ජේ.ඩබ්ලිව්. පෙරේරා.
උපතත් මරණයත් එකවර සිදුවේ නම්, සත්වයෙක්, පුද්ගලයෙක්, මමෙක් නැත්තේය.
සත්වයා තුළ විඥානය නොව විඥානය තුළයි සත්වයා ඇත්තේ. ලෝකය,
විශ්වය ගැන දැනුම ඇත්තේ විඥානයටය. ප්‍රඥාවෙන් බැලූකල එය පැහැදිලිය.
එමනිසා විඥානය තුළ නිවනක් නැත. නිවන ඇත්තේ විඥානයෙන් බාහිරවය. ඇස, කන,
දිව, නාසය, ශරීරය මේ සියල්ලම විඥානය තුළ පවතින සංඥා පමණි. විඥානය
මායාවකි.
මායාවක් යනු සත්‍යයක් නොවේ. බොරුවකි. සංඥා ඇතිවන
විටම නැතිවී යයි.
නිශ් පුද්ගලෝ, නිශ් සත්වෝ, නිශ් ජීවෝ මෙවැනි දහමක් අතක්කාවචර ධර්මයකි.
එනම් තර්ක කර බිඳ හෙලිය හැකි ධර්මයක් නොවේ. හේතුව හා ඵලයත්, එම හේතුඵල
නිරෝධවන ආකාරයත් බුදුන් වහන්සේ අභිධර්මයෙහි විස්තර කරති. අතේ ඇති කොළ
ප්‍රමාණය පමණකි නිර්වාණය සාක්‍ෂාත් කර ගැනීමට අවශ්‍ය වන්නේ.
කැළයෙහි තිබෙන කොළ අවශ්‍ය නැත. ලෝකයේ බෙහෙත් වර්ග ඕනෑ තරම් තිබේ. නමුත්
අපේ ලෙඩේට අවශ්‍ය වන්නේ ඉන් ස්වල්පයකි. බුදුන් වහන්සේගේ ධර්මය තේරුම්
ගෙන නිවන් අවබෝධ කරගත හැකිය. බුදුන් වහන්සේ මහපට ඇඟිල්ලට පස් පිඩක් ගෙන
තම ධර්‍මය අවබෝධ කොට නිවන් දුටු පිරිස ඒ හා සමාන බවත් අවබෝධ නොකළ පිරිස
මහ පොළවේ තිබෙන පස් හා සමාන බවත් උපමාකොට වදාළහ.
ආපෝ, වායෝ, තේජෝ, පඨවි යන කිසිවක් නිවන තුළ නැත. (න- ආපෝ, න-වායෝ,
න-තේජෝ, න- පඨවි) ඇලීමක්, චලනයක්, ගිනි ගැනීමක්, තද ගතියක් ආදී කිසිවක්
නිවන තුළ නැත. ආකාසඤ්ඤායතනය, නාසඤ්ඤායතනය, නෙවසඤ්ඤානාඤායතනය, සමථ,
විපස්සනා ආදී භාවනා, ධ්‍යාන කිසිවක් නිර්වාණය තුළ අඩංගු නොවේ. මෙලොවක්,
පරලොවක්, ඉරහඳ, තාරකා, එන කෙනෙක්, යන කෙනෙක්, සිටින කෙනෙක්, නවතින
කෙනෙක් උපදින කෙනෙක්, මැරෙන කෙනෙක්, අරමුණක්, නිවන තුළ නොමැත. නිරෝධයට
ඒ කිසිවක් උපස්ථම්භක වන්නේ නැත.
යෝනිසෝමනසිකාරය -යෝනිය, උපදින තැන මනසිකාරය - සිතුවිලි දෙස පැහැදිලිව
බලා සිටීමෙන් මෙය පසක් වේ. මනසිකාරය උපදින තැනවන (යෝනිය) විඥානය දෙස
බලා සිටින විට, මෙතෙක් නොලැබූ අත්දැකීමක් ලැබෙනු ඇත. එවිට පසක් වන්නේ
සියල්ල ශූන්‍ය බවයි. නිවන් අවබෝධයට ඒකාන්ත මාර්ගය එයයි. නිවනට මාර්ග
දෙකක් නැත. බුදුන් වහන්සේ ලෝකයේ, සත්වයාගේ සමුදයත් නිරෝධයත් මනාව පසක්
කළහ. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍යයි.
