ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ
බෞද්ධ දර්ශනය අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
පිටිගල විජිත නා හිමි
ශ්‍රී සම්බුද්ධ
දේශනාව නවීන විද්‍යාත්මක චින්තනය සමග තුලනාත්මකව අධ්‍යයනය කිරීමට අද
බොහෝ දෙනා පි‍්‍රය කරති. එම පෙළඹවීම තුළින් ප්‍රකට වන එක් කරුණක් නම්
විද්‍යාත්මක චින්තනය සමග බුදුසමයේ ඇතැම් දාර්ශනික සංකල්ප හා පවතින
සැබැඳියාව යි. එහෙත් ආරම්භයේ දීම අවධාරණය කළ යුතු කරුණක් නම් සමතාවන්
මෙන් ම විෂමතාවන්ද විද්‍යාමන වන බවයි.
ඇතැම් කරුණු අහස හා පොළොව මෙන් අතිශයින් දුරස්ථ වේ. එබැවින්
විද්‍යාත්මක කරුණු සමඟ බුදුසමය “ අධ්‍යයනය කිරීමේ දී ප්‍රවේශම් විය
යුතුය. මන්ද යත්? විද්‍යාඥයාගේ ඥානය සහ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා
ඥානයත් දෙමඟක් ඔස්සේ ගමන් කළ ඥාන මාර්ග වන බැවිනි. කෙසේ වෙතත් ඇතැම්
නවීන විද්‍යාත්මක කරුණු සමග බුදුසමයේ ඇති සාම්‍යත්වය සුළුපටු නොවේ.
මෙවන් ප්‍රවණතාවක් විද්‍යාමාන වන්නේ කවර හෙයින් දැයි පරික්‍ෂා කළ
යුතුය.
විද්‍යාත්මක චින්තනය සඳහා උපයෝගී කර ගන්නා ලද විද්‍යාත්මක විධි
ශාස්ත්‍ර පිළිබඳ ප්‍රථමයෙන් අවධානය යොමු කරමු. විද්‍යාත්මක විධි
ශාස්ත්‍ර යනු විද්‍යාවන් ගොඩනැගීමට ඉවහල් කර ගන්නා ක්‍රම වේදයයි. මෙම
ක්‍රමවේදය ඒ ඒ විෂය ක්ෂේත්‍රයනට අනුව වෙනස් වේ. උදාහරණයක් දක්වතොත්
ස්වාභාවික විද්‍යාවන්හි භාවිත වන විද්‍යාත්මක ක්‍රම, සමාජීය
විද්‍යාවන්හි භාවිත කරන විද්‍යාත්මක ක්‍රමයට වඩා වෙනස් වේ. විද්‍යාත්මක
ගවේෂණයේ මූලික පියවර පහත සඳහන් වේ.
නිරීක්‍ෂණය
විද්‍යාත්මක ගැටලු
උපන්‍යාස සොයා ගැනීම
පරීක්‍ෂණය
නිරූපන අවධිය , විද්‍යාත්මක රීති ගොඩනැගීම ,
සත්‍යෙක්ෂණ අවධිය
මේ අනුව විද්‍යාත්මක ගවේෂණයේ මුලික පියවර වන්නේ නිරීක්ෂණයයි.
විද්‍යාත්මක නිරීක්ෂණය උපකරණ හා ආකල්පයන් මගින් සිදු කරනු ලැබේ.
අන්වීක්ෂය, දුරේක්ෂය වැනි උපකරණ භාවිතයෙන් විද්‍යාඥයා නිරීක්ෂණ
කාර්යයෙහි යෙදෙයි. ඉන්ද්‍රිය ඥානයට මෙහිලා ඉඩක් නැති බව මෙමගින් මනාව
ප්‍රකට වේ. චක්ඛු සෝතාදි ඉන්ද්‍රියයන් මගින් ලබන ඥානයේ විවිධ ඌනතා
පවතින බැවින් යමක් පිළිබඳ සත්‍ය ඥානය උපදවා ගත නොහැකි බව විද්‍යාඥයෝ
පවසති. තර්ක බුද්ධිය තුළින් උපකරණ භාවිතයෙන් උපදවා ගන්නා ලද ඥානය
විද්‍යා ඥානයයි. යථෝක්ත පරිදි නිරික්ෂණ කාර්යයෙහි යෙදෙන විද්‍යාඥයාට
වුවද වරදින් අවස්ථා නැත්තේ නොවේ. අනිරීක්ෂණය හෝ දුරනිරික්ෂණය එයට හේතු
හේතු වන බව පෙන්වා දෙයි.
