ලෙනවර රජමහා විහාරයේ 
			කඨින පින්කම
			
			 
			ලෙනවර රජමහා විහාරයේ කඨින පින්කම නිමිත්තෙන් නොවැම්බර් මස 02 වන දා සිට 
			13 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 සිට ධර්ම දේශනා මාලාවක් සහ පරිත්‍රාණ 
			ධර්ම දේශනාවක් සහ කඨින පින්කම හා සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ. 
			ඒ අනුව නොවැම්බර් 02 වන දා සිට දිනපතා රාත්‍රී 07 ට ධර්ම දේශනා 
			පැවැත්වේ. 02 වන දා ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමි 03 වන දා 
			කෝම්පිටියේ සුසීල හිමි 04 වන දා ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි, 5 වන දා 
			දිවියාගහ යසස්සි නා හිමි, 6 වන දා බොරැල්ලේ අතුල නාහිමි 7 වනදා 
			දොඩම්ගොඩ අස්සජි නාහිමි 8 වන දා සූරියගොඩ සිරිධම්ම නාහිමි 9 වන දා 
			ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, 10 වන දා මාදුළුවාවේ සෝභිත නාහිමි 
			11 වන දා දොඩන්දූවේ සිරිතර නාහිමි 12 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ 
			ධර්ම දේශනාව සහ 13 වන දා උදෑසන කඨින වස්ත්‍ර පූජාව සහ සපිරිකර සංඝගත 
			දක්‍ෂිණාව පැවැත්වේ. 13 වන දා රාත්‍රී කඨිනානිශංස ධර්ම දේශනාව ලෙනවර 
			රජමහා විහාරාධිපති හිඳුරන්ගල සෝරත හිමියන් විසින් පවත්වනු ලැබේ. කඨින 
			පෙරහර තලාව කැබැල්ලහේන වයි. රොසලින් නෝනා කාරියවසම් මහත්මියගේ නිවසින් 
			ආරම්භ කැරේ.  |