විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකායෙන්...
මාතර, පහළ පීක්වැල්ල, පන්ථාරාමයේ
හත්තොටුවේ
ඉන්දරතන හිමි
පසු ගිය පත්‍රය හා සම්බන්ධයි
10. නිකසළ පිරිස – පරිසමණ්ඩො
සතර අගතියෙන් අගතිගාමී නොවී සමානාත්මතාවයෙන් කටයුතු කරන භික්‍ෂූ පිරිස
නිකසළ පිරිස නම් වේ. තමායට පි‍්‍රය අපි‍්‍රය සැමට ම පක්‍ෂ කුල ජාති භේද
නොසළකා එක හා සමානව සැලකීම මෙම පිරිසේ ඇති විශේෂ ලක්‍ෂණයයි.
11. අවිනීත වූ විමසා නොහික්මුණු පිරිස - ඔක්කාචිත විනීතා පරිසා නො
පටිපුච්ඡාවිනීතා
තථාගතයන් වහන්සේ දෙසු සූත්‍රධර්ම ඇසීමට නොකැමැති, ඇසීමට කන් යොමු
නොකරන, එහි අර්ථ විවරණ දැන ගැනීමට සිත් නොඑළවන, ඒ ධර්මය උගත යුතු
පුහුණු කළ යුතු දේ ලෙස නොගන්නා, එනමුත් වෙනත් කාමුක කවීන් විසින් කරන
ලද, කවීන්ට හිත වු විසිතුරු අකුරු ඇති විසිතුරු ව්‍යඤ්ජන ඇති බුදු
සසුනින් බැහැර වු ශ්‍රාවක දේශිත සූත්‍ර ගායනා ඇසීමට කැමති වන, ඒ සඳහා
කන් යොමුකරන, ඇසීමට සිත් එළවන සහ ඒ ගායනාවන් උගත යුතු පුන පුනා පුහුණු
කළ යුතු සේ සිතන භික්‍ෂු පිරිස අවිනීත වූ නොවිමසා හික්මුණු පිරිස වේ.
ඔවුහු තථාගත දේශිත ධර්මය පිළිබඳව අරුත් නොවිමසති. ගැට මුසු තැන්
නිරාකරණය නොකරගනිති. සැක විමසා දුරු නොකරති.
12. විනීත වූ විමසා හික්මුණු පිරිස - පටිපුචාඡාවිනීතා පරිසා නො
ඔක්කාචිතවිනීතා
කවීන් විසින් කරන ලද කවින්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු
ව්‍යාඤ්ජන ඇති, සසුනින් බැහැර වු ශ්‍රාවක දේශිත සූත්‍රාන්ත නොඅසන, ඒවා
ඇසීමට නො කැමති (කවිකතා කාවය්‍යො චිත්තඛරා චිත්ත ඛ්‍යඤ්ජනා බාහිරකා
සාවක භාසිතා, තෙසු භඤ්ඤමානෙසු න සුස්සන්ති) ඒවා පුහුණු නොකර ඇතැම්
භික්‍ෂූ පිරිසක් තථාගතයන් වහන්සේ දෙසන ලද පාළියෙන් ගැඹුරු වූ ගැඹුරු
අර්ථ ඇති, ලෝකෝත්තර වූ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත වූ සූත්‍රාන්ත දෙසනු ලබන
කල්හි ඒවා ඇසීමට කැමති වෙති. (තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා
ලොකුත්තරා සුඤ්ඤතාපටිසඤ්ක්‍දුත්තා , තෙසු භඤ්ඤමානෙසු සුස්සූසන්ති) කන්
යොමු කරති. (සොතං ඔදහන්ති) දැන ගැනීමට සිත් එළවති. (අඤ්ඤා චිත්තං
උපට්ඨපෙන්ති) ඒ ධර්මය උගත යුතු පුහුණු කළ යුතු දෙයක් ලෙස සිතත්. මෙහි
අර්ථය කිම , මෙය මෙසේ වන්නේ කෙසේ දැයි බුද්ධ වචනයේ සැකමුසු තැන් විමසා
ගනිති. සැඳුණු අර්ථ විවරණය කර ගනිති. (අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති)
මේ විනීත වූ විමසා හික්මුණු පිරිසයි.