නිරීක්ෂණය
විද්‍යාත්මක ගවේෂණයේ පියවරෙන් පියවර බුදුසමයත් සමග තුලනය කර බලමු.
බුදුසමය ද සත්‍යෙක්ෂණයෙහිලා නිරික්ෂණ කාර්යයෙහි යෙදීම අනුමත කරයි.
මෙහිලා බුදුසමයේ විශේෂත්වය වන්නේ තර්ක බුද්ධියට වඩා අනුභූ®තිමය ඥානය
උසස් ලෙස සැලකීමයි. ආනුභවික, ආනුභූතික යන නම් වලින්ද හැඳින්වෙන මෙම
ඥානය බුදුසමයට අනුව දෙපරිදි වේ. ඇස ආදි ඉන්ද්‍රියයන් මගින් ලබා ගන්නා වූ
ඥානය මෙන්ම ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ අතීන්ද්‍රිය ඥානය ද අනුභූතිවාදය හා
සම්බන්ධ වේ. මේ අතුරින් අතීන්ද්‍රිය ඥානය විද්‍යාත්මක ඥානයට හසු
නොවන්නකි. ආධ්‍යාත්මික පාරිශුද්ධිය තුළින් ලැබිය හැකි අධිමානුෂික
ශක්තීන් මෙම ඥානයට අයත් වේ. විද්‍යාත්මක නිරික්ෂණය සඳහා තර්කය ප්‍රධාන
ඥාන මර්ගය ලෙස භාවිත කරයි. බුදුසමය ගවේෂණය සඳහා භාවිත කළ විධික්‍රම
කවරේද යන්න සංගාරව සූත්‍රයෙහි ඇතුළත්වේ.
1. ශ්‍රැතිය හෙවත් අධිකාරය (තෙවිජ්ජා බ්‍රාහ්මණා)
2. තර්කය හෙවත් අනුමානය (තක්කී වීමංසි )
3. අනුභූතිය හෙවත් ප්‍රත්‍යක්ෂය (සාමඤ්ඤෙව ධම්මං අභිඤ්ඤාය )
ශ්‍රැතිය සහ තර්කය සම්බන්ධයෙන් බුදුසමයේ ප්‍රතිචාරය කාලාම සූත්‍රයෙන්
දත හැකිය. මේ ඥාන මාර්ග දෙකම ඒකායන සත්ත්‍යෙක්ෂණ ඥාන මාර්ග ලෙස බුදුසමය
නොපිළිගන්නේ ප්‍රධාන වශයෙන් ඒවායෙහි ඇති අවිනිශ්චිත ස්වභාවය සහ දෘෂ්ටි
ග්‍රහණයට පාදක වන බැවිනි. සුත්ත නිපාතයේ චූල වියුහ, මහා වියුහ සූත්‍ර
සහ මජ්ක්‍ධිම නිකායේ සන්දක සූත්‍රය වැනි සූත්‍රයන්හි උක්ත ඥානමාර්ග
විවේචනයට පාත්‍ර වී ඇත. එහෙත් ප්‍රාථමික වශයෙන් සත්‍ය ගවේෂණයෙහි ලා
කිසියම් මෙහෙවරක් තර්කය සහ ශ්‍රැතිය සිදු කරන බව බුදුසමය පිළිගනියි.
බුදුසමය ඍජුව ම පිළිගන්නා වූ ඥාන මාර්ගය අනුභූතිමය ඥානය හෙවත්
ප්‍රත්‍යක්ෂ ඥානයයි. බුදුසමය තුළ විද්‍යාමන අනුභූතිවාදි ප්‍රවණතාව
කේ.එන්. ජයතිලක, ඇම්, හිරියන්න, සර්ව පල්ලි රාධා කෘෂ්ණන් වැනි
වියතුන්ගේ මහත් ප්‍රසාදයට පාත්‍ර වී ඇත. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ
එදා “ කිං සච්ච ගවේසීව “ සත්‍යෙක්‍ෂණයෙහි යෙදුන ආකාරය අරියපරියෙසන,
මහාසීහනාද , වැනි සූත්‍රයන්ගෙන් මොනවට ප්‍රකට වේ. උන්වහන්සේ
අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය යන අන්තද්වය බැහැර කළේ ඒවා
හොඳින් ප්‍රගුණ කොට ලබන ලද ජීවිත අත්දැකිම් පදනම් කොට ගෙනය. වසර හයක් ම
දුෂ්කර ක්‍රියා කර ලබන ලද ජීවිත අත්දැකීම් ඉහත සූත්‍රයන්හි සඳහන් වේ.
