කතිකාවත් වලින් හෙළි වන
පැරැණි ලක්දිව
ශාසනික තනතුරු
පොල්ගහවෙල වෙහෙරපිටිය
විද්‍යාර්ථෝදය මහ පිරිවෙනේ
ආචාර්ය , ශාස්ත්‍රපති
ඒ.ඒ.ජයරත්න
මහා ස්වාමි තනතුර දැරූ භික්ෂූන් වහන්සේ කිහිප නමක් පිළිබඳව වංශ කථාවල
තොරතුරු සඳහන් වේ. මේ අතර පොළොන්නරු
යුගයේදී දිඹුලාගල (උදුම්බර ගිරි විහාරය) විසූ මහා කාශ්‍යප හිමි ද දඹදෙණි යුගයේ සිටි සංඝරක්ඛිත හා මේධංකර හිමි වරු ද
ගම්පොල යුගයේ දී දේවරක්ඛිත හිමි ද කෝට්ටේ යුගයේ දී කෑරගල වනරතන හා
තොටගමුවේ රාහුල හිමි වර ැද නුවර යුගයේ දී
වැලිවිට සරණංකර හිමි ද
වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේ ධර්මානුකූල හා විනයානුකූල භික්ෂූන් වහන්සේට අග
තනතුරු පිරිනමා ඇත. එසේම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක ආදි තනතුරු ද
සුදුසුකම් ඇති භික්ෂූන්ට පිරි නමා ඇත. සුදුසුකම් නොමැති භික්ෂූන්ට
පෞද්ගලික හේතුන් මත තනතුරු නොදුන් ආකාරය ඡන්න හා දේවදත්ත යන
හිමිවරුන්ගෙන් පෙනේ.
සුදුසු භික්ෂූන්ට තනතුරු ප්‍රදානය කිරීම බුද්ධ කාලයේ දී පමණක් සිදු
වූවක් නොවේ. අනුරපුර, පොළොන්නරු හා දඹදෙණි යුග වලදී භික්ෂූන් වහන්සේ
දැරූ නොයෙක් තනතුරු පිළිබඳව මහාවංශය ආදි වංශ කථා වලින් හා අටුවා
ග්‍රන්ථ වලින් පෙනේ. ඒ අනුව පොළොන්නරු හා දඹදෙණි කතිකාවත් වලින් එකල
භික්ෂූන් වහන්සේ දැරූ නොයෙක් ශාසනික තනතුරු පිළිබඳව තොරතුරු හෙළිවේ.
පොළොන්නරු කතිකාවතේ මහා ස්වාමි යනුවෙන් තනතුරක් ගැන කියවේ. මෙම තනතුරම
දඹදෙණි කතිකාවතේ මා හිමි තනතුර යනුවෙන් සඳහන් වේ.
මේ අනුව මහා ස්වාමි හා මා හිමි යනුවෙන් සඳහන් වන්නේ එකම තනතුරකි. මෙම
තනතුර හිමි වන්නේ උගත් ධර්මධර විනයධාර බහුශ්‍රැත භික්ෂූන් වහන්සේ
නමකටය. මෙම යුග වල දී ග්‍රාම වාසි හා වන වාසි (ආරණ්‍යවාසි) යනුවෙන්
නිකාය දෙකක් තිබුණි.
මෙම නිකාය දෙකටම අධිපති භික්ෂූන් දෙනමක් සිටියහ. එම දෙනම මහ තෙර
යනුවෙන් හදුන්වයි. එම මහ තෙර දෙනමගෙන් වැඩි සුදුසුකම් ඇති භික්ෂුව මා
හිමි තනතුරට පත් වෙයි.
රජතුමා විසින් උත්සවාකාරයෙන් මෙම තනතුර පිරිනමයි. භික්ෂූන් වහන්සේලාට
හිමි වන තනතුරු වලින් ඉහළම ස්ථානය හිමි වන්නේ මෙම මා හිමි තනතුරටයි.
