වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය
“යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති “
පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියෙහි පිහිටි පුද්ගලයෝ අටදෙනෙකි. යුගල
වශයෙන් හතරෙකි. පැහැදිලි කරන්න.
පිළිතුර
අංගුලිමාල සූත්‍රාගත පුවතට අනුව ආර්ය ජාතියෙහි ජන්මය ලද පසු (පැවිදි
බව) ඉතා කුඩා ප්‍රාණියෙකුගේද දිවි තොර නොකළ පරම අහිංසකයෙකු වූ
අංගුලිමාල තෙරණුන් සිය ගණන් මිනිසුන් මරා ඝාතයෙකු වූයේ “ අනාර්යව සිටිය
දීය. “දම්සක් පැවතුම් සුත්‍ර විස්තරයට අනුව අනාර්ය වූ පිළිවෙත (හීනො
-ගම්මො ) හීනය ග්‍රාමය්‍ය “ පුහුදුන් මිනිසුන් විසින් අනුගමිකය.
අනර්ථකරය.
එසේම ආර්ය මාර්ගය (අත්ථ සංහිතා) අර්ථ සංහිතය. මෙසේ අනාර්ය යන්නට
සමානාර්ථ වත්ව (පොථුජ්ජන ) පෘථග්ජනයා යන්න යෙදී ඇත. බුදුදහම මේ අනුව
සමස්ත මානව වර්ගයා ආර්ය අනාර්ය වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි.
ආර්යයෝ යුගල වශයෙන් හතරක් ද පුද්ගලයන් වශයෙන් අට දෙනෙක්ද වෙයි. ඒ
මෙසේය. සොතාපන්න. සකෘදාගමී අනාගාමි අරහන්ත මාර්ගස්ථ හා ඵලස්ත වශයෙන්
අටදෙනෙකි.
මෙයින් රහතන් වහන්සේ (අරහන්ත) කළ කිස ඇති හෙයින් “ (කතකිච්ච) “අසෙඛ
නම්වෙයි. ඉතිරි සත්දෙන තවදුරටත් හික්මෙන අවස්ථාවකට පසුවන හෙයින් “සෙඛ “
නම්ද වෙයි.
ප්‍රශ්නය
උපස්ථායක තනතුරින් අගතැන්පත් “ආනන්ද “ හිමියන් ධර්ම භාණ්ඩාගාරික විය,
ධාරණ ශක්තියෙන්ද අසමාන වූ උන්වහන්සේගෙන් එක්තරා බමුණෙකු ඇසූ පැණයකට
මෙසේ පිළිතුරු දුන්හ. බුදුරජාණන් වහන්සේගෙන් මම අසූහාර දහසක්
ධර්මස්ඛන්ධය ලබා ගත්තෙමි. මෙබඳු සුවිශේෂ ගුණයන් නිසා ආනන්ද හිමියන්
බුදුරජාණන් වහන්සේ වෙතින් කරුණු පහකින් තම ශ්‍රාවක සමූහයෙන් අගතැන්
වූහ. මෙම සුවිශේෂි කරුණු මොනවාද?
පිළිතුර
1. බහුශ්‍රැතයන් (බහුස්සුත මන්ත )
2. සිහි ඇත්තවුන් (සතිමන්ත)
3. මනාපැවතුම් ඇත්තන් (ගතිමන්ත)
4. ස්ථාවරත්වය ඇත්තන් (ධිතිමන්ත)
5. උපස්ථායකයන් (උපට්ඨාහමන්ත)
ප්‍රශ්නය
කිසියම් කුලපුත්‍රයෙක් තමාගේ නිරවද්‍ය වූ කායික වාචසික හා මානසික
ක්‍රියා නිසා බලවත් පී‍්‍රතියට පත්වෙයි.
මෙම පුද්ගල සන්තුෂ්ඨිය ධර්මයෙහි සඳහන් වන්නේ කුමන නම කින්ද?
පිළිතුර
බුදු දහමට අනුව දැහැමි ගිහියෙකු විසින් වින්දයුතු සුඛ හෙවත් සැප හතරක්
ගැන සඳහන් වෙයි. එනම් අත්ථි සුඛ (තමන්ට සම්පත් තිබීම ) භෝග සුඛ (සම්පත්
පරිභෝජනය ) අණන සුඛ (ණය නැති බව ) අනවජ්ජ සුඛ (නිරවද්‍ය ජීවිතය) යන මේ
සතරය. මෙහි අණන, භෝග ,හා අත්ථී සුඛ ගැන සඳහන් කරන බුදුරජාණන් වහන්සේ
“අනවජ්ජ” සුඛයෙන් දහසෙන් එකක් තරම්වත් ඒවා නොවටනා බව සඳහන් කළහ.
