අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2010
බුද්ධ ධර්මය - උපකාරක පාඩම
ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයීය, දහම් සරසවියේ කථිකාචාර්ය,
බ/ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආචාර්ය
උපුල්සිංහ පතිරණ
පරිසරය සෞන්දර්යය හා මිනිස් පැවැත්ම
2010 අපොස (සා.පෙළ) විභාගයට ඇත්තේ ඉතා කෙටි කාලයක්. ඉතින් ඒ නිසා
බුද්ධ ධර්මය විෂයය හොඳට උනන්දු වුනොත් ඒ සාමාර්ථයක් ලබාගන්න එක ඒ තරම්ම
අමාරු නෑ. විභාගය සඳහා ඉදිරිපත් වන ආදරණීය අපේ දරුවන් වෙනුවෙන්
උපකාරයක් කරන්න තමයි හදන්නේ.
අද අපි කථා කරන්න බලාපොරොත්තු වන්නේ පරිසරය හා සම්බන්ධ තොරතුරු ඇතුලත්
පාඩම ගැනයි. විෂය නිර්දේශයේ 05 වන පාඩම් ඒකකය තමයි මේක. ඒ පාඩම් ඒකකයට
අදාළව නිපුණතා කිහිපයක් ගැන ප්‍රශ්න අහන්න නියමිතයි. එම කොටස් තමයි
පරිසරය හඳුනා ගැනීම
ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම
බුදු දහම හා සෞන්දර්යය
සෞඛ්‍ය හා පරිසරය
පරිසර සංරක්ෂණය, ආදී තොරතුරු ඒ අතර ප්‍රධාන වෙනවා. ඒ නිසා හොඳින් මෙම
පාඩම කියවා තේරුම් ගෙන එයින් අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න
පුරුදුවන්න. අවසානයේ අසා ඇති ආදර්ශ ප්‍රශ්න වලටද හොඳින් පිළිතුරු
ලියන්න.
මුලින්ම අපි පරිසරය යනු කුමක් ද කියා හඳුනාගනිමු. අපි සියලු දෙනාම
මනුස්ස වර්ගයට අයිති අය. ඒ කියන්නේ් සත්ව කොට්ඨාසයක්. එහෙනම් ඉතා හොඳට
එක කාරණයක් පැහැදිලි වෙනවා. ඒ තමා අප ද පරිසරයට අයිති බව. එසේම පරිසරය
කියා අර්ථ දක්වන්නේ අප අවට ඇති සියලු වස්තුන්මයි. උදාහරණ ලෙස ඇළ, දොළ
ගංගා, ගස් කඳු ඉර, හඳ ආදි සියලු වස්තු පරිසරය වෙනවා.
පරිසරයේ සිටින බුද්ධිමත්ම සත්ව වර්ගයා තමයි ‘මනුස්ස’ කියන නමින්
හඳුන්වන්නේ. මනස , ඥාණය, බුද්ධිය උසස් නිසාම තමයි අපට මනුස්සයා කියන නම
ලැබිලා තියෙන්නේ. මනසං උස්සතීති මනුස්සං’ යනුවෙන් එය බුදුදහම තුළ දක්වා
තිබෙනවා. විශේෂයෙන් මිනිසාට හොඳින් හිතන්න හැකි නිසා තමා විසින්ම මෙසේ
සිතිය යුතුයි. ‘මම කිසිම දුකක් විඳින්න කැමති නෑ. මම මැරෙන්න කැමති නෑ.
එසේම මම අකමැති දේට අනිත් සත්වයනුත් අකමැති ඇති. ඒ නිසා මම සතුන්ට
හිංසා කරන්නේ නෑ’ මේ සිතිවිල්ල පරිසරය පාඩමක් විතරක් නොවෙයි ජීවිතයේ
සියලු අවස්ථාවලට ම ඉතාම වැදගත් වෙනවා.
