරණය 
			සිදු නොවෙයි. ඔහු විසින් පහ නොකරන ලද චේතෝඛිල ධර්ම පහ මෙසේය. 
			බුදුන් කෙරෙහි සැකය 
			
			මහණෙනි, මේ ශාසනයෙහි, මහණතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරයි ද, 
			අවිශ්වාස කරයිද මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද නොපහදීද මහණෙනි, යම් ඒ 
			භික්‍ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරේද, විශ්වාස නොකෙරේද, 
			නිශ්චයට නොපැමිණේද, නොපහදීද, ඒ භික්‍ෂුහුගේ සිත කෙලෙසුන් තවන වීර්ය 
			කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම 
			පිණිස වීර්ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය 
			කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම 
			පිණිස වීර්ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් පළමුවන චේතෝඛිල 
			ධර්මය පහ නොකරන ලද්දේ වෙයි. 
			ධර්මය කෙරෙහි සැකය
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ධර්මය සැක කෙරේද අවිශ්වාස කරයිද 
			මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද නොපහදීද මහණෙනි, යම් භික්‍ෂුවක් 
			ධර්මයෙහි සැක කරයි ද, අවිශ්වාස කරයිද, මෙසේ මෙසේ යයි නිශ්චයට 
			නොපැමිණේද, නොපහදීද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම 
			වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්ය කිරීම පිණිස, වීර්ය 
			පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස 
			එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්ය 
			පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් දෙවන චේතෝඛිල ධර්මය පහ නොකරන 
			ලද්දේ වෙයි. 
			සංඝ රත්නය කෙරෙහි සැකය
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සංඝයා කෙරෙහි සැක කෙරේද, අවිශ්වාස 
			කරයි ද, මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද මහණෙනි, යම් ඒ 
			භික්‍ෂුවක් සංඝයා කෙරෙහි සැක කෙරේද, අවිශ්වාස කරයි ද මෙසේ මෙසේ යයි 
			නිශ්චයට නොපැමිණේද, නොපහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස 
			එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්ය 
			පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස 
			එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්ය 
			පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් තෙවන චේතෝඛිල ධර්මය පහ නොකරන 
			ලද්දේ වෙයි. 
			ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැකය
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැක 
			කෙරේද, අවිශ්වාස කරයිද මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද නොපහදීද 
			මහණෙනි, යම් භික්‍ෂුවක් ධර්මයෙහි සැක කෙරේද අවිශ්වාස කරයිද මෙසේ මෙසේ 
			යයි නිශ්චයට නොපැමිණේද නොපහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම 
			පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස 
			වීර්ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම 
			පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස 
			විර්ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් සතරවන චේතෝඛිල ධර්මය පහ 
			නොකරන ලද්දේ වෙයි. 
			සබ්‍රම්සරුන් කෙරෙහි සැකය
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සබ්‍රම්සරුන් (එකට, මහණ දම් පුරණ 
			භික්‍ෂූන්) කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ තරහයෙන් මැඩුනු සිත් 
			ඇත්තේ තද ගතියෙන් යුක්ත වූයේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් 
			සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ තරහයෙන් මැඩුණු සිත් 
			ඇත්තේ, තද ගතියෙන් යුක්තතවූයේ වෙව්ද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය 
			කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම 
			පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන 
			වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය 
			කිරීම පිණිස වීර්ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් පස්වැනි 
			චේතෝඛිල ධර්මය පහ නොකරන ලද්දේ වෙයි. ඔහු විසින් මේ චේතෝඛිල ධර්ම පස පහ 
			නොකරන ලද්දාහු වෙත්. 
			පළමු විනිබන්ධය 
			