අප බොහෝ දෙනකු අනුගමනය කරන්නේ අනුසෝතගාමී මාර්ගයයි. එහිදී අපේ
පංචෙන්ද්‍රියන්ට ගෝචර වන දේ “සැබෑව“ යැයි සිතා, සියල්ලෝම ලෝකයක්,
පුද්ගලයෙක්, සත්වයෙක් ජීවියෙක්, මම යැයි කෙනෙක් ඇත යන අනුසෝතගාමී මගම
අනුගමනය කළහ. එහෙත් බුදුන් වහන්සේ ඊට පටහැනිව, ලෝකයක් සත්වයෙක්,
පුද්ගලයෙක්, ජීවයක්, මම යැයි කෙනෙක් නැත යන පඨිසෝතගාමී මගට පිළිපන්හ.
පරතෝඝෝෂය බුදුහු ප්‍රතික්‍ෂේප කළහ. කන අනුගමනය කරන අනුසෝතගාමී
ප්‍රතිපදාව පටන් ගන්නේ මව් කුසෙහි සිටය. ඊළඟට මව් කුසින් බිහිවූ තැන්
සිට, මුළු පංචෙන්ද්‍රියන්ට ලැබෙන දැනුම, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ,
විඥාන, ආදී සියල්ලම කන මගින්ම ලබා ගනී. ලෝක ධාතුව ඇතුළු මුළු විශ්වය
පිළිබඳ දැනුම ද , කන අනුව යමින් පංචෙන්ද්‍රියන් මගින් ලබා ගනී.
එම අනුසෝතගාමී දැනුම අයත් වන්නේ විඥානයටයි. විඥානයට අයත් වන්නේ
අනුසෝතගාමී දැනුමයි. බුදුන් වහන්සේ පැවසුවේ සියලුම ධර්ම අත්හරින්නටය
කියාය. බුදුන් දෙසූ ධර්මය පවා පහුරක් වශයෙන් මිස කර තබාගෙන යෑමට නොවන
බවයි. එමනිසා විඥානයද අත්හැරිය යුතුයි. “දැනුම අත්හරින්න” යන අසම්මත
ප්‍රකාශය මගින් ගම්‍ය වන්නේ පඨිසෝතගාමී මාර්ගයට අවතීර්ණ වීමයි. සියලු
වාද ධර්මයන් අත්හළවිට සත්ව, පුද්ගල කෙනෙක් නොමැතිබව දුටුවොත් “බුද්ධ
අසිරිය” දකී.
මවු කුසින් උපන්දා සිට නිරෝධය අවබෝධ කර ගන්නා තෙක් සංසාරයෙහි ගමන් කළ
යුතුයි. සංසාරය නමැති වළල්ලෙන් (චක්‍රයෙන්) ඉවතට ගමන් කළ විට අපට
සංසාරයෙහි සොර බිරම්බව මනාව පෙනේ. එමනිසයි බුදුන් දේශනා කළේ
“ඇහිපිල්ලක් ගසන තරම් මොහොතකටවත් භවය වර්ණනා නොකරන්න” කියා. අප
කිසිවෙක් අපගේ පූර්ව ජන්මය හෝ පසු ජන්මය දන්නේ නැත. නියත වශයෙන්ම අප
දන්නේ උපන්දා සිට මේ අවබෝධය ලබන තෙක් , අප ලැබූ විඥානමය දැනුම පමණි.
එබැවින් විඥානයෙන් ඉවත්විය යුතුය. සංසාර ගමනින් ඉවත්වීම සඳහා විඥානයෙන්
ඉවත් වන්නේ කෙසේද?
