විශ්‍රාමික කලාප අධ්‍යාපන අධ්යක්ෂ
ටී.ගුණරත්න වස්සාන සමයෙහි වෙනදා මෙන් භික්‍ෂූන් සිටි තැන් සුද්ධ පවිත්‍ර කර ගැනීම
අපහසුවුවත්, ගල්ලෙන්, ආරාම ආවාස, බෝමළුව මැනවින් පවිත්‍රව තබාගත යුතු
විය. සමහර විට ගිහියෝද ඒවා පවිත්‍රව තබා ගැනීමට උදවු වූහ. බෞද්ධයන් තුළ
බුදු බැතිය වැඩීමට, වෙහෙර විහාර, චෛත්‍යය හා බෝමළුව ආදියෙහි
අලංකාරය බලපෑවේය. වස්සාන
කාලයෙහි භික්‍ෂුන් වහන්සේ බුදු බැතිය
වඩමින් කළ පිරිත් සජ්ඣායනා බොදු ජන හදවත් සනසන ලදී.
ගිහි , පැවිදි, සෑම බෞද්ධයෙක්ම, ධර්මයට , විනයට මුල්තැන දුන් අන්දම
බෞද්ධ සාහිත්‍යය හෙලි කරයි. භික්‍ෂූන් වහන්සේ රහත් වනතෙක් ප්‍රතිපත්ති
පිරූ හැටිත්, ගිහි පිරිස බණ දහම් අසමින්, ධර්මානුකූ®ල ජීවිත වලට හැඩ
ගැසුණු අයුරුත් පැරැණි බෞද්ධ සාහිත්‍යය ධර්ම ග්‍රන්ථවලින් අනාවරණය
කෙරේ. වස්සාන කාලයේදී භික්ෂූන් වහන්සේ, ගල්ලෙන්, ආරාම වලට වී බණ,
භාවනාවන්හි යෙදුණු අතර, ගිහියා උන් වහන්සේලාට ඇප උපස්ථාන කරමින්, බණ
දහම් අසමින්, ආගමානුකූ®ල ජීවිතයක් ගත කළහ.
බුද්ධ කාලීන භික්‍ෂූන් වෙන්ව ධර්මයෙහි හැසුරුණු භික්ෂූන් වහන්සේ රූක්ෂ
ප්‍රතිපත්ති පිළිපැද්ද බවත් ඵලාධිගමය හා විමුක්තිය පිණිස විනය ගරුකව
කටයුතු කළ අයුරුත් විශුද්ධි මාර්ගයෙහි සඳහන් වේ.
එකල භික්ෂූන් වහන්සේ වස් කාලයට සූදානම් වූයේ අනුරාධපුර මහා විහාරයට හෝ
මාගම තිස්ස මහා විහාරයට එක් රැස්වී කමටහන් ලබා ගැනීමෙන් පසුවය. මහවැලි
ගඟට උතුරෙන් වාසය කළ භික්ෂූන් මහා විහාරයටද, ගඟට දකුණින් විසූ භික්ෂූන්
තිස්සමහාරාමයෙහිද රැස්වෙන ලදී. දීඝ නිකාය අට්ඨකතා තොරතුරු අනුව මෙසේ
භික්‍ෂූන් රැස්වී, සෑය වල සුදු හුණූ ගෑම ගැනත් කමටහන් ලබා ගැනීමටත්,
ප්‍රසිද්ධ මහ තෙරුන් වහන්සේ බැහැදැක උපදෙස් ලබා ගැනීමත් කළහ. මෙසේ වස්
කාලයට පෙර මෙන්ම පසුවද මෙම විහාරවලට රැස්වී, වස් කාලය තුළ තම තමන් ලද
අධිගමයන් ප්‍රකාශ කිරීමත්, දහම් පොත් කියවා ලද ධර්ම ඥානය විමසා අඩු
ලුහුඬුකම් සකස් කරගැනීමත් කළහ. වස් කාලය මේ අනුව ධර්ම කටයුතු
සම්බන්ධයෙන් භික්‍ෂු ජීවිතයට කෙතෙක් වැදගත්ද යන්න පැහැදිලි වේ. වස්
කාලයේ ලබාගත් දහම් දැනුමේ ගැටලු තැන්, උගත් භික්‍ෂූන් මගින් විසඳා
ගැනීමටද මින් මග සැලසිණ. දීඝ නිකාය අට්ඨකතාවට අනුව මෙසේ රැස්වීම බුදුන්
වහන්සේගේ කාලයේ සිට පැවත ආ සිරිතක් විය. වස් කාලයේදී මේ අනුව භික්‍ෂූන්
වහන්සේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, මෙත්තා භාවනා, අසුභ භාවනා,
මරණානුස්සති සිහි කළ අතර, වෙනත් භාවනාවන්ද කරන ලදී. අද දක්වා මෙය පවතී.