අන් අයුරකින් කිවහොත් උන්වහන්සේ එදා සිදු කළේ ලෝකය හා ජීවිතයේ යථා
ස්වභාවය කවරේද යන්න නිරීක්ෂණය කිරිමයි. ලොව දුක බව වදාළේ තමන් වහන්සේ ඒ බව මැනවින්
ප්‍රත්‍යක්ෂ කර ගෙනය. චතුසත් දහම් පසක් කොට, අරි අටඟ මඟ ප්‍රගුණ කොට,
සීල සමාධී පඤ්ඤා දියුණු කොට, පරම විමුක්තිය වූ නිවන ප්‍රත්‍යක්ෂ කර ගත
හැකිය. එබැවින් ප්‍රත්‍යක්ෂයෙන් නිර්වානය බැහැර වූවක් නොවේ. ජාත, භුත
, කත, සංඛත යන ස්වභාවයෙන් යුක්ත වූ සත්වයාට අජාත, අභූත අසංඛත නම් වූ
පරම සැපතක් ලැබිය හැකි බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ එදා බෝමැඩ දී
තමන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කර ගත් බැවිනි. පළමු දම් දෙසුම
පැවැත්වීමට බරණැසට වඩින විට හමු වූ උපක ආජිවකයා අමතා වදාළේ “ මා සියල්ල
මැඩ පැවැත්වූයෙමි. සියල්ල දැන ගතිමි. සියලු ධර්මයන්හි නොඇලුණෙමි.
සියල්ල අත් හැරියෙමි. තණ්හාවෙන් මිදුණෙමි. මා විසින්ම සත්‍යය අවබෝධ
කළෙමි. එබැවින් ගුරුවරයා ලෙස කවුරු නම් මා දක්වම්ද? ...යන්නයි. ස්වයංභූ
ඥානයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත් බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා
සම්බුද්ධ නම් ගුණයෙන් සමන්විත වූහ.
බුදුරජාණනන් වහන්සේ අවබෝධ කර ගත් චතුරාර්ය සත්‍යය. පාරභෞතික වූවක්
නොවේ. මේ ලෝකය තුළ ම දක්නට ලැබෙන්නකි. ඒ සඳහා කළ යුත්තේ බාහිර ලෝකයේ
දිග පළල මැන බැලීම නොව තමන්ගේ ම බඹයක් පමණ වූ ශරීරයෙහි හෙවත්
අජක්‍ධත්තික ලෝකයෙහි යථාර්ථය විදසුන් නුවණින් මැන බැලීමයි. “මහණෙනි! මම
මේ චතුරාර්ය සත්‍යය තෘණ කෘෂ්ටාදියෙහි නොපමණවමි. මේ පඨවි ආදි
චාතුර්මහාභූතික ශරීරයෙහි ම පණවමි. බුදුරජාණන් වහන්සේ පිළිබද වුව ද
නිරික්ෂණයෙහි, විමංසනයෙහි, යෙදිය යුතු බව මජ්ඣිම නිකායේ වීමංසක
සූත්‍රයෙහි සඳහන් වේ. විද්‍යාත්මක විධි ශාස්ත්‍රයෙහි දුර්නිරික්‍ෂණයට
ඉඩක් නැතිවා සේ බුදුදහමෙහිද විචාර බුද්ධියෙන් තොර වූ අවිචාරවත් වූ සිහි
නුවණින් තොර වූ හෙයින් අයොනිසො මනසිකාරයෙන් යුක්ත වූ විවිධ දෘෂ්ටීන්හි
බැසගත් දර්ශන සම්පත්තියෙන් තොර වූ කිසිවෙකුටවත් සැබෑ නිරික්ෂකයෙකු විය
නොහැකිය. බුද්ධ ශ්‍රාවකයා කිසිවෙකුටත් ගැත්තෙකු නොවිය යුතුය. එසේම
අන්තවාදි දෘෂ්ටිවාදියෙකු ද නොවිය යුතුය. ද්වතන්ත්‍රව, ස්වාධීනව,
ස්වෛරීව ක්‍රියා කරන නිරීක්ෂකයෙකු ම විය යුතුය. බුදුදහමේ ස්වච්ඡන්දතාව
හෙවත් සිතා මතා ක්‍රියා කිරීමේ තීරණ ගැනීමේ නිදහස් නිවහල් චින්තනයට
සපුරා ඉඩ සලසා ඇති බැවින් නිරීක්ෂණ කාර්යයෙහි මැනවින් යෙදිය හැකිවේ.
මැණිකක් කපා කොටා ඔප මට්ටම් කර ගත් තරමට එහි වටිනාකම ද වැඩිවේ.
