අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වාර්ෂික ක්‍ෂීරපායාස බුද්ධ පූජාව
			
			 
			අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වාර්ෂික ක්‍ෂීරපායාස බුද්ධ පූජාව, මෙවරද මෙම 
			මස 23 වෙනි දින උදෑසන, ශ්‍රී‍්‍ර මහා බෝ සමිඳුන් ඉදිරියේ පැවැත්වීමට 
			නියමිතය. පැරැන්නන් සිදු කළ ආකාරයටම , කිරි එළ දෙනුන් අට දෙනෙකු සුවඳ 
			පැනින් නහවා ඔළිඳ , විලඳ , වැල් මී, මී පැණි සමග කවා පසුදින අලුයම දොවා 
			ගන්නා ලද නැවුම් කිරියෙන් සහල් සෝදා සුවද දරින් ගිනි මොලවා උණුවන ඖෂධීය 
			වාෂ්පයෙන් එම ක්‍ෂීර පායාසය සකස් කර ගන්නේද සෙත් පිරිත් , හේවිසි හඬ හා 
			සැදැහැවතුන්ගේ සාධුකාර හඬ මධ්‍යයෙහිය. අනතුරුව එදින උදෑසන සැදැහැවතුන් 
			සමග මහා පෙරහරින් ගොස් එම ක්‍ෂීරපායාස මහා බුද්ධ පූජාව, ශ්‍රී මහා බෝ 
			සමිඳුන් අබියස සිදු කිරීමට කටයුතු යොදා ඇත. මීට අමතරව පෙර දින පුන් 
			පොහෝදා සිල් සමාදන් වූ සැදැහැවතුනට හීල් දානය හා දවල් දානය පිරිනැමීමත් 
			බණ භාවනා වැඩසටහන් පැවැත්වීමත් පුරුදු පරිදි බෞද්ධ මණ්ඩල පරිශ්‍රයේදි 
			සිදු කෙරේ.  |