වස් කාලය තුළ පිඬු සිඟා වැඩිය නොහැකි බැවින්, අවශ්‍ය දාන මානාදිය
ගිහියන් විසින් සපයන ලදී. ගිහියන් ඒවා තමාට හැකි පමණින් කළ බවත් සඳහන්
වේ. ෆාහියන් භික්ෂූන් වහන්සේගේ ගමන් විස්තරයට අනුව භික්‍ෂූන්ට ආහාර ලබා
ගත හැකි ස්ථානවිය. මහා විහාරය, අභයගිරිය, හා මිහින්තලේද විශාල ආරාමවල
පොදු බත් දාන ශාලා තිබිණි. එහෙත් වස් කාලයේ ඒ ස්ථානවලට යා නොහැකිවූ ,
ගල්ලෙන් හා ආරාම වල විසූ භික්‍ෂූන්ට අවශ්‍ය දානාදී දේවල් ගිහියන්
විසින් ළඟටම ගොස් දුන් බව සඳහන්ය.
වස්සාන සමයෙහි වෙනදා මෙන් භික්‍ෂූන් සිටි තැන් සුද්ධ පවිත්‍ර කර ගැනීම
අපහසුවුවත්, ගල්ලෙන්, ආරාම ආවාස, බෝමළුව මැනවින් පවිත්‍රව තබාගත යුතු
විය. සමහර විට ගිහියෝද ඒවා පවිත්‍රව තබා ගැනීමට උදවු වූහ. බෞද්ධයන් තුළ
බුදු බැතිය වැඩීමට, වෙහෙර විහාර, චෛත්‍යය හා බෝමළුව ආදියෙහි අලංකාරය
බලපෑවේය. වස්සාන කාලයෙහි භික්‍ෂුන් වහන්සේ බුදු බැතිය වඩමින් කළ පිරිත්
සජ්ඣායනා බොදු ජන හදවත් සනසන ලදී.
මෙම සූත්‍ර සජ්ඣායනා අසමින් ගිහියන් කාලය ගත කළ හැටි බෞද්ධ සාහිත්‍යයේ
නිතර සඳහන් වේ. මෙබඳු සූත්‍ර සජ්ඣායනා කෙතරම් මිහිරිවීද යත් දෙවියන්
පවා පැහැදි ප්‍රශංසා කළ බැව් දීඝ නිකාය අට්ඨකතාවෙහි සඳහන් වේ. පිරිත්
සජ්ක්‍ධායනා ශ්‍රවණයට ගැමි ජනතාවට ඇත්තේ ඉමහත් ගෞරවයකි. ලැදියාවකි.
දුක්, භය, රෝග දුරු කරළීමට එය ඉමහත් පිටුබලයක් විය.
භික්ෂූන් වහන්සේ මෙම වස්කාලයේදි විශේෂයෙන් අරියවංස සූත්‍රය දේශනා කළ බව
බෞද්ධ කථාවලින් හෙළිවේ. රසවාහිණියේ විස්තරයකට අනුව මෙම සූත්‍ර දේශනාව
දිඹුලාගල ගල්ලෙන් වෙහෙරේදී සිදු කර ඇත. මාගම මහවැව වෙහෙරෙහිද අරියවංස
සූත්‍ර දේශනාව සිදු කළ බැව් සඳහන් වේ. තෝනිගල ශිලා ලිපියේ සඳහන් කර ඇති
අන්දමට, මෙය දේශනා කළ යුත්තේ වස් කාලයේදී බවත්, නිකිණි මස පුරපසද
දොළොස්වකදා ඒ සඳහා යොදා ගත යුතු බවක් කියැවේ.ඓතිහාසික තොරතුරු අනුව
ගවරවාල නම් වු එළිමහන් භූ®මියකදී වස් වැස සිටි භික්‍ෂුන් තිස් නමක් සෑම
පෝය දිනකම මෙම සූත්‍රය දේශනා කර ඇත. අරියවංස සූත්‍ර දේශනාව කළ දක්‍ෂ
භික්ෂූන්, අරියවංස භාණක නමින් සඳහන් කෙරිණ. අංගුත්තර නිකායේ චතුක්ක
නිපාතයේ උරුවෙල වග්ගයට අයත් මෙම දේශනාව කොටස් හතරකින් යුක්ත විය.
භික්ෂූන් වහන්සේ කෙනෙක්, තමාට ලැබෙන කුමන සිවුරකින් හෝ සතුටු විය
යුතුයි. සිවුරු ලබාගැනීමට කුමන හෝ අකටයුත්තක නොයෙදෙයි. ලද සිවුර ගැන
සතුටුවන භික්ෂූන් වහන්සේ තමා උසස් යැයි නොසිතයි. අන් අය තමාට වඩා පහත්
කොට කටයුතු නොකරයි. එසේම තමාට ලැබෙන දානය, පිණ්ඩපාතය ගැන වුවද සතුටු
වෙයි. උඩඟු නොවෙයි. එමෙන්ම කුමන සෙනසුනක් ලැබුණත් එපරිදිම හැසිරෙයි.