ප්‍රශ්නය
අනේපිඬු සිටු ලේලිය අමතා බුදුරජාණන් වහන්සේ වරෙක මෙසේ වදාළහ.
‘සුජාතාවෙනි, කෙනෙකුට ලැබෙන්නට ඉඩ ඇති භාර්යාවරුන් නම් මේ හත්දෙනායි.
මෙයින් ඔබ අයත් වන්නේ කවර ගණයටදැයි වදාළහ. මේ භාර්යාවරු කවුරුන්ද?
පිළිතුර
1. නපුරු සිත් ඇති , සැමියාට වදවේදනා පමුණුවන - ‘වධක භාර්යා ‘
2. සැමියා උපයන සියල්ල නසාලන චෝර භාර්යා
3. ආධිපත්‍යය පතුරුවන අලස වූ ගති ඇති අය්ය භාර්යා
4. මවක දරුවෙකු කෙරෙහි දක්වන සෙනෙහසින් යුතු මාතු භරියා
5. සොහොයුරියකසේ සැමියාට බුහුමන් දක්වන භගිනි භරියා
6. උසස් පැවතුම් ඇති සිල්වත් ගුණ දහමින් යුතු සඛී භරියා
7. සැමියා කෙරෙහි නිරතුරු බැතිසිතින් සැමියාගේ සිතුම් අනුව හැසිරෙන දාසි
භාර්යා
මෙසේ භාර්යාවන් සත්දෙන විස්තර කළ බුදු රජාණන් වහන්සේ මොවුන් අතරෙන් වධක
භාර්යාව, චොර භාර්යාව, අය්ය භාර්යාව යන තිදෙන ප්‍රාර්ථනා නො කළ යුතු අය
බවද, මාතු භාර්යාව, භගිනි භාර්යාව සඛීභාර්යාව හා දාසි භාර්යාව ද
නිරතුරුව අගය කළ යුතු බවද දේශනා කළහ.
ප්‍රශ්නය
චතුරාර්ය සත්‍ය විස්තර කිරීමෙහි දී බුදුරජාණන් වහන්සේ සමස්ත බුද්ධ
ධර්මය ම දුකත්- දුක්ඛ නිරෝධයත් පමණක් උගන්වන බව පැහැදිලි කළහ. එක්
කරුණක් පිළිබඳ අවබෝධය ලැබූ තැනැත්තා අනෙක් කරුණු තුනම දක්නා බවද වදාළහ.
පැහැදිලි කරන්න.
පිළිතුර
සං: නි. ගවම්පති සූත්‍ර - 5(2) 292 “යො භික්ඛවෙ දුක්ඛං පස්සති .දුක්ඛ
සමුදයම්පි සො පස්සති. දුක්ඛ නිරෝධම්පි සො පස්සති. දුක්ඛ නිරෝධ ගාමිණි
පටිපදාම්පි පස්සති.
යමෙක් දුක පිළිබද අවබෝධයක් ලබයිද ඔහු. දුකෙහි හට ගැනීම හා එහි නිරෝධ
යත් නිරෝධය සඳහා ගත යුතු ක්‍රියා මාර්ගයත් හඳුනාගනී.
ප්‍රශ්නය
බුද්ධකාලීන එක් ශාස්තෘවරයෙකුගේ දේශනා පාඨයකි මේ. “දැලි පිහියක් මෙන්
මුවහත් රෝදයකින් සියලු සතුන් මරා මස් ගොඩක් කළත් ඒ හේතුවෙන් පවක් නැත.
එසේම යම් කිසි කෙනෙකු දන් දෙමින් මහා යාග කරමින් උතුරු ගංතෙර දක්වා
ගියත් ඒ හේතුවෙන් පිනක් නැත්තේය. ශීලය හා ඉන්ද්‍රිය දමනය සත්‍ය වචනය,
මිථ්‍යාවකි. මෙම අදහස ඉදිරිපත් කළ බුද්ධ කාලීන සාස්තෘවරයා කවරෙක්ද?
පිළිතුර
පූර්ණ කස්සපගේ දර්ශනය කර්මවාදය ප්‍රතික්‍ෂේප කළ අකිරියවාදියෙකි. සදාචාර
විරෝධී දහමක් ඉදිරිපත් කළ ඔහු මිනිසා ඔවුනොවුන් අතර වෛරය පතුරුවා හරී.
