බොදු පුවත් (ඡායාරූප)
			 | 
	
| 
						 
						  | 
					
| 
						 අත්තනගල්ල රාජ මහා විහාරය ඇතුළු 
						විහාරස්ථානයන්හි අධිපති, ඇමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය 
						සහ තායිවානයේ ථෙරවාදී බෞද්ධ විහාරයේ අධිපති ආචාර්ය පන්නිල 
						ශ්‍රී ආනන්ද නාහිමියන් වෙත ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ 
						මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් උපාධ්‍යාය ධුරය පිරිනැමීම 
						පසුගියදා මල්වතු මහා විහාර උපෝෂථාගාරයේදී සිදු කෙරිණි.  | 
					
| 
						 
						  | 
					
| 
						 ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් 1891 දී ආරම්භ කරන ලද ඉන්දීය මහාබෝධි සමාගමේ 113 වන වාර්ෂික මහාසභාව 2010 සැප්තැම්බර් මස 25 වන දා ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානයේ දී ප්‍රධාන අනුශාසක සියම්මහානිකායේ අස්ගිරිපාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්‍ඛිතාභිධාන මහානායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. එම සංවත්සර සභාවේ දී ඉන්දියානු මහාබෝධි සමාගමේ නව සභාපති වශයෙන් භූටානයේ අග්‍රාමාත්‍ය ජිග්මේ වයි තිග්ලේ මැතිතුමා ද මහාලේකම් වශයෙන් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් ද පත්කරගන්නා ලදී. සහකාර ලේකම් වශයෙන් ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පැලන්වත්තේ සීවලී හිමියන්, සාරානාථ මධ්‍යස්ථානාධිපති කහවත්තේ සුමේධ හිමියන් පත්වූහ. භාණ්ඩාගාරික වශයෙන් ශ්‍රී ප්‍රේමෙන්දු බිකාශ් බරුවා මහතා ද නියෝජ්‍ය භාණ්ඩාගාරික ශ්‍රී දීපක් කුමාර් චවූද්රි මහතා පත්කරගත්හ. මේ අතර ඉන්දියානු මහා බෝධි සමාගමේ නව පත්වීම් වශයෙන් බුද්ධගයා මධ්‍යස්ථානාධිපති සහකාර මහාලේකම් පැලන්වත්තේ සීවලී හිමියන් ඉන්දියානු මහාබෝධි සමාගමේ සාරානාථ මධ්‍යස්ථානාධිපති වශයෙන්ද, ඉන්දියානු මහාබෝධි සමාගමේ සාරානාථ මධ්‍යස්ථානාධිපති සහකාර මහාලේකම් කහවත්තේ සුමේධ හිමියන් ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වන කල්කටාවේ ශ්‍රී ධර්මරාජික වේතිය විහාරයටද, ඉන්දියානු මහාබෝධි සමාගමේ ලුම්බිණි මධ්‍යස්ථානාධිපති කිරිගල්වැවේ වනරතන හිමියන් ඉන්දියානු මහාබෝධි සමාගමේ නව දිල්ලි මධ්‍යස්ථානාධිපති වශයෙන්ද, සාරානාථ මධ්‍යස්ථානයේ සහායක පාලක භික්‍ෂුවක් වන ධම්මරතන හිමියන් ඉන්දියානු මහාබෝධි සමාගමේ ලුම්බිණි මධ්‍යස්ථානාධිපති වශයෙන් ද පත් කරන ලදී. ප්‍රධාන අනුශාසක සියම්මහානිකායේ අස්ගිරිපාර්ශ්වයේ මහානායක අග්ගමහාපණ්ඩිත උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්‍ඛිතාභිධාන මහානාහිමියන් සහ ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් ද ඉන්දියානු මහාබෝධි සමාගමේ සභාපතිතුමා වශයෙන් කටයුතු කළ ප්‍රසන්න ජයසූරිය මහතා ද සභාව ඇමතූ අතර මහා සභාවේ විශේෂ කථාව සිදු කරනු ලැබුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා විසිනි. භූටානයේ ස්වදේශකටයුතු පිළිබඳ අමාත්‍යතුමා සමග රාජකීය පිරිස 30 දෙනෙක් පමණ වූ අතර, දෙස් විදෙස් සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වුහ.  | 
					
| 
						 
						  | 
					
| 
						 ඉතාලියේ ෆැරෙන්සි සමාධි විහාරයේ වස් 
						විසූ භික්‍ෂූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන කඨින චීවර පූජා 
						මහෝත්සවය මෙවරත් මහත් උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට 
						කටයුතු යොදා ඇත. මෙම මස 31 වන දා සහ නොවැම්බර් 01 වන දා 
						දිනයන්හි පරිත්‍රාණ ධර්ම දේශනාවක් කඨින චීවර පෙරහක් සහ 
						කඨින චීවර පූජාවද, දන්සලක් ද පැවැත්වේ. විහාරාධිපති 
						ශාස්ත්‍රවේදී දොඩන්දෙණියේ නන්දසිරි හිමියන්ගේ අනුශාසනයෙන් 
						හා සමාධි විහාරස්ථ දායක සභාවේ සංවිධායකත්වයෙන් එම කඨින 
						පින්කම පැවැත්වේ.  |