මේ ආකාරයෙන් තමා ගැනම සිතා කටයුතු කරන ලෙස ‘අත්තානං උපමං කත්වා’ යන
දේශනා පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ද දේශනා කොට තිබෙනවා. තමා උපමාවට
ගත්විට වරදින් මිදෙන්න හෙවත් ප්‍රචණ්ඩත්වයෙන් තොරවීමට ඉතාම පහසුයි.
මෙසේ තමා උපමාවට ගෙන වරදින් මිදිමට බුදුදහමේ හඳුන්වන්නේ ‘අත්තුපනායික
ධර්ම පර්යාය’ කියලා.
‘සබ්බේ තසත්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො’
යන ධම්මපද ගාථාවෙන් ද දැක්වෙන්නේ සියල්ලෝ ම දඬුවමට බිය වෙති. මරණයට බිය
වෙති. ඒ නිසා තමා උපමා කොට ගෙන සතුන්ට හිංසා නොකරන්න. මරණයට පත්
නොකරන්න යනුයි. මේ දණ්ඩ වර්ගයේ එන ඉහත ගාථාව දේශනා කරන්නේ මහමගදී
නයෙකුට හිංසා කරන ගොපළු දරුවන් කිහිප දෙනෙකු අරමුණු කරගෙනය. සියල්ලෝ
ජීවිතයට පි‍්‍රය (සබ්බේසං ජීවිතං පියං) යන කරුණ හොඳින් තේරුම් ගෙන
සතුන්ට හිංසා නොකළ යුතුය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනා අතර කරණීය මෙත්ත සූත්‍රයට
හිමිවන්නේ ඉතා ප්‍රබල ස්ථානයක්. එහි දැක්වෙන්නේ ‘ථස හා ථාවර’ යන
පාරිසරික කොටස් දෙකම මිනිසා විසින් මෛත්‍රියෙන් රැකිය යුතු බවකි. එය
තවත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් ජීවි - අජීවි සියලු වස්තු අප විසින්
සංරක්ෂණය කළ යුතුම ය. සත්වයෝ වනාහී පොදුවේ ගත්කළ ලක්ෂණ කිහිපයකින්
යුක්ත ය.
‘අමරිතුකාමා’ හෙවත් මරණයට අකමැති වීම
‘ජීවිතුකාමා’ හෙවත් ජීවත්වීමට කැමති වීම
‘දුක්ඛ පටික්කුලා’ හෙවත් දුක පිළිකුල් කිරීම
‘සුඛකාමා’ හෙවත් සැප කැමති වීම’ යනු ඒ ලක්ෂණ කිහිපයයි. ඒ අනුව අප
විසින් තේරුම් ගෙන ක්‍රියාත්මක කළ යුත්තේ සිතින්, කයින් හෝ වචනයෙන්
සමාජයට හිංසාවක් පීඩාවක් නොවිය යුතුය යන්නයි. එසේ ජීවි - අජීවි සමස්ත
පරිසරයටම ආදරය කරුණාව පෙරදැරිව කටයුතු කිරීම නිසා ප්‍රචණ්ඩත්වයෙන් තොර
සුන්දර වූ පරිසරයක් නිර්මාණය වනවා නිසැකය.
තවද අපි අවධාරණය කරගත යුතු කරුණක් ඇත. එනම් අපි පරිසරය විනාශ කරන්නේ
නම් පරිසරය විසින් අප නොදැනුවත්ව ම විනාශයට පත්වේ යන්නයි. උදාහරණයක්
ලෙස ගස් ආදිය කපා අපි පරිසරය විනාශ කළහොත් පිරිසුදු වාතය අපට අහිමි
වෙනවා. එසේම ධනයටත් වඩා වටිනා ජලය අපට අහිමිවීමෙන් අප විනාශ විය
හැකිය. පරිසරය විනාශවන කරුණු කීපයක් මෙහිදී හඳුනා ගැනීම වටී. ඒ අතර
නාගරිකරණය
කාර්මීකරණය
රථවාහන අධික වීම
අවධිමත් සංවර්ධනය
අප ද්‍රව්‍ය කළමනාකරණය නොකිරිම
කෘමි නාශක භාවිතය
රසායනික ද්‍රව්‍ය භාවිතය ආදිය ප්‍රධාන වේ. පෙර දැක් වූ පරිදිම ජලය,
හිරුඑළිය, ගස් හා වාතය ප්‍රධාන සාධක වන නිසාම ඒවා විනාශ වීමෙන් හෝ
විනාශ කිරීමෙන් අප සිදුකරන්නේ අප විසින් ම අප විනාශ කර ගැනීමකි.
