ධම්මපද සැහැල්ල - 27 කොටස
බණ්ඩාර මඩුගල්ලේ
112) යෝ චෙ වස්ස සතං ජීවේ
කුසීතෝ හීන වීරියෝ
එකා හං ජිවිතං සෙය්‍යො
විරියමාරභතෙ දළ්හං
විරිය නැති අලස වු - දිගු දිවියකට වඩා අලස නැති විරිය ඇති කෙටි දිවිය
අගනේ ය.
හිතවතුනි, දිරිය නැති අලසයා ශාපයකි. අලස නැති සූරයෝ ලෝකයට සම්පතකි.
113) යෝ චේ වස්ස සතං ජීවේ
අපස්සං උදයව්‍යයං
එකා හං ජීවිතං සෙය්‍යො
පස්සතො උදයව්‍යයං
නියම තිලකුණු සොබා හැඳින ගන්නා නුවණ නැතිව සිය වසක් කල් විසූවත් පලක්
නැත.එම නුවණ ඇති කෙනෙකු එක් දිනක් විසූවත් සියක් වසකට වඩා එම දිවිය
වටනේ ය.
හිතවතුනි, නැණැති ලෙස -ජීවිතය ගෙන යන්න - එවිට ඔබ ලෝකයට අමිල වූ
සම්පතකි.
114) යෝ චේ වස්සසතංජීවේ
අපස්සං අමතං පදං
ඒකා හං ජීවිතං සෙය්‍යො
පස්සතො අමතං පදං
නිවන ගැන නොදැන සිය වසක් සිටිනවට වඩා එය හැඳින එක් දිනක ජීවිතය අගනේ ය.
හිතවතුනි නුවණැතිව ජීවිතය ගෙන යන්න. එවිට ඔබ ලෝකයා අතර වැදගත් කෙනෙකි.
115) යෝ චෙ වස්සසතං ජීවේ
අපස්සං ධම්මමුත්තමං
ඒකා හං ජීවිතං සෙය්‍යො
පස්සතො ධම්මමුත්තමංති
බණ නොදැන සිය වසක් ගෙවන දිවියට වඩා බණ ඉගෙන ගත කෙරෙන එක දින ද වටනේ ය.
හිතවතුනි, මෝඩයා ලෝකයට ශාපයකි. දැන උගත් තැනැත්තා ලෝකයට සම්පතකි.
මතු සම්බන්ධයි
|