බුදුරජාණන් වහන්සේ දෙසා වදහළ ධර්මයද බැබලෙනුයේ විවෘත වූ තරමටය. විචාරයට
ලක් කළ තරමටය. ඉහත කරුණුවලින් ප්‍රකට වනුයේ නිරික්ෂණ කාර්යයට
බුදුදහමෙන් ලැබෙන අනගි පිටිවහලයි.
ගැටලු හඳුනා ගැනීම
විද්‍යාත්මක විධි ශාස්ත්‍රයේ දෙවන පියවර වන්නේ විද්‍යාත්මක ගැටලු හඳුනා
ගැනීමයි. විද්‍යාඥයා කාලීනව ජනිත වූ කිසියම් ගැටලුවක් ස්වකීය පර්යේෂණය
සඳහා තෝරා ගනියි. උදාහරණ වශයෙන් අද ලෝකයේ විවිධ උණ වර්ග ජනිතව පවතියි.
පෙර පැවැති උණට ප්‍රතිකාර සොයා ගෙන ඇතත්, එම ප්‍රතිකාර අභිනව උණ සමනය
සඳහා ප්‍රමාණ නොවේ. මේ නිසා විද්‍යාඥයා නව උණ පිළිබඳ නිරික්ෂණ
කාර්යයන්හි යෙදෙයි. මෙය කාලීනව ඇති වූ සෞඛ්‍යමය ගැටලුවකි. මෙවැනි ගැටලු
ප්‍රශ්නවලින් ලොව පිරී පවතී. ප්‍රශ්නවලින් තොර වූ සතෙකු හෝ පුද්ගලයෙකු
ලොව නැත. ලොව පහළ වූ විවිධ දාර්ශනිකයන්ගේ මෙන්ම ආගමික ශාස්තෘ වරුන්ගේද
මුඛ්‍ය පරමාර්ථය වූයේ එවන් ගැටලුවලට විසඳුම් සෙවීමයි. මේ අනුව ලොව
විවිධ ආගම් ප්‍රභවනය වී ඇත්තේ විවිධ ගැටලු විසඳනු වස් දරණ ලද
ප්‍රසක්තයන්හි ප්‍රතිඵල වශයෙනි. විවිධ විචිත්‍ර ගැටලු ප්‍රශ්න අතර එදා
පැවැති ලොකුම ප්‍රශ්නය නම් සසර දුකයි. දුක් ඇති සසරින් මිදෙනුයේ
කෙලෙසද? යන පැනයට විසඳුම් සෙවීමට බුදුදහම ප්‍රධාන අවධානය යොමු කරන අතර,
අවශේෂ ප්‍රශ්න විෂයෙහි ද අවධානය යොමු කොට ඇත. චතුරාර්ය සත්‍යය
ආශ්‍රයෙන් බලන කල්හි “ දුක” පළමු සත්‍යයයි. විවිධාකාර දුඞඛයන් පිළිබඳ
දුක්ඛ සත්‍යය යටතේ සාකච්ඡා වී ඇත. “සසර දුක” විවිධාකාරයෙන් මුලික
සූත්‍රයන්හි විවරණය වී ඇත. එපමණක් නොව සමාජගත දුක පිළිබඳ
චක්කවත්තිසීහනාද, අග්ගඤ්ඤ වැනි සූත්‍රයන්හි විවරණය වී ඇත. මේ සකලවිධ
දුක් අතුරින් “ සසර දුක “ යන ගැටලුව පමණක් උදාහරණ ලෙස ගනිමි.
“සසර දුක “ ගැටලුවක් ලෙස හඳුනා ගන්නේ හොද නිරික්ෂකයෙකුම පමණි. සාමාන්‍ය
කෙලෙස් සහිත සත්ත්වයාගේ ස්වභාවය අරියපරියෙසන සූත්‍රයෙහි විස්තර වී
ඇත්තේ මෙසේය. අනාය¸ පර්යේෂණයෙහි යෙදෙන්නා උපත ලබා තව තවත් උපතට හේතු වන
දෑම සොයයි. තමන් ජරාවට පත් වී සිටියදී තව තවත් ජරාවට හේතුවන දෑම සොයයි.
මැරි මැරී මරණයට නිමිතිම සොයයි. ආදි වශයෙනි. ආර්ය පරියේෂණයෙහි යෙදෙන්නා
ජාති ජරා ආදියෙන් මිදීමක් ලබනුයේ කෙලෙස දැයි නිරීක්ෂණයෙහි යෙදෙයි. මේ
අනුව ලෝකයේ යථාර්ථය නිරීක්‍ෂණය කරණ විදසුන් නුවණින් යුත් යෝගාවචරයා කරණ
විදසුන් නුවණින් යුත් යෝගාවචරයා ලොව දුක බව පළමුව අවබෝධ කර ගනියි.