			ඔහු විසින් කවර නම් සිත පිළිබඳ බැමි පසක් නොසිඳින ලද්දාහු ද, මහණෙනි, 
			මේ ශාසනයෙහි මහණතෙම කාමයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත 
			ඇත්තේ වේද, පහ නුවූ ප්‍රේමය ඇත්තේ වේද පහ නොවූ පිපාසය ඇත්තේ වේද, පහ 
			නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහ නොවූ තෘෂ්ණාව ඇත්තේ වේද මහණෙනි, යම් මේ 
			මහණෙක් තෙම කාමයේ පහ නොවූ ආශාව ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේ වේද, 
			පහ නොවු ප්‍රේමය ඇත්තේ වේද පහ නොවූ පිපාසය ඇත්තේ වේද පහ නොවූ දැවිල්ල 
			ඇත්තේ වේද පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය 
			කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම 
			පිණිස වීර්ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය 
			කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම 
			පිණිස වීර්ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ පළමුවෙනි සිත 
			පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ. 
			දෙවන විනිබන්ධය
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමන්ගේ කයෙහි පහ නොවූ ආශාව ඇත්තේ 
			වේද පහනොවූ කැමැත්ත ඇත්තේ වේද පහ නොවූ ප්‍රේමය ඇත්තේ වේද පහ නොවූ 
			පිපාසය ඇත්තේ වේද පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද පහ නොවූ තෘෂ්ණාව ඇත්තේ වේද 
			මහණෙනි, යම් මේ භික්ෂුවක් තමන්ගේ කයෙහි පහ නොවූ ආශාව ඇත්තේ වේද පහ 
			නොවු කැමැත්ත ඇත්තේ වේද පහ නොවූ තෘෂ්ණාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් 
			තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය 
			කිරීම පිණිස , වීර්ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් 
			තවන වීර්ය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර විර්ය 
			කිරීම පිණිස වීර්ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ දෙවෙනි 
			සිත පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ. 
			තෙවන විනිබන්ධය 
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමාගෙන් අන්‍යවු රූපයෙහි පහ නොවූ 
			ආශාව ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේ වේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේ 
			වේද, පහ නොවූ පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ 
			තෘෂ්ණා ඇත්තේ වේද මහණෙනි, යම් ඒ මහණෙක් තමාගෙන් අන්‍යවූ රූපයෙහි පහ 
			නොවූ ආශාව ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේ වේද, පහ නොවූ ප්‍රේමය 
			ඇත්තේ වේද, පහ නොවූ පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහ 
			නොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස එම 
			වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස, වීර්ය 
			පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම 
			පිණිස, එම වීර්යයෙහි, නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස, 
			වීර්ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ තෙවෙනි සිත පිළිබඳ 
			බැම්ම නොසිඳින ලද්දේ වේ. 
			සිව්වන විනිබන්ධය 
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කුස පිරෙනතෙක් අනුභව කොට නිදීම් 
			සැපයෙහිද, ඒ මේ අත පෙරළි පෙරළී නිදීම් සැපයෙහි ද යෙදී වාසය කෙරේද, 
			මහණෙනි, යම් මේ භික්‍ෂුවක් කුස පිරෙනතෙක් අනුභව කොට නිදීම් සැපයෙහිද, ඒ 
			මේ අත පෙරළි පෙරළී නිදීම් සැපයෙහිද, යෙදී වාසය කෙරේද, ඔහුගේ සිත 
			කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස 
			නිතර වීර්ය කිරීම පිණිස, වීර්ය පිහිටුවීම පිණිස නොනැමෙයි.  
			යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත 
			යෙදීම පිණිස, නිතර වීර්ය කිරීම පිණිස, වීර්ය පිහිටුවීම පිණිස නොනැමේද 
			මෙසේ ඔහු විසින් මේ සිව්වෙනි සිත පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ. 
			පස්වන විනිබන්ධය 
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ 
			තපසින් හෝ බ්‍රහ්මචරියාවෙන් හෝ මහේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි.  
			අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි’ යි කියා එක්තරා දිව්‍ය නිකායක් 
			ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචර්යාවෙහි හැසිරේද, මහණෙනි, ඒ භික්ෂුවක් මම මේ 
			ශීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බ්‍රහ්මචරියාවෙන් හෝ මහේශාක්‍ය දෙවියෙක් 
			හෝ අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි’ යි කියා එක්තරා දිව්‍ය නිකායක් 
			ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචර්යාවෙහි හැසිරේද ඔහුගේ සිත කෙලෙසුන් තවන 
			වීර්ය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය 
			කිරීම පිණිස, වීර්ය පිහිටුවීම පිණිස, නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් 
			තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර 
			විර්ය කිරීම පිණිස, වීර්ය පිහිටුවීම පිණිස, නොනැමේද මෙසේ ඔහු විසින් මේ 
			පස්වෙනි සිත පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ. ඔහු විසින් මේ පස් 
			වැදෑරුම් බැමි නොසිඳින ලද්දාහු වෙත්. 
			මහණෙනි, යම් කිසි භික්ෂුවක් විසින් චේතෝඛිල ධර්ම පහද මේ විනිබන්ධ ධර්ම 
			පස ද නොසිඳන ලද්දාහු ද, ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි 
			අභිවෘද්ධියට ද වැඩීමට ද මහත් බවට ද පැමිණෙන්නේය, යන මේ කාරණය 
			සිදුනොවේය. 
			මහණෙනි, යම්කිසි භික්ෂුවක් විසින් මේ පස් වැදෑරුම් චේතෝඛිල ධර්මයෝත් 
			පස් වැදෑරුම් විනිබන්ධ ධර්මයෝත්, සිඳින ලද්දාහු ද ඒ භික්ෂූ තෙම 
			ඒකාන්තෙයන් මේ ශාසනයෙහි අභිවෘද්ධියට ද වැඩීමට ද මහත් බවටද පැමිණෙන්නේය, 
			යන මේ කාරණය සිදුවෙයි. ඔහු විසින් කවර නම් චේතෝඛිල ධර්ම පහක්, පහකරන 
			ලද්දාහුද යත්, 
			බුදුන් කෙරෙහි සැක නැතිබව
			