කන, ඇස, දිව, නහය, ශරීරය, මනස පවතින්නේ විඥානය තුළ නම්, “මම” ඉන්නේද
විඥානය තුළය. එය සම්මත මාර්ගයයි. ”මම” සත්වයා, ඉපදුනෙත් සම්මතය
තුළය.සත්වයා ඉපදුනේ, වැඩෙන්නේ හා මරණය සිදුවන්නේ “කාලය’”තුළය. යථාභූත
වශයෙන් “කාලය” යන්නද ශූන්‍යතාවයකි. කාලය කියා කිසිවක් නැත. ඔරලෝසු වැනි
උපකරණ මගින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසුකර ගැනීමට තත්පර, විනාඩි, පැය,
දවස්, සති, මාස, වර්ෂ ආදී ලෙස කාලය බෙදා හදාරමු. නමුත් කාලය අපට ගණනය
කර අවසන් කළ නොහැකිය. එනිසා කාලය යන සංකල්පයද විඥානය මගින් ගොඩ නගා
ගත්තකි. ඉපදීම, වැඩිවියට පත්වීම, මරණය මේ සියල්ල විඥානයේ ගොඩනැගූ
අනුසෝතගාමී සම්මතයි.
උපන්දා සිට ක්‍ෂණයක්, ක්‍ෂණයක් පාසා මියයන බව අප ප්‍රත්‍යක්‍ෂකර ගන්නේ
නම් එය සම්මතයට අනුව විඥානයෙන් නොව ප්‍රඥාවෙනි. උදාහරණ : ලෝකය කැරකෙන
බව අප ඇසට කිසිදා නොපෙනේ. නමුත් සත්‍යය වන්නේ එයයි. එසේම උපන් සත්වයා
උපදිනවාත් සමගම මියයන බව ප්‍රඥාවෙන් සිතා බැලූ විට පෙනී යයි. කුඩා
දරුවා ජීවත් වන්නේ වයස අවුරුදු පනහ (50) වනතුරු නම්, ඔහු ඉපදී වසරක්
ගියවිට ඔහුගේ ආයුකාලය වසර 49 කි. මෙලෙස ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා අප මිය
යන්නේය. සමුදයත්, නිරෝධයත් (ඇතිවීම හා නැතිවීම) (හටගැනීම හා මියයෑම)
එකවිට එකවර සිදුවේ. උපතත් මරණයත් එකවර සිදුවේ නම්, සත්වයෙක්,
පුද්ගලයෙක්, මමෙක් නැත්තේය. සත්වයා තුළ විඥානය නොව විඥානය තුළයි සත්වයා
ඇත්තේ. ලෝකය, විශ්වය ගැන දැනුම ඇත්තේ විඥානයටය. ප්‍රඥාවෙන් බැලූකල එය
පැහැදිලිය. එමනිසා විඥානය තුළ නිවනක් නැත. නිවන ඇත්තේ විඥානයෙන්
බාහිරවය. ඇස, කන, දිව, නාසය, ශරීරය මේ සියල්ලම විඥානය තුළ පවතින සංඥා
පමණි. විඥානය මායාවකි. මායාවක් යනු සත්‍යයක් නොවේ. බොරුවකි. සංඥා ඇතිවන
විටම නැතිවී යයි.මව්කුස තුළ පිළිසිඳගත් මොහොතේ සිටම ක්‍ෂණයක් පාසා
ඇතිවීම හා නැතිවීම (සමුදය හා නිරෝධය) සිදුවන බැවින් විඥානයක්ද නැත.
අංගුලිමාලට බුදුන් වහන්සේ, ගසකින් කොළයක් කඩා නැවත එය ගසේ අත්තට
සවිකිරීමට යැයි කී විට, අංගුලිමාල එය කළ නොහැකි බව කීය. එවිට බුදුන්
වහන්සේ, ඔබ කළ සියලු කර්ම මෙම රහත් භාවය අවබෝධ කර ගැනීමේදී අහෝසි වන්නේ
යැයි වදාළ සේක.
අර්හත් භාවය ලැබූවිට සංඥා නිරෝධයක් සෑමවිටම සිදුවේ. බෝධි මූලයට පැමිණීම
යනු මෙම අවබෝධය ලැබීමයි.
වේදයිත නිවන (ධ්‍යාන) වින්දනයක් ඇත. එයින් නොනැවතී ඉන් ඔබ්බට ගොස්
අවෙදයිත නිවනට ආයුතු බව (අවබෝධ කරගත යුතු බව) බුදුන් වහන්සේ ආනන්ද
හිමිට ප්‍රකාශ කළහ. උපදින විටම අප මිය ගොසිනි. එබැවින් සියල්ල
ශූන්‍යයි.
|