මහා ස්වාමි තනතුර දැරූ භික්ෂූන් වහන්සේ කිහිප නමක් පිළිබඳව වංශ කථාවල
තොරතුරු සඳහන් වේ. මේ අතර පොළොන්නරු යුගයේදී දිඹුලාගල (උදුම්බර ගිරි
විහාරය) විසූ මහා කාශ්‍යප හිමි ද දඹදෙණි යුගයේ සිටි සංඝරක්ඛිත හා
මේධංකර හිමි වරු ද ගම්පොල යුගයේ දී දේවරක්ඛිත හිමි ද කෝට්ටේ යුගයේ දී
කෑරගල වනරතන හා තොටගමුවේ රාහුල හිමි වර ැද නුවර යුගයේ දී වැලිවිට
සරණංකර හිමි ද වැදගත් වේ.
ගම්පොල යුගයෙන් පසුව මෙම තනතුර සංඝරාජ යනුවෙන් වෙනස් වූ බව මහාචාර්ය
සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙයි.
වර්තමානයේදී මෙම තනතුර අපේ රටේ නොමැති අතර තායිලන්තයේ දක්නට ලැබේ.
ලංකාවේ අවසානම සංඝරාජ හිමි වශයෙන් සැලකෙන්නේ නුවරයුගයේ සිටි වැලිවිට
අසරණ සරණ සරණංකර හිමියන්ය. ඉහළම ශාසනික පදවිය වූයේ මෙම සංඝරාජ හෙවත් මා
හිමි පදවියයි.
මා හිමි පදවියට වඩා පහතින් ඇති ඊළඟ තනතුර වූයේ මහ ථෙර පදවියයි. මෙම
පදවිය මහා ස්ථවිර පදවිය යනුවෙන් ද හඳුන්වයි.
පොළොන්නරු යුගයේ දී ආරම්භ වූ මෙම තනතුර නුවර යුගයේ දී අභාවයට ගොස් ඇත.
උපසම්පදා වී අවුරුදු විස්සක් (20ක්) ගත වී ඇති ත්‍රිපිටකය පිළිබඳව මනා
දැනුමක් ඇති සීලවන්ත උගත් බහුශ්‍රැත භික්ෂුවකට මෙම තනතුර ලැබේ. මේ සඳහා
තුන් සිංහලයේම භික්ෂූන්ගේ් කැමැත්ත අවශ්‍ය බව දඹදෙණි කතිකාවතේ සඳහන්වේ.
සියලුම භික්ෂූන් වහන්සේලාගේ කැමැත්ත මත රජතුමා විසින් මෙම තනතුරට
සුදුසු භික්ෂුවක් පත් කරයි. භික්ෂූන්ට උපදෙස් ලබාදීම වැරැදි කරන
භික්ෂූන්ට දඬුවම් කිරීම ආදි කටයුතු මහා ස්ථවිරයන්ට පැවරී ඇත.
ග්‍රාම වාසි හා ආරණ්‍යවාසි (වනවාසී) යන නිකාය දෙකටම මහ තෙර පදවි දෙකක්
ඇති කරයි. වනවාසි නිකායට පත් වන භික්ෂුව එම නිකායේ ප්‍රතිපත්ති ආරක්ෂා
කළ යුතුය. මා හිමි තනතුර හිස් වූ විට එම තනතුර සඳහා පත් වන්නේ මෙම මහ
තෙර දෙනමගෙන් වැඩි සුදුසුකම් ඇති භික්ෂුවයි.
දඹදෙණි කතිකාවතට අනුව භික්ෂූන්ට හිමි වූ තවත් වැදගත් තනතුරක් වශයෙන් අය
තැන පදවිය පෙන්වා දිය හැකිය. මෙම තනතුර මහ තෙර තනතුරට වඩා පහළින් ඇත.
උපසම්පදා වී වසර දහයක් (10 ) ගත වී ඇති ආරාමික පාලනය ගැන අවබෝධයක් ඇති
ලාභ සත්කාර වලට ගිජු නොවූ උගත් බුද්ධිමත් භික්ෂුවක් මෙම තනතුරට පත්වේ.
මෙම තනතුරට නම් කළ භික්ෂුව අවුරුදු පහක් (5 ක් ) ග්‍රන්ථ ධූරය හා
විදර්ශනා ධූරය පිරිය යුතු බව දඹදෙණි කතිකාවතේ සඳහන් වේ. ඉන් පසු රජතුමා
එම භික්ෂුව අය තැන තනතුරට පත් කරයි. මහාවංශයට අනුව පළමුවෙන්ම මෙම තනතුර
පිරිනමා ඇත්තේ දෙවෙනි පැරකුම් රජතුමා විසිනි.