			මහණෙනි, මේ ශාසනයෙහි, මහණතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නොකරයිද, 
			විශ්වාස කරයිද මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේද පහදීද මහණෙනි, යම් ඒ 
			භික්‍ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නොකෙරේද, විශ්වාස කෙරේද, 
			නිශ්චයට පැමිණේද පහදීද ඒ භික්‍ෂුහුගේ සිත කෙලෙසුන් තවන වීර්ය්‍ය කිරීම 
			පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස 
			වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි.  
			යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත 
			යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්ය පිහිටුවීම පිණිස නැමේද මෙසේ 
			ඔහු විසින් පළමුවන චේතෝඛිල ධර්මය පහ කරන ලද්දේ වෙයි. 
			ධර්මය කෙරෙහි සැක නැතිබව
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ධර්මය සැක නොකෙරේද විශ්වාස කරයිද 
			මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේද පහදීද, මහණෙනි, යම් භික්‍ෂුවක් ධර්මයෙහි 
			සැක නොකෙරේද විශ්වාස කරයිද, මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේද’ පහදීද, 
			ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත 
			යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්ය පිහිටුවීම පිණිස නැමෙයි. 
			යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත 
			යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්ය පිහිටුවීම පිණිස නැමේද මෙසේ 
			ඔහු විසින් දෙවන චේතෝඛිල ධර්මය පහ කරන ලද්දේ වෙයි. 
			සඟුන් කෙරෙහි සැක නැතිබව
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සංඝයා කෙරෙහි සැක නොකෙරේද, විශ්වාස 
			කරයිද, මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේද, පහදීද මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් 
			සංඝයා කෙරෙහි සැක නොකෙරේද, විශ්වාස කරයිද, මෙසේ මෙසේ යයි නිශ්චයට 
			පැමිණේද, පහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම 
			වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්යය 
			පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස 
			එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්ය 
			පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් තෙවන චේතෝඛිල ධර්මය පහ කරන 
			ලද්දේ වෙයි. 
			ත්‍රිවිධ ශික්‍ෂා කෙරෙහි සැක නැතිබව
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැක 
			නොකෙරේද, විශ්වාස කරයිද මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේද පහදීද මහණෙනි, 
			යම් භික්‍ෂුවක් ධර්මයෙහි සැක නොකෙරේද විශ්වාස කරයිද මෙසේ ;මසේ යයි 
			නිශ්චයට පැමිණේද පහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම 
			වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්යය 
			පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස 
			එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්ය 
			පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් සතරවන චේතෝඛිල ධර්මය පහ කරන 
			ලද්දේ වෙයි. 
			සබ්‍රම්සරුන් කෙරෙහි සැක නැතිබව
			
			මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ 
			සතුටු සිත් ඇත්තේ මෛත්‍රී සිත් ඇත්තේ මෘදු ගතියෙන් යුත් වූයේ වේද, 
			මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ සතුටු සිත් 
			ඇත්තේ ද මෛත්‍රී සිත් ඇත්තේ මෘදු ගතියෙන් යුක්ත වූයේ වේද, ඔහුගේ සිත 
			කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස 
			නිතර වීර්ය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත 
			කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස 
			නිතර වීර්ය කිරීම පිණිස වීර්ය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් 
			පස්වැනි චේතෝඛිල ධර්මය පහ කරන ලද්දේ වෙයි. ඔහු විසින් මේ චේතෝඛිල ධර්ම 
			පහ, පහ කරන ලද්දාහු වෙත්. 
			සිත පිළිබඳ පළමු බැම්ම සිඳීම
			