භික්‍ෂුවක් තුළ පැවතිය යුතු සංවර බව ඉන් කියැවෙන අතර, විශේෂයෙන්
භික්ෂූන් වහන්සේ විමුක්තිය පිණිස, භාවනා කටයුතුවල යෙදෙමින්, සකලවිධ
තණ්හාවෙන් මිදිය යුතුයි.
විමුක්තිය උදෙසා භික්‍ෂූත්වයට පත් අය ගත කළ යුතු ධර්ම පිළිවෙත් කියාදෙන
මෙම දේශනාව මගින් විනය පිටකයේ අන්තර්ගත තොරතුරු සැකෙවින් විස්තර කරයි.
මේ සූත්‍රයට අනුව මුළු ත්‍රිපිටකය සම්බන්ධ කර, කරුණු දේශනා කළ හැකි බවද
සඳහන් වේ. වස් කාලයේ දි අරියවංස සූත්‍රය මගින් විනයට ගරු කිරීමට
භික්‍ෂුන් යොමු කළ බැව් සිතා ගත හැකිය. භික්‍ෂූන් වහන්සේලා වස්
කාලයේදී, ගත කරන ධර්මානුගත ජීවිත හැසිරීම, ගිහි බෞද්ධයන් භක්තියෙන්
පිළිවෙත් රැකීමට යොමු කරන ලදී.මෙය වස් කාලය ආගමික උත්සව සමයක් කිරීමටද
හේතුවී ඇත. පැරැණි කාලයේ වස් කාලය රහත්ඵල ලැබීමේ චේතනාවෙන්ම කුසල
කටයුතු වල නිරතවු බව බෞද්ධ සාහිත්‍යයෙන් මනාව හෙළිවේ.
චක්ඛුපාල හිමියන් පිළිබඳ විස්තරයෙන් වස් කාලයේ භික්‍ෂුන් වහන්සේ ධෛර්ය
සම්පන්නව රහත්ඵල ලබනුවස් ධර්මයේ හැසුරුණු අන්දම හෙළි වේ. චක්ඛුපාල
තෙරණුවෝ භික්‍ෂූන් හැට නමක් සමඟ වස් කාලයේ නිදි නොලබාම මහණදම් පුරන්නට
වූහ. පළමු වස් මාසය අවසානයට පෙර උන් වහන්සේට ඇස් රෝගයක් වැළදිණි. රෝගය
සුව වීමට නම් නින්ද අවශ්‍ය බව වෛද්‍යවරයා පැවසුවත්, පසුබට නොවූ
චක්ඛුපාල හිමියෝ නොනිදාම විදර්ශනා භාවනාවෙහි යෙදී වස් තුන් මස අවසන්
වීමට පෙර රහත්ඵල ලැබූහ. එහෙත් එහිමියන්ගේ නෙත් යුගල අන්ධ වුවත් ඒ ගැන
කම්පාවක් ඇති නොකරගත් බව සඳහන් වේ. විමුක්තිය පිණිස මෙසේ ධෛර්යයෙන්
වීර්යයෙන් කටයුතු කිරීම වීර්ය උප පාරමිතාව පිරීම ලෙස සඳහන් වේ.මෙම
වීර්ය පාරමිතාව ගැන වස් කාලයේදී භික්ෂූන් වහන්සේ ගිහියන්ට ධර්මානුශාසනා
කළ බවත්, එයට නිදසුන් ලෙස මහ බෝසතුන්ගේ වීර්යය පැහැදිලි කරන, වණ්ණුපථ
ජාතකය, මහාසීලව රාජ ජාතකය, පඤ්චායුධ ජාතකය, මහාවානරින්ද ජාතකය , මහා
ජනක ජාතකය පඤ්චායුධ ජාතකය, මහාවානරින්ද ජාතකය, මහා ජනක ජාතකය ආදියේ
විස්තර කෙරෙන, දහම් උපදෙස් හා අදහස් උපයෝගී කරගෙන වස් කාලයේදි ධර්ම
කටයුතු සඳහා උපරිම ප්‍රයෝජන ලබන අන්දම කියාදී ඇත.
වස් කාලයේදි භික්‍ෂූන් වහන්සේ සීල, සමාධි, භාවනා වඩමින් දේශනා කරන
ධර්මය ඇසූ ගැමි ජනතාව ලැබූ ආගමික වින්දනය දෙලොවටම වැඩ පිණිස විය .