ක්‍රමවත්ව පරිසර සංරක්ෂණයන් නොකිරීම හේතුවෙන් වර්ධනය වන්නා වූ ආබාධ
කිහිපයක් වර්තමානය තුළ දක්නට ලැබේ. පාචනය කොළරාව, ඩෙංගු, කුරුළු උණ,
ආදි රෝග ඉන් කිහිපයකි. අපගේ ජීවිතය අන් සියල්ලටම වඩා වටිනා නිසා පරිසරය
ආරක්ෂාකර ගැනීමට උනන්දු විය යුතුය. ‘ආරෝග්‍යා පරමා ලාභා’ නිරෝගිකම පරම
ලාභය වේ. ඒ නිසා රෝගී නොවීමට හා සුව පහසු දිවියක් ගත කිරීමට නම් පරිසරය
ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.
පරිසරය පාඩමට අදාළ තවත් විශේෂයෙන් හඳුනාගත යුතු අංගයක් ඇත. එනම්
බුදුදහමේ පරිසරයට ලැබෙන ස්ථානය යන්නයි. බුදුදහමේ මූලික පරමාර්ථය දුක්ඛ
සත්‍යය අවබෝධ කොට නිවන් දැකීමයි. දේශීය - විදේශීය මෙන්ම සම කාලීන හා
පසුකාලීන විවිධ පුද්ගලයන් බුදුදහම හැඳින ගත්තේ සර්ව අසුභවාදි ආගමක්
ලෙසය. එසේ හැඳින්වූ සැමට මෛත්‍රියෙන් ඔවුන්ගේ බුදුදහම නොදැනුවත්කමට
අනුකම්පා කළ යුතුය.
බුදුන් වහන්සේ තරම් පරිසරයට හිතකාමීව වැඩකළ හා දේශනාකළ වෙනත් කිසිදු
ශෘස්තෘවරයකු දැනට පහළ වී නොමැත. දේශනා කළා පමණක් නොව එය ක්‍රියාවෙන් ද
පෙන් වූ උතුම් ශාස්තෘවරයා බුදුන් වහන්සේ පමණි.
සුඛ කාමානි භූතානි
යෝ දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛ මේසානො
පෙච්චසෝ න ලභනේ සුඛං’
යන ගාථාවෙන් තමන්ගේ සැප අපේක්ෂාවෙන් අන්සතුන්ට හිංසා පීඩා කරන්නාට සැප
නොලැබේමය’ යන දේශනාවෙන් එය ඉතා හොඳට හෙළි වේ.
සිදුහත් කුමාරෝත්පත්තිය සිදුවූයේ පරිසරයේ ගසක් ඇසුරු කරගෙනය. ඒ
‘ලුම්බිණි’ සාල වනෝද්‍යානයයි. පස්පියුම් පිට වැඩියේ ද පරිසර සාධකය කර
ගනිමිනි. ශුද්ධෝදන පවුලේ සැමට ම තම නම පවා තබා තිබුණේ පරිසරය ඇසුරු
කරගෙනය. ‘ඕදන’ යනුවෙන් දැක්වීම තුලින්ම එය මනාව පැහැදිලිය. රම්‍ය,
සුරම්‍ය, සුභ ආදී මාලිගා තිබියදී සිද්ධාර්ථ කුමාරයා අතිශයෙන් ම ඇළුම්
කළේ උයන් කෙළියෙහි යෙදීමට ය.