තදනන්තරව දුකට හේතුව කුමක් දැයි ගවේෂණය කරයි.
උපන්‍යාස තනා ගැනීම
විද්‍යාත්මක විධි ශාස්ත්‍රයෙහි තෙවන පියවර වූ උපන්‍යාස තනා ගැනීම ඉතා
වැදගත් අංශයකි. ගැටලුව විසඳීම සඳහා උපයෝගී කරගන්නා වූ විධික්‍රමය
මෙහිලා සාකච්ඡා වේ. විද්‍යාත්මක ගැටලු විසඳීමේ දී එකම ගැටලුවට අදාළ කර
ගත හැකි උපන්‍යාස රාශියක් ඉදිරිපත් විය හැකිය. බුදුදහමට අනුව ද උක්ත
අදහස විෂම නොවේ. ථෙරවාදී අදහසට අනුව නානා හේතු නානා ඵල යන හේතුඵලවාදි
න්‍යාය මගින් කිසියම් ගැටලුවක් ඇතිවීමට හේතු භූත වූ සාධක කිහිපක්
පැවැතිය හැකිය. උදාහරණ වශයෙන් සසර පැවැත්මට ප්‍රධාන හේතුව ලෙස තණ්හාව
සඳහන් වුවද තණ්හාවට බාහිරව තවත් හේතු පවතියි. පටිච්ච සමුප්පාදය තුළින්
ප්‍රකට කරණ සංසාර චක්‍රයේ ආරම්භය අවිජ්ජාව ම නොවේ. අවිජ්ජාවට ද හේතුවක්
ඇති බැවිනි. “ආසව සමුදයො අවිජ්ජාසමුදයා “ ආශ්‍රව හේතුවෙන් අවිජ්ජාව
ජනිත වේ. ආශ්‍රව හේතුවෙන් අවිජ්ජාව ජනිත වේ. ආශ්‍රව හෙවත් කෙලෙස් ජනිත
වූයේද ආකස්මිකව නොවේ. හේතුවකින් තොරව ඵලයක් ජනිත විය නොහැකි බැවිනි.
මෙලෙස සළකන විට මෙහි මුලක් සෙවිය නොහැකිය. චක්‍රයක් බදු හෙයින්
කොතැනකින් පටන් ගත්තත් කම් නැත. විද්‍යාත්මක විධි ශාස්ත්‍රයට අනුව
සාර්ථක උපන්‍යාසයක් ලෙස සලකනුයේ විද්‍යාත්මක ගැටලුවක් සාර්ථකව විසඳීමට
පාදක වන්නේ නම් පමණි. බුදුසමය දුක්ඛ සමුදයට හෙවත් දුක හට ගැනීමට හේතුව
ලෙස දම්සක් පැවතුම් සුතුරෙහි සඳහන් වන්නේ කාම, භව, විභව යනුවෙන්
ප්‍රභේද ගතව ඇති තණ්හාවයි. දුක්ඛ නිරෝධය හෙවත් දුක් නැති කිරීමට උක්ත
තණ්හාවන්ගෙන් සපුරා මිදිය යුතුවේ. දුක් නැති කිරීමේ මඟ “ දුක්ඛ
නිරෝධගාමිණි පටිපදා “ නමින් හැඳින්වේ. එය වූකලී මධ්‍යම ප්‍රතිපදාව නම්
වූ අරිඅටඟි මගයි. සීල, සමාධි , පඤ්ඤා යන ත්‍රිශික්ෂා ප්‍රාගුණ්‍යයෙන්
ශික්ෂණය ලැබීම මෙහිලා සිදු කෙරේ. අනුපුබ්බසික්ඛා,
අනුපුබ්බකිරියා,අනුපුබ්බපටිපදා යනුවෙන් පහාරාද සූත්‍රය,
ධම්මචක්කප්පවත්තන සූත්‍රය වැනි සූත්‍රයන්හි සඳහන් වන්නේ
ත්‍රිශික්ෂාවයි. මේ ආර්ය මාර්ගය ප්‍රගුණ කිරීමෙන් සෝවාන් ආදි මාර්ග
ඵලයන්ට පැමිණ සකල ක්ලේශයන් ප්‍රහාණය කොට නිර්වාණාබෝධයට පත් වේ. බුදු,
පසේ බුදු, මහරහත්හු නිවන් සුව පසක් කළ උතුමෝ වෙති. තවද සතිපට්ඨාන
සූත්‍රයෙහි ඒකායන නිර්වාණ මාර්ගය ලෙස සතර සතිපට්ඨාන ධර්මයන් හඳුන්වා
ඇත්තේ විදර්ශනා භාවනාව වැඩීමෙන් ආසවක්ඛය ඤාණය උපදවා ගත හැකි බැවිනි.