13. සිවුපස (ආමිසය) ගරුකරන සදහම් ගරු නොකරන පිරිස ආමිසගරු පරිසා නො
සද්ධම්ම ගරු මේ සසුනේ ඇතැම් භික්‍ෂූහු සුදුවත් හඳිනා ගිහියන් වෙත ගොස්
අසවල් භික්‍ෂුව උභතොභාග විමුක්තිය අසවල් භික්‍ෂුව ප්‍රඥා විමුක්තය,
අසවල් භික්‍ෂුව සකෘදාගාමීය ආදි වශයෙන් ද අසවල් භික්‍ෂුව දුශ්ශීලයයිද
කියති. එසේ කීමෙන් සිවුපස ලාභයට ඔවුහු හිමිකාරයෝ වෙති. ඒ සිවුපසය ලබා
ගැනීමට ම එහි ආදීනව නොදැක මුසපත්ව ක්‍රියා කරමින් ඒ ආමිසයත් පරිභෝග
කරන්නෝ සදහම් ගරු නොකරන, ආමිසය ගරු කරන පිරිස නම් වෙති.
14. සදහම් ගරු කරන ආමිස ගරු නොකරන පිරිස
සද්ධම්ම ගරූ පරිසා නො ආමිස ගරූ
ගිහියන් වෙත ගොස් මඟඵල ලැබු භික්‍ෂූන් පිළිබදව හෝ දුසිල් භික්‍ෂුන්
පිළිබඳව කිසිත් ගුණදොස් නොපවසන භික්‍ෂූ පිරිසක්ද වෙති. ඔවුහු ගිහියන්
වෙතින් සිවුපසය ලබා, එහි මුසපත් නොවී එහි නොගැලුනාහු ආදීනව දකිමින්
නිසරණ ප්‍රඥාවෙන් සිවුපසය පරිභෝග කරති. (තං ලාභම්පි ලභිත්වා අගථිතා
අමුච්ඡිතා අනජ්ඣොපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණ පඤ්ඤා පරිභුඤ්ජන්ති)
මොවුහු සදහම් ගරු කරන ආමිසය ගරු නොකරන පිරිස වෙති.
15.විෂම පිරිසම (විසමාච පරිසා )
යම් භික්ෂූ පිරිසක් වත අධර්ම, අවිනය කර්ම ඇත්තේද ඒවාම දීප්තිමත් වේද
විනය හා ධර්ම කර්ම නොමැත්තේද ඒ විෂම පිරිස නම් වේ.
16. සම පිරිස (සමාච පරිසා )
යම් පිරිසක් වෙත ධර්මකර්ම , විනයකර්ම ඇත්තේද අධර්මකර්ම හා අවිනය කර්ම
නොමැත්තේද ඒ සමපිරිසයි. ඔවුන් අතර දීප්තිමත් වනුයේ ධර්මානුකූල විනය
කර්මයි.
17.අධාර්මික පිරිස (අධම්මිකාච පරිසා)
ඉහත කී විෂම පිරිසට සමාන වේ.
18.ධාර්මික පිරිස (ධම්මිකාච පරිසා )
ඉහත කී සම පිරිසට සමාන වේ.
19.අධර්මවාදි පිරිස(අධම්මවාදීනිච පරිසා )
මේ සසුනෙහි ඇතැම් භික්‍ෂූ පිරිසක් දැහැමි වූ හෝ අදැහැමි වූ අධිකරණයක්
ගෙන එය ඔවුනොවුන් නොහඟවා හෙළි නොකර, අයුක්ති දුරුකිරීමට මන්ත්‍රණය
නොකර, එය දැඩිව පිළිගෙන, “ මෙයම සත්‍යය, සෙස්ස බොරුය “ යි (ඉදමෙව සච්චං
මොසමඤ්න්ති ) පවසති. මේ අධර්මවාදි පිරිසයි.