මෙම අයතැන පදවිය පිළිබඳව තොරතුරු එතරම් පැහැදිලි නැත. සමහර උගතුන් පවසන
අන්දමට මෙය භාණ්ඩාගාරික තනතුරක් හා සමානය. අයතැන යන වචනය අයකැමි බවට
පත් වී පසුව භාණ්ඩාගාරික තනතුරක් බවට පත් වූ බව එක් මතයකි.
තවත් මතකයට අනුව අයතැන යන වචනයෙන් ආයතනයේ අධිපතියා හෙවත් ආයතනාධිපති යන
අදහස ලැබෙන බව පෙනේ. මෙසේ ආයතන වශයෙන් සඳහන් වන්නේ මේ අවදියේ දී තිබූ
අෂ්ට මූලායතන යැයි සමහරු විශ්වාස කරති.
විල්ගම්මුල මහනෙත්පා මුල වහදුම්මුල ආදී වශයෙන් මූලයතන අටක් තිබූ අතර
ඒවායේ අධිපති හිමි වරු මෙයින් අදහස් කරන්නට ඇතැයි අනුමාන කිරීමට
පුළුවන.
මීළඟ තවත් වැදගත් තනතුරක් වශයෙන් පිරිවෙන් ලද්දා තනතුර පෙන්වා දිය
හැකිය. මෙයින් අදහස් කරන ලද්දේ පිරිවෙනාධිපති තනතුරයි. පුරාණ කාලයේ දී
සෑම පන්සලක්ම හඳුන්වා ඇත්තේ පිරිවෙන යනුවෙනි.
දඹදෙණි කතිකාවතට අනුව පිරිසක් පාලනය කිරීමට හැකි ගුණයෙන් හා නුවණින්
යුක්ත සිව්පසයට ගිජු නොවන භික්ෂුවක් මෙම තනතුරට පත් කරයි. භික්ෂූන්ගේ
කැමැත්ත හා මහා සාමි තනතුර දරණ භික්ෂුවගේ කැමැත්ත මත පිරිවෙනාධිපති
තනතුර හිමිවේ.
ගණ දෙටු තනතුර ද මෙකල තිබූ තවත් තනතුරකි. විශාල භික්ෂු පිරිසක් හෝ සුළු
පිරිසක් පාලනය කළ භික්ෂුවක් මෙම තනතුරට පත්වේ.
තමා යටතේ සිටින භික්ෂූන් ග්‍රන්ථ ධූරය හා විදර්ශනා ධූර වල යොදවමින් වත්
පිළිවෙත් හුරු කරවමින් තමා යටතේ සිටින භික්ෂූන්ට හොඳ නරක කියා දීම මෙම
ගණදෙටු භික්ෂුවගේ වගකීමයි. සද්ධීවිහාරික හා අන්තේවාසික ආදී පිරිස් ද
මෙම භික්ෂුව සමීපයේ සිටිය බව සඳහන් වේ. වර්තමානයේ දී ඉහත කී තනතුරු
දක්නට නැත. ඒ ඒ නිකාය හා පාර්ශ්වවල මහානායක අනුනායක ආදී නොයෙක් තනතුරු
දක්නට ලැබේ.
පුරාණ කාලයේ දී මෙන් සියලුම භික්ෂූන් වහන්සේ වෙනුවෙන් උගත් ධර්මධර
විනයධර බහුශ්‍රැත භික්ෂුවකට සංඝරාජ පදවියත් සුදුසුකම් ඇති බහුශ්‍රැත
භික්ෂුවකට අනෙකුත් තනතුරු පිරිනැමීමට ශාසනමාමක උගත් ගිහි පැවිදි පිරිස
කටයුතු කරන්නේ නම් එයින් ශාසනයේ දියුණුවක් මිස පරිහානියක් ඇති නොවේ.
මහාචාර්ය යටදොලවත්තේ ධම්මවිසුද්ධි හිමියන්ගේ පොළොන්නරු හා දඹදෙණි
කතිකාවත් නැමැති ග්‍රන්ථය ආශ්‍රයෙනි.
|