අවශේෂ ඤාණයෝ ලෞකික වන අතර, උක්ත ඤාණය පමණක් ලෝකෝත්තර වේ. ලොව්තුරා
නුවණින් පසක් කර ගත යුතු වූ නිවන පරම සැපතකි. උතුම් සත්‍යයකි. මෙම පරම
සැපත හුදෙක් මරණින් මතු ලැබිය යුක්තක්ම නොවේ. මෙලොවදීම අවබෝධ කර ගත
හැකි සත්‍යයකි. පුහුදුන් විදුනැණට කිසිදා නිවන හසුනොවේ. “ සන්දිට්ඨිකො,
අකාලිකො “ යනුවෙන් ධර්මයේ ගුණ හදුන්වා ඇත්තේ මෙලොවදි ම කල් නොයවා
ප්‍රතිඵල ලැබිය හැකි බැවිනි.
විද්‍යාත්මක පරික්ෂණ අවධිය
විද්‍යාත්මක විධි ශාස්ත්‍රයේ දැක්වෙන පරික්ෂණ අවධියේ සිදු කරණ වැදගත් ම
ක්‍රියාවලිය වන්නේ ගොඩනගාගත් උපාන්‍යාසවල සත්‍යාසත්‍යතාව විමර්ෂනය
කිරීමයි. එනම් ගැටලුව විසදීම සඳහා යොදා ගත් උපන්‍යාසයන්හි සප්‍රමාණතාව
හෙවත් පිළිගත හැකිද? නිවැරදිද? යන්න තවදුරටත් පරික්ෂා කර බලන අතර,
එමගින් එළඹෙන නිගමනය විද්‍යාත්මක රීතියක් බවට පත් කර ගැනීම මෙහිදී සිදු
කරයි. උක්ත කරුණු බුදුසමය සමග තුලනය කිරීමේදී කෙතරම් සමීප වේදැයි පසක්
වනු ඇත. බුදුසමයාගත පරම නිෂ්ඨාව වූ නිවන අවබෝධ කර ගත යුතු සත්‍යයක්
විනා ඉන්ද්‍රියයන්ට ගෝචර කර ගත හැකි එකක් නොවේ. එසේම හේතු
ප්‍රත්‍යන්ගෙන් සකස් කරණ ලද, ලොව කිසියම් තැනක පිහිටා ඇති එකක් ද නොවේ.
එනිසා නිවන් දකිත්වායි කිව්වාට නිවනෙහි දකින්නට දෙයක් නැත. ලැබේවායි
පැතුවාට ලබන්නට දෙයක් ද නැත.නිවන වින්දනයෙන් තොර බැවින් නිවන් සුවය වූ
කලි අවේදයිත සුඛයකි. හේතු ප්‍රත්‍යයන්ගෙන් ජනිත නොවූ බැවින් සංඛත
ධර්මයක්ද නොවේ. “ නිවන” අසංඛත යථාර්ථයකි. විමුක්ති සුවය නිරාමිස සුඛය
නිවන් සුවයි. අජාත, අභූ®ත, අකත, අසංඛත යන නම් වලින් හඳුන්වා ඇති නිවන
පෙර සදහන් කළ බෞද්ධ උපන්‍යාසයන් අනුගමනය කිරීමෙන් ඒකාන්තයෙන්ම අවබෝධ කර
ගත හැකි වේ. එයට ජාති කුලගොන් භේද හෝ ධනවත් දුප්පත් භේද හෝ ගිහි පැවිදි
භේද හෝ කිසිවක් නැත. ඕනෑම කෙනෙකුට නිවන් මඟ අනුගමනය කිරීමෙන් නිවන
අතැඹුලක් සේ පසක් කර ගත හැකිවේ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යය අවබෝධ කර
ගෙන පරහට දේශනා කළහ. බුදු උතුමෝ යා යුතු මග නොමග පෙන්වා දෙති. යමෙක්
නැණවත්ව නිවහල්ව නිදහස්ව තම තමා විසින් ම සිතාමතා විමසා බලා නිවන් මඟ
අනුගමනය කළහොත් පරම සැපත කරා යොමු විය හැකි බව බුදුසමය පෙන්වා දෙයි.
