අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානය 20 වන දා
අගොන්ශු මිත්‍රත්ව පදනමේ 18 වන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මේ මස 20 වන දා
පස්වරු 02.30 ට පොළොන්නරුව බුද්ධි මණ්ඩප ශාලාවේ දී පැවැත්වේ. ගිරිතලේ
ශ්‍රී අග්‍රබෝධි විහාරාධිපති, දර්ශනපති වරදිවෙල ධර්මාරාම නාහිමිපාණන්
වහන්සේ මුලසුන හොබවන එම උත්සවයට ජපානයේ අගොන්ශු නිකායේ ජ්‍යෙෂ්ඨ
අනුනායක ෆුකද සෙයිඅ හිමිපාණන් ප්‍රමුඛ විශේෂ අගොන්ශු දූත පිරිසක් ද
සහභාගි වෙති.
ඉතිරිය»
සිතේ බැදි කහට බැමි ඉවත් කරගන්නේ කෙසේද?
භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක්හි සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු මහ
සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එහිදී බුදුරජාණන් වහන්සේ
භික්ෂූන් අමතා චේතෝඛිල (සිතේ කහට මෙන් බැඳී තිබෙන) ධර්ම පහක් හා
විනිබන්ධ (සිත පිළිබඳ බැම්ම) ධර්ම පහක් දේශනා කළහ. සිතේ පවිත්‍රතාව
ඇතිකර ගැනීමට මෙම චේතෝඛිල පහ මෙන්ම විනිබන්ධ පහ ද ප්‍රහීණ කිරීම
අත්‍යවශ්‍ය වේ. මේවායෙහි ප්‍රහීණය කෙලවර නිර්වාණාධිගමය ද වේ. එබැවින්
මේවා පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වෙයි. පෙළ දහමට අනුව චේතෝඛිල මෙන්ම
විනිබන්ධ ධර්මයන් හා ඒවා පහ කරන අයුරු විමසා බලමු.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දහම දකිමු
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර අතර අපේ මෙලොව සුගතිය
ප්‍රගතිය හා සුබ සිද්ධිය උදෙසා මහා මංගල සූත්‍රය ඉතා වැදගත් සූත්‍රයකි.
අද මාගේ ධර්ම දේශනා වේ අරමුණු වූ මෙම ගාථාව එහි සඳහන් වන අවසන් ධර්ම
කාරණා විස්තරවන ගාථාවයි. බුදු දහම යනු කුමක්ද? බුදුන් වහන්සේ ඉදිරිපත්
කළ සමාජ දර්ශනය තුළ පුද්ගලයා කෙබඳු තත්ත්වයක් වටහාගෙන ජීවත් විය යුතුද
යන්න මෙම ගාථාවෙන් පැහැදිලි වෙනවා.
ඉතිරිය»
|