එමගින් බුදු දහමට අනුව ජීවිතය පිළිබඳව, අසා දැනගත් කරුණු අති විශාල
අත්දැකීමක් විය. මේ නිසා එකල වස් කාලය බෞද්ධ ජනයාට මහඟු කාලවකවානුවක්ම
විය. අනිත්‍ය, දුක්ඛ අනාත්ම ලක්‍ෂණ, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ඨාංගික
මාර්ගය,, නිවන පිළිබඳ හොඳ වැටහීමක් ලබාගත් පැරැණි ජනතාව පොතපත කියවීමට
නොහැකි අය වුවත්, අධ්‍යාපනයක් නොලැබුවත්, විශාරද භික්‍ෂූන්
වහන්සේලාගෙන් අසා දැනගත් කරුණු අනුව පින් හා කුසල් රැස්කරගෙන සදාචාර
සම්පන්නව ජීවිත ගත කිරීමට උත්සාහ ගත්හ. දාන, සීල, භාවනාදි කුසල හා පින්
කටයුතු වල නිරතවු ජනයාට ධර්ම දේශකයාණන් වහන්සේ විසින්, “ දක්ඛීණා විභංග
“ සූත්‍රය දෙසු විට ඔවුන් බුදුරදුන්ට හා තවත් උසස් සංඝයාටද , සිවුපා
සතුන්ටද, දන් දීමෙන් ලැබෙන ආනිසංස ගැන සිතට ගත් බවත්, ලෝභ, ද්වේෂ,
මෝහයන්ගෙන් මිදීමට කටයුතු කළ අන්දමත් බෞද්ධ සාහිත්‍යයෙන් හෙළි වෙයි.
වෙස්සන්තර ජාතකයද , දේවදූත සූත්‍රයද ඉතා ජනපි‍්‍රය දේශනා විය. එමගින්
පව්කිරීමෙන් අපාගතව දුක් විඳින බව වටහාගත් ජනතාව ඉන් වැළකුණ බැව් සිතා
ගත හැකිය. ප්‍රාණඝාතාදී අකුසල් වලින් මිදීමට බෞද්ධ ජනයා පෙළඹිණි. මේ
අතර වස් කාලයේදී භික්ෂූන් විසින් ගිහියන්ට සරල බණ දහම් මගින් දැනුම ලබා
දුන්නා සේ ම ගැඹුරු දහම් කොටස්ද කියාදෙන ලදී.
ධම්ම චක්ක පවත්වන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය පවා දෙසු බවත්, ඒවා
නොතේරුණත් පරලෝ වැඩ පිණිස, කුසල් පිණිස
ඇහුම්කන් දුන් බව රසවාහිණී ආදි ග්‍රන්ථවලින් හෙළි වේ. මෙම වස් කාලවලදී
භික්‍ෂූන් වහන්සේට ධර්මය කියාදීමටත්, බෞද්ධ ජනයාට ඒවා ශ්‍රවණය කිරීමටත්
ලැබුණු නිසා සැදැහැවතුන්ගේ ශ්‍ර‍්‍රද්ධාව දියුණු කිරීමට, අරියවංස,
අන්ධකවින්ද, ආසිවිසෝපම හා සීහනාද සූත්‍රද දෙසූ බව සඳහන් වේ.
පැරැණි යුගවල වස් කාලය භික්‍ෂූන්ට මෙන්ම ගිහියන්ටද සීලවන්තව ගත කිරීමට
හොඳ අවස්ථාවක් විය. බුදුන් වහන්සේගේ උතුම් ධර්මය විමසා පිළිපැදීමට
භික්‍ෂූන්ට හැකි විය.
ගැඹුරු දහම තේරුම් ගැනීමට බුද්ධිමත් බවක් සැදැහැවත් බෞද්ධ ජනයාට
නොතිබුණත් භික්‍ෂූන් වහන්සේ ගේ ධර්ම දේශනා ශ්‍රවණය කළ ජනයා තුළ, ඉමහත්
භක්තියක්, ශ්‍රද්ධාවක් ඇති කරගෙන සියලු බෞද්ධ චාරිත්‍ර විධි, පින්කම්
කුසල් කළ හැටි පොතපතින් හෙළිවන අතර, එවැනි ආකාරයේ ස්වභාවයකට මේ කාලයේද
පත් කරගත හැකිවුවහොත් එය බුදු සසුනට මෙන්ම ජනතාවටද සෙතක් ශාන්තියක්ම
ගෙන දීමට හේතුවනු ඇත.
එහෙත්, දැනට බොහෝ වෙහෙර විහාර පන්සල්වල ,බොහෝ දුරට වස් කාලයේ කෙරෙන
බෞද්ධ කටයුතු එක්තරා සැනසීමක් බෞද්ධ ජනතාවට ලබාදීම ඉමහත් කුසල
ක්‍රියාවක් බව සඳහන් කළ හැකිය.
|