ලොව විවිධ ආගම් පවතියි. සියලු ආගම් එකයි යැයි ඇතැම්හු කියති. අන්‍ය
ආගම් චින්තන කෙසේ වෙතත් බුදුදහම අන්‍ය ආගමික ඉගැන්වීම් සමග තුලනය
කිරීමේදී කෙතරම් දුරස්ථ වේ දැයි දන්නෝ දනිති. අන්‍ය ආගම්වලත් පරම
නිෂ්ඨාවක් හෙවත් පරම සුවයක් විමුක්තියක් ගැන කථා කළත් ඒ විමුක්ති
මාර්ගය පැහැදිලිව දක්වා නැත. චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය
ඇතුළත් වන්නේ බුදුසමයෙහි ම පමණි. එබැවින් බුදු දහමින් විනා අන් දහමකින්
පරම සැපතක් ලැබිය නොහැකිය. සැබෑ ශ්‍රමණයෝ ඇත්තේ බුදුසසුනෙහි ම පමණි.
පරවාදයෝ අර්ථ ශූ®න්‍ය වෙති. මෙලෙස මහණෙනි, සිංහනාද කරව් යැයි
බුදුරජාණන් වහන්සේ චූලසීහනාද සූත්‍රයහි පෙන්වා දුන්හ. බුදුදහම ඕනෑම
කෙනෙකුට නිරික්ෂණය කොට, පරික්ෂා කොට , නිගමනයකට බැස ගැනීමට විවෘතව ඇත.
සත්‍යෙක්‍ෂණ අවධිය
විද්‍යාත්මක චින්තනයේ තවත් වැදගත් කරුණක් නම් සත්‍යෙක්‍ෂණය කර බැලීමයි.
එයින් තොරව නිවැරදි පිරිසුදු විද්‍යාත්මක ඥානයක් උපදවා ගත නොහැකිය.
කිසියම් විද්‍යාත්මක රීතියක් නිගමනයක් කෙතෙක් දුරට සත්‍යද? අසත්‍යද?
යන්න තීරණය කිරීම සත්‍යෙක්‍ෂණ අවධියේ සිදු කරයි. ඒ නිසා සදොස් තැන්
ඇත්නම් ඒවා නිදොස් කර ගැනීමටද ඒ පිළිබඳ සැකයෙන් තොරව කරුණු සනාථ කළ
හැකිවේ. විද්‍යාත්මක චින්තනයට අනුව පාරභෞතික කරුණු සම්බන්ධයෙන්
සත්‍යෙක්‍ෂණ සිද්ධාන්තය භාවිතා කළ නොහැකිය. ආනුභවික විද්‍යාවන් ලෙස
සලකන සමාජීය විද්‍යා, ස්වාභාවික විද්‍යා, චර්යා විද්‍යා, මනෝවිද්‍යා
ආදිය සත්‍යෙක්‍ෂණය කළ හැකි විද්‍යා ක්‍ෂෙත්‍ර ලෙස සලකනු ලැබේ.
බුදුසමය සකල විධ දාර්ශනික ශාඛාවන්ගෙන් පරිපූර්ණ වූ දර්ශනයකි. බටහිර
මනෝවිද්‍යාවට වඩා පෘථුල වූ ද ගැඹුරු වූ ද මනෝ විශ්ලේෂණයක් බුදුසමය තුළ
විද්‍යමාන වේ. බෞද්ධ මනෝවිද්‍යාව ආචාර විද්‍යාව තුළින් පැහැදිලි වන
පරිදි අධිමානුෂික ශක්තීන් උපදවා ගත් අයට මරණින් මතු පැවැත්ම වැනි කරුණු
වුවද සත්‍යෙක්ෂණය කළ හැකිවේ. බුදුරදහු සසර සරනා සත්වයා උපදිමින්
මැරෙමින් ගමන් කරන අයුරු චුතූපපාත ඤාණය ඔස්සේ දකිති. දැන පරහට වදාරති.
එදා බෝ මැඩ දී බුදු බව පසක් කරගත් වහාම බුදුරජාණන් වහන්සේ පටිච්ච
සමුප්පාදාය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ බව මහාවග්ග පාලියෙහි
සඳහන්වේ. සැබැවින්ම එසේ මෙනෙහි කළේ තමන් අවබෝධ කරගත් මේ ධර්මයෙහි
නිවැරදි බව පිරිසුදු බව තහවුරු කර ගැනීමටය. සැබැවින් ම මෙය
සත්‍යෙක්‍ෂණය කර බැලීමකි. සමස්ත බුදුදහම ම සත්‍යෙක්‍ෂණයක් කළ හැකි
දර්ශනයකි. නිවන් සුව පසක් කළ , නිවන් මගට පිළිපන්, ධර්මය විනය ප්‍රගුණ
කළ ජීවිතය හා සම්බන්ධ කර ගත් බොහෝ දෙනෙකුට බුදුසමයාගත මේ සුවිශේෂ ගුණය
අවබෝධ කර ගත හැකිය.
