කිරිමැටියානේ පඤ්ඤාකිත්ති නා හිමියන් වෙත අක්ත පත්‍ර ප්‍රදානය 4 වන දා
			
			සුනිල් ප්‍රනාන්දුපුල්ලේ  
			(වෙන්නප්පුව
			විශේෂ වාර්තාකරු) 
			 
			 වෙන්නප්පුව කිරිමැටියාන ශ්‍රී දීපාරාම විහාරස්ථානාධිපති කිරිමැටියානේ 
			පඤ්ඤාකිත්ති නාහිමිපාණන් වෙත අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ “ශ්‍රී 
			ධර්මාධාර වංසාවතංශ ප්‍රඥාසාර කීර්ති ශ්‍රී” මීගමුව හලාවත දෙදිසාවේ 
			ප්‍රධාන සංඝනායක පදවියට පත්කිරීමේ අක්තපත්‍ර ප්‍රදානය ශ්‍රී ලංකා 
			ජනරජයේ අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා අතින් සැප්තැම්බර් මස 04 වන 
			සෙනසුරාදා පස්වරු 03.00 ට කිරිමැටියාන ශ්‍රී දීපාරාම විහාරස්ථානයේ දී 
			සිදු කිරීමට නියමිත ය. 
			අමරපුර සිරි සද්ධම්මවංස මහනිකායේ මහානායක සිරිසුමනජෝති වංසාවතංස ජින 
			ශාසන කීර්ති ශ්‍රී ප්‍රවචන විශාරද ත්‍රිපිටක වාගීශ්වර සිරි 
			සද්ධම්මවංශපාල ගණාඩරිය මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී බලන්ගොඩ 
			සිරි සුධම්මවංශ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම 
			උත්සවය පැවැත්වෙන අතර, ප්‍රදේශයේ මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන් මහජන 
			නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගිවීමට නියමිත බැව් 
			ශ්‍රී දීපාරාම විහාරස්ථ දායක සභාව කීය. 
			  |