			ඔහු විසින් කවර නම් සිත පිළිබඳ බැමි පසක් සිඳින ලද්දාහු වෙත් ද? 
			මහණෙනි, මේ ලෝකයෙහි මහණතෙම කාමයෙහි පහවූ ආශාව ඇත්තේ වේද , පහවු 
			කැමැත්ත ඇත්තේ වේද පහවූ ප්‍රේමය ඇත්තේ වේද පහවූ පිපාසය ඇත්තේ වේද පහවූ 
			දැවිල්ල ඇත්තේ වේද පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද මහණෙනි, යම් මේ මහණෙක් තෙම 
			කාමයේ පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය 
			ඇත්තේ වේද පහවූ පිපාසය ඇත්තේ වේද පහවූ දැවිල්ල ඇත්තේ වේද පහවූ තෘෂ්ණාව 
			ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි 
			නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස, වීර්ය පිහිටුවීම පිණිස 
			නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත 
			නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරිම පිණිස වීර්ය පිහිටුවීම පිණිස නැමේද, 
			මෙසේ ඔහු විසින් මේ පළමුවෙනි විනිබන්ධය (සිත පිළිබඳ බැම්ම) සිඳින ලද්දේ 
			වේ. 
			සිත පිළිබඳ දෙවන බැම්ම සිඳීම
			
			මහණෙනි නැවත අනෙකක් ද කියමි. මහණතෙම තමන්ගේ කයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, 
			පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ 
			වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් මේ 
			භික්ෂුවක් තමන්ගේ කයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, 
			පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ 
			වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙසෙුන් තවන වීර්ය කිරීම පිණිස 
			එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස විර්ය 
			පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස 
			එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්යය 
			පිහිටුවීම පිණිස නැමේ ද මෙසේ ඔහු විසින් සිත පිළිබඳ වූ මේ දෙවැනි වූ 
			විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වෙයි. 
			සිත පිළිබඳ තෙවන බැම්ම සිඳීම
			
			මහණෙනි නැවත අනෙකක් ද කියමි. මහණතෙම බාහිර වූ රූපයෙහි පහවූ ආශාව ඇත්තේ 
			වේ ද පහවූ කැමැත්ත ඇත්තේ වේද පහවූ ප්‍රේමය ඇත්තේ වේද පහවූ පිපාසය ඇත්තේ 
			වේද පහවූ දැවිල්ල ඇත්තේ වේද පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ 
			භික්ෂුවක් බාහිර වූ රූපයෙහි පහවූ රාගය ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ 
			වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල 
			ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්ය 
			කිරීම පිණිස එම විර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම 
			පිණිස විර්ය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය 
			කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම 
			පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමේ ද මෙසේ ඔහු විසින් රූපය පිළිබඳ වූ 
			මේ තෙවැනි වූ විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වෙයි. 
			සිත පිළිබඳ සිව්වන බැම්ම සිඳීම
			
			මහණෙනි නැවත අනෙකක් ද කියමි. මහණතෙම බඩපුරා අනුභවකොට සයන සැපයෙහි ද ඒ 
			මේ අත පෙරළෙමින් නිදන සැපයෙහි ද, නිදි සැපයෙහි ද යෙදී වාසය නොකෙරේද 
			මහණෙනි යම් ඒ භික්ෂුවක් බඩපුරා අනුභව කොට සයන සැපයෙහි ද ඒ මේ අත 
			පෙරලෙමින් නිදන සැපයෙහි ද, නිදි සැපයෙහි ද යෙදී සයනය නොකෙරේද ඔහුගේ සිත 
			කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස එම විර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස 
			නිතර විර්ය කිරීම පිණිස වීර්ය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත 
			කෙලෙසුන් තවන වීර්ය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස 
			නිතර වීර්ය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමේ ද මෙසේ ඔහු විසින් 
			ආහාරය පිළිබඳ වූ මේ සිව් වැනි විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වෙයි. 
			 
