ෙමාරටුව එගොඩඋයන
විදර්ශනාරාම
මූල මහා විහාරවාසී
මිරීගම
සුගතනන්ද හිමි
ගෞතම
බුදුන් වහන්සේගේ
ධර්මයට අනුව නිවැරැදි අවබෝධය තිබිය යුත්තේ කුමක් පිළිබඳවද? ඒ නම් මේ
ලෝකය පිළිබඳවයි. අවබෝධ
කරගත යුත්තේ මේ ලෝකය
පිළිබඳ සැබෑ තත්ත්වය යි.
ඇත්ත තත්වයයි. සත්ව පුද්ගල වස්තු නම් ලෝකයයි. එම ලෝකය පිළිබඳව නිවැරැදි
අවබෝධයක් පුද්ගලයාට තිබිය යුතුය.
ඒ සඳහා පරතොඝොසය උපකාරී වේ.
පරතො ඝොසය යනු ධර්ම ශ්‍රවණය කිරීමෙන් පොතපත කියවීමෙන් හරි වැරැදි
තේරුම් ගැනීමයි. එයින් සම්මා දිට්ඨිය ඇතිවේ. ‘සම්මා දිට්ඨිකො අවිපරිත
දස්සනො - යමක් පිළිබඳව නිවැරැදිව අවබෝධකර ගැනීම, විපරිත නොවී දැකීම
සම්මා දිට්ඨිය’ බව බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබේ.
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධර්මයට අනුව නිවැරැදි අවබෝධය තිබිය යුත්තේ
කුමක් පිළිබඳවද? ඒ නම් මේ ලෝකය පිළිබඳවයි. අවබෝධ කරගත යුත්තේ මේ ලෝකය
පිළිබඳ සැබෑ තත්ත්වය යි. ඇත්ත තත්වයයි. සත්ව පුද්ගල වස්තු නම් ලෝකයයි.
එම ලෝකය පිළිබඳව නිවැරැදි අවබෝධයක් පුද්ගලයාට තිබිය යුතුය. ඒ සඳහා පරතො
ඝොසය උපකාරී වේ.
බුදුදහමට අනුව ලෝකය පිළිබඳව අවබෝධකර ගැනීමට බොහෝ දේ තිබේ. ඒ අතරින්
අනිත්‍ය, දුක්ඛ්‍ය, අනාත්මතාවය අවබෝධකර ගැනීම වැදගත් වේ. ඒ වගේම දුක්ඛ,
සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය ඇතිවීම නැතිවීම කුසලා කුසල කර්ම
හා එහි විපාක ආදී දේ පිළිබඳව අවබෝධයක් පුද්ගලයාට තිබිය යුතුය. එදා මේ
පිළිබඳව බුදුරජාණන්වහන්සේගෙන්ම ශ්‍රාවකයාට නිවැරැදි අවබෝධය ලබාගත හැකි
විය. අද බුදුරජාණන් වහන්සේ ජීවමානව නැත. ඇත්තේ උන්වහන්සේ දෙසු
සුවාසුදහසක් පමණ වූ ධර්මස්කන්ධය පමණි. අද එම ධර්මය අවබෝධ කර ගැනීම සඳහා
මහා සංඝරත්නය අවශ්‍ය වේ. ඒ වගේම පොතපත හා වෙනත් ජනමාධ්‍ය උපයෝගීකර ගත
යුතුය. අද පරතො ඝොසය සිදුවන්නේ ඒ අයුරිනි.
‘සුණාථ ධාරෙථ චරාථ ධම්මො’ යනුවෙන් සිදුවන්නේ ද පරතො ඝොසයයි. එයද සම්මා
දිට්ඨියකින් ජීවත් වීමට ද රුකුලක් වේ.
පරතො ඝොසය තුළින් ධර්මය පිළිබඳව අවබෝධය ලැබේ. ඒ තුළින් සම්මා දිට්ඨියත්
ඇතිවේ. එය නිර්වාණවබෝධයට මගකි. පුද්ගලයා තුළ පරතො ඝොසය නොමැතිවීමෙන්
සම්මා දිට්ඨිය ඇති නොවේ. එම නිසා නිවන් දොරටුද වැසෙනු ඇත.
සම්මා දිට්ඨිය ඇතිවීම සඳහා පරතො ඝොසය මෙන්ම යෝනිසෝමනසිකාරයද අවශ්‍ය
වේ. යෝනිසෝමන සිකාරය යනු නුවණින් කල්පනා කිරීමයි. එයින්ද ධර්මය පිළිබඳව
නිවැරැදි අවබෝධය ලැබේ.
සත්ත්වයා අනන්ත කාලයක් සසර සැරිසරති. එසේ සැරිසරන්නේ ධර්මාවබෝධය නොමැති
නිසාවෙනි. ජීවමාන බුදුකෙනෙකු වර්තමානයේදී නොමැත. නමුත් උන්වහන්සේ ගේ
ශ්‍රී‍්‍ර සද්ධර්මය ලොව ජීවමානව බබළයි. එම ධර්මය පරතො ඝොසයෙන් හා
යෝනිසෝමනසිකාරයෙන් ග්‍රහණය කරගෙන සම්මා දිට්ඨිය ලැබිය යුතුය. එය
පුද්ගලයාගේ මෙලොව පරලොව යහපතට හේතු වේ. අවසාන නිර්වාණාවබෝධයද උදාකරගත
හැකි වේ. |