බුදුබව සොයා උරුවෙල් දනව්වේ සේනානි ගමට වැඩම කළ උන්වහන්සේට දක්නට
ලැබුණු ඉතා රමණීය වූ පරිසරය ගැන තොරතුරු ‘අරියපරියේසන’ නම් සූත්‍රයේ
ඉතා හොඳින් විස්තර කොට ඇත. උතුම් වූ බුදුබව දුෂ්කර ක්‍රියා කළේ රජ
මාලිගාවේ නොවේ. ගස් සමූහයක් අතරය.
‘රමණීයානි අරඤ්ඤානී
යත්ත න රමතී ජනො’
ආදී වශයෙන් රමණීය වූ වනාන්තරය ගැන වර්ණනා කළේ මෙ අත්දැකීම් ප්‍රයෝජනයට
ගෙනවිය යුතුය. ජීවිතයේ උතුම්ම අවස්ථාව වූ බුදුබව ලබන්නේ ද ඇසතු බෝ මුල
නිසාම මෙම උතුමා කෙතරම් පරිසරයට සංවේදී දැයි සිතීම වටී. පසුව සත් සතියම
ගතකළේ ද පරිසරය සමගය. තමා පරිසරයෙන් ප්‍රයෝජනය ගත්තා නම් පරිසරයට උපකාර
කළ යුතුය. යන අදහසින් සිත් නැති අජීවී බෝධියට සිය නේත්‍රා වලින් පිදුම්
කළ ආකාරය බුද්ධ චරිතයේ සුවිශේෂි වේ. මුචලින්ද නාගයාගෙන් සෙවන ලැබූවේ
පරිසරයට ඇති ආදරය නිසාම ය. තවද තමාගේ මංගල ධර්ම දේශනය සඳහා තෝරා ගන්නේ
මුවන්ට අභය දුන් නිසා මිගදායනම් වූ ද, ලේනුන්ට පාරාදීසයක් වූ බැවින්
කලන්දක නිවාප නමින් හැඳින් වූ බරණැස ඉසිපතානාරාමය යි.
අවුරුදු 45 ක් වූ බුදුන් වහන්සේගේ බුද්ධ කෘත්‍යයෙහි සියලු කාර්යයන්
සිදු වී ඇත්තේ පරිසරය ඇසුරෙනි. රාජ රාජ මහාමාත්‍යාදීන් විශාල මුදල්
වියදම් කොට ආරාම නිර්මාණය කළ ද බුදුරජාණන්වහන්සේ ඒවා එතරම් අගය කළේ
නැත. සිය ශ්‍රාවකයන්ට ද දේශනා කළේ ‘අරඤ්ඤ යතෝ වා, රුක්ඛමූල ගතෝ වා,
සුඤ්ඤාගාර ගතෝ වා’ ආදි වශයෙනි. එනම් වනාන්තරයක , ගස් මූලක, ජනශුන්‍ය,
ප්‍රදේශයක ආදි ස්ථාන තම වාසය සඳහා තෝරා ගන්නා ලෙසයි. එසේ තෝරාගත් ස්ථාන
අතර පරිලෙය්‍ය වනය, අම්බ වනය, ජේතවනාරාමය, වේලු (උණ) වනාරාමය, ගිජුකුළු
පර්වතය ආදි ස්ථාන කිහිපයක් හැඳින්විය හැකිය.
තමා පරිසරය මනාව රස වින්ද බව වගේම තම ශ්‍රාවකයන් ද හොඳින් පරිසරය රස
විඳි බව උදායි තෙරුන්ගේ කිඹුල්වත්පුර මාර්ග වර්ණනාව, ථෙර ගාථා, ථෙරී
ගාථා ආදි ස්ථාන විමසීමේදී ඉතා හොඳින් පැහැදිලි වේ.
මතු සම්බන්ධයි
|