			 
			සිත පිළිබඳ පස්වන බැම්ම සිඳීම
			
			මහණෙනි නැවත අනිකක් ද කියමි. මහණතෙම මම මේ ශීලයෙන් හෝ මේ වතින් හෝ මේ 
			තපසින් හෝ මේ බ්‍රහ්මචරියාවෙන් හෝ මහේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි. 
			අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි.  
			කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කර ගෙන බ්‍රහ්මචර්යාවෙහි 
			නොහැසිරේද, මහණෙනි යම් ඒ භික්ෂුවක් මම මේ ශීලයෙන් හෝ මේ වතින් හෝ මේ 
			තපසින් හෝ මේ බ්‍රහ්මචරියාවෙන් හෝ මහේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි 
			අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි’ යි කියා එක්තරා දිව්‍ය නිකායක් 
			ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචර්යාවෙහි නොහැසිරේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන 
			වීර්ය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය 
			කිරීම පිණිස වීර්ය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන 
			වීර්ය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය 
			කිරීම පිණිස වීර්ය පිහිටුවීම පිණිස නැමේ ද මෙසේ ඔහු විසින් ශීලය පිළිබඳ 
			වූ මේ පස්වැනි වූ විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වෙයි. ඔහු විසින් සිත 
			පිළිබඳ වූ මේ විනිබන්ධ පහ මනාකොට සිඳින ලද්දාහු වෙත්. 
			අර්හත්ඵල ප්‍රතිලාභය
			
			මහණෙනි යම්කිසි භික්ෂුවක් විසින් මේ චේතෝඛිල ධර්ම පස ද මේ විනිබන්ධ 
			ධර්ම පසද සිඳින ලද්දාහු ද ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන්ම මේ ශාසනයෙහි 
			අභිවෘද්ධියටද, වැඩීමට ද නැඟීමටද මහත් බවටද පැමිණෙන්නේය යන මේ කාරණය 
			සිදුවෙයි. ඒ භික්ෂුතෙම ඡන්දය නිසා පැවති සමාධිය ප්‍රධාන කොට ඇති 
			සංස්කාරයන්ගෙන් යුක්තවූ සෘධිපාදය වඩයි. සිත නිසා පැවති සමාධිය 
			ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ සෘද්ධිපාදය වඩයි. සිත නිසා 
			පැවති සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ සෘද්ධිපාදය වඩයි. 
			වීර්ය නිසා පැවති සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ 
			සෘද්ධිපාදය වඩයි. වීමංසාව නිසා පැවති සමාධිය ප්‍රධාන කොට ඇති 
			සංස්කාරයන්ගෙන් යුක්තවූ සෘද්ධිපාදය වඩයි. සෑම තන්හි කටයුතු වීර්යයම 
			හෙවත් සියලු කටයුතු සිදුකරන වීර්යයම පස්වැනි කොට ඇත්තේ වේද මහණෙනි මෙසේ 
			සියලු අභිවෘද්ධිය සිදුකරන වීර්යය සහිත පසලොස් අඞ්ගයකින් සමන්විත වූ ඒ 
			මේ භික්ෂුතෙම නුවණින් කෙලෙස් බිඳීමට සුදුසු වේ. සතර මාර්ග ඥානය අවබෝධ 
			කරගැනීමට යෝග්‍ය වේ. උතුම් වූ අර්හත් ඵල අවබෝධයට යෝග්‍ය වේ. 
			කිකිළිය හා බිජුවට
			
			මහණෙනි යම්සේ කිකිළියගේ බිජුවට අටක් හෝ දහයක් හෝ දොළසක් හෝ වෙත්ද, ඒ 
			බිජුවට කිකිළිය විසින් මනාකොට රකින ලද්දාහු උණුසුම් කරන ලද්දාහු මනාකොට 
			වඩන ලද්දාහු වෙත්ද ඒ කිකිළියට මාගේ කුකුල් පැටව් පයේ නියවලින් හෝ 
			හොටෙන් හෝ ඇණ සුවසේ බීජයන් බිඳගෙන නික්මෙන්නාහු නම් ඉතා යෙහෙකැයි යන 
			මෙබඳු ආශාවක් නූපදින්නීය. එහෙත් ඒ කුකුල් පැටව් පයේ නියවලින් හෝ හොටෙන් 
			හෝ ඇණ සුවසේ බිජු බිඳගෙන නික්මෙන්නට යෝග්‍යවූවාහු වෙද්ද, මහණෙනි 
			එපරිද්දෙන්ම මෙසේ සියලු කටයුතු සිදුකරන වීර්ය සහිත පසළොස් අංගයෙන් 
			සමන්විත වූ මහණ තෙම නුවණින් කෙලෙස් බිඳීමට යෝග්‍යය වේ. සතර මාර්ගඥානය 
			අවබෝධයට යෝග්‍ය වේ. උතුම් වු අර්හත් ඵලයාගේ අවබෝධයට යෝග්‍යවේම ය. 
			භාග්‍යවතුන් වහන්සේ මේ දම් දෙසුම දේශනා කළහ. සතුටු සිත් ඇත්තාවූ ඒ 
			භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.  |