ඉහත කරුණු මගින් ප්‍රකට වන්නේ විද්‍යාව හා බුදුසමය අතර ඇති සබැඳියාව සහ
නොබැඳියාවයි. මෙහි ලා විස්තරාත්මකව ඉදිරිපත් කළ නොහැකි බැවින් ඔබගේ
අවධානය සඳහා මුලික සිද්ධාන්ත පමණක් කෙටියෙන් ඉදිරිපත් කළෙමි. ආරම්භයේදී
ම සඳහන් කළ පරිදි විද්‍යාව හා බුදුදහම තුලනය කිරීමේ දී අප ප්‍රවේශම්
විය යුතුය. මන්ද යත්? දෙමඟක් ඔස්සේ ගමන් කළ ඥාන විශේෂයන් වන බැවිනි.
සරාගී බවින් යුතුව ද්වේෂයෙන් ගිනිගත් මෝහයෙන් මුලා වූ කෙලෙස් සිතින්
කරණ ලද පර්යේෂණයන්හි ප්‍රතිඵල ජලකර පරමාණු මිසයිල නොවේද? විද්‍යාවේ
දියුණුව සමස්ත සත්ව වර්ගයාට සම්පතක්ද විපතක් දැයි මැන බලන්නෙකුට
සම්පතකට වඩා විපතක් සිදු වී ඇති බව පසක් වනු ඇත. විද්‍යාඥයාගේ ඥානය
යහපත සඳහා ම යොමු වේ නම් මේ ලොව කෙතරම් සුන්දරවේද? අවිගත්තෝ අවියෙන් ම
නැසෙති. එහෙත් මෙහි විස්මය වන්නේ අවිගත්තන් පමණක් නොව අවිනොගත් අයද
නැසීම යි. බුදුරජාණන් වහන්සේ වදාළ විද්‍යාව, ප්‍රඥාව පහළ වන්නේ
වීතරාගී, සතද්වේෂී, වීතමොහි සිතකය. මෙත් කරුණා මුදිතාදි ගුණයන්ගෙන්
පෝෂිත වූ සන්තානයක ම ය. එය සව්සත වෙත සව්සිරි ගෙනදෙන සැපතක් ශාන්තියක්ම
වේ.
පාදක සටහන්
1. ඛු.ජ.මජ්.නි. සංගරාව සූත්‍රය 80 පිටුව
2.K.N.Jayatilaka Early Buddhist Theory of
Knowledge
ඇම්.හිරියන්හ - සංක්‍ෂිප්ත ඉන්දීය දර්ශනය
සර්ව පල්ලි රාධාකෘෂ්ණන්
3. උදාන පාලියේ පාටලීගාමීය වග්ගයේ තෙවන නිබ්බාණ සූත්‍රය
4. සබ්බාභිභූ සබ්බ විදුහමස්මි
සබ්බේසු ධම්මෙසු අනූපලිත්තො
සබ්බං ජහො තණ්හක්ඛයෙ විමුත්තො
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං (මහාවග්ග පාලිය)
5. නාහං ආවුසො ඉමානි චක්තාරි සච්චානි තිණකට්ඨාදිසු පඤ්ඤපෙමි. ඉමස්මිං පන
වාතුම්මහාභුතිකෙ
කායස්මිංයෙව පඤ්ඤපෙමි .
සං . නි. නානාතිත්ථියවග්ග රොහිතස්ස සූත්‍රය
6. ධම්මචක්කපවත්තන සූත්‍රය – සං. නි. සච්ච සං.
සච්ච විහංග සූත්‍රය – ම: නි.
චූල්ල වේදල්ල සූත්‍රය - ම:නි:
මහාචත්තාරීසක සූත්‍රය – ම:නි:
සම්මාදිට්ඨි සූත්‍රය - ම:නි:
7. ම:නි: අරියපරියෙන සූත්‍රය
“ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසති “
8. මජ්.නි. පහාරාද සූත්‍රය
“යම්පි පහාරාද ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්කා.....”
9. දීඝ:නි: සතිපට්ඨාන සූත්‍රය
“එකායනො අයං භික්ඛවෙ මග්ගො “
10.මජ්:නි, චූලසීහනාද සූත්‍රය
“ඉධෙව භික්ඛවෙ සමණො ඉධ දුතියො සමණො.....
සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙහි එවමෙතං භික්ඛවෙ සම්මා සීහනාදං නදථ “
11. අථ ඛො භගවා රත්තියා පඨමං යාමං පටිච්චසමුප්පාදං අනුලොම පටිලොමං
මනසාකාසි.
මහාවග්ග පාලිය – කරගම්පිටියේ ජෝතිරතන නාහිමි සංස්කරණය - 2 පිටුව |