20.ධර්මවාදි පිරිස (ධම්මවාදීනිච පරිසා )
දැහැමි හෝ නොදැහැමි අධිකරණයක් ඔවුනොවුන් හඟවා, දන්වා, දක්වා අධර්මය
දුරලීමට බැහැර කිරීමට එන ඇතැම් භික්‍ෂු පිරිසක් “ මෙයම සත්‍යය, සෙස්ස
බොරුයැ”යි දැඩිව නොගෙන ක්‍රියා කරති. නම්‍යශීලි එම භික්‍ෂූනු ධාර්මික
වූ ධර්මවාදි පිරිස නම් වෙති. ඉහත දැක්වූ පිරිස් අතුරින් ගැඹුරු (සමග්ග)
සමඟි, අග්ගවතී, ආර්යශ්‍රාවක, නිකසළ, විනීත වූ විමසා හික්මුණු, සදහම්
ගරු කරන ආමිසගරු නොකරන, සම, ධාර්මික හා ධර්මවාදි යන පිරිස් දහය
ශ්‍රේෂ්ඨ වේ. අග්‍රවේ. අපද ඔවුන් අනුකරණය කළ යුතුවේ.
අසිරිමත් පුද්ගලයෝ
අනතුරුව දැක්වෙනුයේ පුග්ගල වග්ගයයි. එහි සූත්‍ර 13 කි. පුග්ගලවග්ගයේ
පළමු සූත්‍ර හතරෙහි දැක්වෙනුයේ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන්
වහන්සේගේ සහ චක්‍රවර්ති (සක්විති) රජුගේ ශ්‍රේෂ්ඨ ලක්‍ෂණ හතරකි.
1.මේ දෙදෙනාම, බොහෝ ජනයාට හිත පිණිස, සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස,
දෙව් මිනිසුන්ට හිත සුව පිණිස ලොව පහළ වෙති.
2.ලෝකයේ උපදින්නට සමත් වූ මේ දෙදෙන ආශ්චර්ය (අසිරිමත්) මනුෂ්‍යයෝව
උපදිති. (අච්ඡරිය මනුස්සා)
3.මේ දෙදෙනාගේ් කාල ක්‍රියා කිරිම බොහෝ දෙනාගේ අනුතාපවට, ශෝකයට ලතැවීමට
හේතු වේ.
4. මේ දෙදෙනාම ස්ථූපාර්හ පුද්ගලයෝ (ථූපාරහා ) පුද්ගලයෝ වෙති.
බුදුවරු දෙදෙන
ලොව බුදුවරු දෙදෙනෙක් (දෙවර්ගයක්) පහළ වෙති. එනම්
1.තථාගතො අරහං සම්මා සම්බුද්ධො - තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන්
වහන්සේ හා
2.පච්චේක බුද්ධො – පසේ බුදුරජාණන් වහන්සේ යන දෙදෙනායි
හෙණ ගසන කල්හි නොබිය වන්නෝ
හෙණගසන කල්හි (අසනියා ඵලන්තියා) තැති නොගන්නා වූ ශ්‍රේෂ්ඨ සත්ත්වයෝ
කිහිපදෙනෙකු පිළිබඳ දුක නිපාතයේ පුග්ගල වග්ගයේ 6 , 7 8 යන සූත්‍රවල
කියැවේ.
1.රහතන් වහන්සේ (භික්ඛු ච ඛීණාසවො)
2.අජානේය හස්තියා (හත්‍ථාජානීයො)
3.අජානේය අශ්වයා ) අස්සාජානියො)
4.සිවුපා රජ වූ සිංහයා ( සීහො ච මිගරාජා )
මනෝරථපූරණී අටුවාව අනුව සක්විති රජතුමා පහළ වූ විට ඇත්තේ සම්පත්ති
දෙකකි. තථාගතයන් වහන්සේ පහළ වූ කල්හි පමණක් ත්‍රිවිධ සම්පත්තියම
විද්‍යාමාන වේ. නිර්වාණවබෝධය ලබාගත හැකි වනුයේ තථාගතයන් වහන්සේ ගෙන්
පමණි. සක්විති රජු මිය ගිය කල්හි එක් සක්වලක දිව්‍ය මනුෂ්‍ය සැම ශෝක
කරති. තථාගත පිරිනිවණේදී දස දහසක් සක්වල දිව්‍ය මනුෂ්‍යයෝ ශෝක කරති.
“ බුද්ධ “ යනු චතුරාර්ය සත්‍යයන් තමන්ම අවබෝධ කරගත් උතුමෝය.
රහතන් වහන්සේ හෙණ ගසද්දී බිය නොවනුයේ සක්කාය දිට්ඨිය ප්‍රහීණ කළ
බැවිනි.
|