ප්‍රශ්නය
භාග්‍යවතුන් වහන්සේගේ දවසේ කටයුතු කොටස් පහකට බෙදා එක් කොටසකට අයත්
කටයුතු එම කාලය තුලදීම කළසේක. පෙර බත් කිස, පසුබත් කිස, පෙරයම් කිස,
මැදියම් කිස ,පැසුණ යම් කිස උන්වහන්සේගේ දෛනික කටයුතු සඳහා වෙන්කළ
කාලයයි. මෙයින් පැසුළු යම් කිස කටයුතු පැහැදිලි කරන්න.
පිළිතුර
බුදුරජාණන් වහන්සේ පැසුලු යම් කිස සතර කොටසකට බෙදා වෙන්කර පලමු කොටස
සක්මනින් කල්ගෙවති. දෙවන කොටසෙහි ගඳ කිළියට වැද සිහි නුවණින් යුතුව
දකුණැලයෙන් සැතපෙති. තුන්වන කොටසෙහි නැගී වැඩහිඳ ඵල සමවතින් කල් යවති.
සතරවන කොටසෙහි මහාකරුණා සමාපත්තියට සම වදී. ඉක්බිති ඉන් නැගී පෙර
බුදුවරයන් කෙරෙහි දන්දීම සිල් රැකීමාදි කුසල්කොට ආර්ය භාවයට පත් ජනයන්
බුදු ඇසින් බලමින් අරුණ නැඟෙන කාලය ගත කරයි.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා කාන්තාවකගේ පින් මහිමය බුදුනුවණින්
දැක ආලෝකයක් පතුරා ඇය ඉදිරියෙහි වැඩ දේශනා කරන්නාක් මෙන් මෙසේ වදාළහ.
“යොච වස්ස සතං ජීවෙ
අපස්සං උදයබ්බයං
එකාහං ජීවිතං සෙය්‍යො
පස්සතො උදයබ්බයං
පස් කඳ උපත හා විපත නොදකින පුද්ගලයා සියක් වස් සිටියත්, තතු දතුගේ දින
ශ්‍රේෂ්ඨ වේ. මේ කාන්තාව කවුද?
පිළිතුර
මේ ධර්මය ඇසූ කාන්තාව පටාචාරා සිටු දියණියයි. ප්‍රකට වූ ආචාර ඇති
බැවින් ඕ පටාචාරා නමින් ප්‍රසිද්ධ වූවාය. පසු කලෙක පැවිදිව උපසපන් බව
ලබා පා සේදූ දියපහරක් වියැකුණු බව දැක එය අරමුණු කොට බවුන් වඩා රහත්
වීමෙහි පිහිටියාය. පසුකලෙක පටාචාරා තෙරණියො විනයධර ස්ථවිරාවන් අතුරෙන්
අගතනතුර ලැබුවාය.
ප්‍රශ්නය
උපෙක්ඛා පාරමිතාව පැහැදිලි කරන්න.
පිළිතුර
දහවන උපෙක්ඛා පාරමි (උප +ඉක්ඛා සාධාරණව මැදහත්ව නිවැරදිව දැකීම) මගින්
තෘෂ්ණාවෙන් හෝ ද්වේෂයෙන් තොරව මැදහත්ව නිවැරදිව නිරීක්‍ෂණය අදහස් වෙයි.
උපෙක්ඛා යන වචනය යෙදෙන්නේ උදාසීනව නිෂ්ක්‍රීයව සිටීම අරභයා නොවේ.
නින්දා - ගැරහුම් ලබන්නට සිදුවීම මෙන්ම ලාභ මෙන්ම අලාභ කවර මිනිසෙකුගේ
වුවද ඉරණමකි. මුහුද රළ මොන තරම් සැඩපරුෂ ලෙස බිඳුණත් එයින් මුහුදු
පත්ලේ සංසුන් බව බිඳෙන්නේ නැත. එසේම බෝසතුන් වහන්සේගේ සිතත් කිසිවකින්
කම්පා නොවේ.
ප්‍රශ්නය
අනුරාධපුර සංඝමිත්තා අර්හත් මෙහෙණීන් වහන්සේ ප්‍රධාන මෙහෙණින් වහන්සේලා
සඳහා කරවා තිබූ ආරමායෙහි නම කුමක්ද?
පිළිතුර
“හත්ත්ථාල්හක මෙහණෙවර “ කාන්තාවන් උදෙසා කළ ආරාමයයි.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට උන් වහන්සේ ජීවමාන කාලයෙහි එකතු වූ
අවසාන ශ්‍රාවකයා කවුද?
පිළිතුර
සුභද්‍ර පරිබ්‍රාජකයාය.
|