සෙන් කතා කලාවේ
දාර්ශනික අගය
ශාස්ත්‍රපති
ආර්.ඩී. ශි්රයානි හේමලතා
ජපානයට සම්ප්‍රාප්ත වූ බුදුසමය ජපන් ජන ජීවිතය අභිනව මාර්ගයකට යොමු කළේ
ය. අධිරාජයාගේ රජ මැදුරේ සිට දිළිඳු ගොවි පවුලේ නිවෙස දක්වා එය මහත්
බලපෑමක් ඇති කළේ ය. එහිලා සුවිශාල මෙහෙයක් ඉටු කළේ ජපන් සෙන් බෞද්ධ
සම්ප්‍රදායයි. “මීවිතයට ආයුබෝවන්” යන සෙන් කතාව සමාජ පරිවර්තනයට සෘජුවම
බලපාන ලද්දකි.
සිත පිළිබඳව කෙරෙන විවරණ ධම්මපදයේදී මැනවින් දැකිය හැකි ය. යමක වග්ගයේ
පළවැනි ගාථාව “මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා” යන්නයි. ලෝකය
ඇදගෙන යන්නේද සිත විසින්ම ය. මෙම අදහස මතකයට නැංවෙන සෙන් කතාවක් ද ඇත.
භික්‍ෂූන් වහන්සේ දෙනමක් කොඩියක් ගැන වාද කරමින් සිටියහ. එක් නමක්
“කොඩිය වැනෙනවා” යි කීය. අනිත් නම “නෑ..... නෑ වැනෙන්නෙ හුළඟ” යි
පැවැසීය.
එතැනින් ගමන් කළ හයවැනි සංඝ පීතෘන් වහන්සේ එම දෙදෙනාටම මෙසේ දක්වා
තිබේ. “හුළඟවත් කොඩියවත් නෙමෙයි සිතයි වැනෙන්නේ” හැම විටම සිත විසින් ම
පුද්ගලයාට බලපෑම් කරනු ලැබේ. හොඳ නරක නිර්ණය කිරීම් මෙන්ම කාල්පනික
දේවල් ද මවන්නේ සිතින්ම ය. මේ එවැනි තවත් සෙන් කතාවකි.
එක් මිනිසෙකුගේ තරුණ බිරිඳ රෝගාතුර වී මරණාසන්න වූවා ය. “මං ඔයාට හරිම
ආදරෙයි, ඔයා අත්හැරල යන්න බෑ. ඔයත් මාව අතඇරල වෙන ගෑනියක් ගාවට යන්න
එපා. ඔයා ගියොත් මං අවතාරයක් වෙලා දසවද පමුණුවනවා.” යැයි පවසමින් ඇය
අවසන් හුස්ම හෙළුවාය. තුන් මසක් යනතුරු තරුණ සැමියාට බිරිඳගේ වදන් මතක
තිබුණි. ටික කලකට පසු ඔහුට සුරූපී ලලනාවක් මුණගැසුනු බැවින් ඇය සමඟ
ආදරයෙන් වෙලී ඇය විවාහකර ගන්නා බවට පොරොන්දු විය. එදිනම රාත්‍රී භාගයේ
අවතාරය ඔහු සොයා ආවේ ය. පොරොන්දු කඩකිරීම ගැන අවතාරය ඔහුට දෝෂාරෝපණය
කළේ ය. එපමණක් නොව ඔහු කරන හැම දෙයම දැන ගැනීමට තරම් අවතාරය දක්‍ෂ වූයේ
ය. ඔහු පෙම්වතියට තෑග්ගක් දුන් විට රාත්‍රියට පැමිණෙන අවතාරය එහි සියලු
විස්තර ඔහුට කියයි. ඇතැම් විට ඔවුන් අතර හුවමාරු වන ප්‍රේම සංවාද පවා
ඔහු වෙත නැවත ඉදිරිපත් කරයි. මේ නිසා ඔහුට බලවත් අසහනයක් ඇති විය.
රාත්‍රී නිදාගැනීමත් අසීරු විය. අවසානයේ ඔහුගේ මිතුරෙක් සෙන් හිමි නමක්
හමුවීමට යන ලෙස අවවාද කළේ ය. විඳදරාගත නොහැකි තැන තරුණ සැමියා සෙන්
හිමි නමකට සිය දුක් ගැනවිල්ල කියා සිටියේ ය.
“ඔබ කියන ආකාරයට ඔබ කරන හැමදේම ඔබේ පැරැණි බිරිඳගේ අවතාරයට පේනවා. ඇය
හරිම දක්‍ෂ අවතාරයක් වෙලා. ඇත්තෙන්ම ඒ වගේ අවතාරයකට ඔබ ප්‍රශංසා කරන්න
ඕන. ලබන වතාවෙ අවතාරය ආවම අවතාරය එක්ක පොඩි ඔට්ටුවක් අල්ලන්න. අවතාරයට
කියන්න කිසිම දෙයක් අවතාරයට හංගන්න ඔබට බැරිබව. ඒ වගේම ඔබ අහන එක
ප්‍රශ්නයකට උත්තර දෙන්න අවතාරය කැමැති නම් විවාහ පොරොන්දුව කඩල සදහටම
අවිවාහකව ඉන්න බව කියන්න” යැයි සෙන් හිමියෝ කීය.
“මොකක්ද මං අහන ප්‍රශ්නය?” තරුණ සැමියා ඇසීය.
“මෙන්න මේකයි, ඔබ කළ යුත්තේ සෝයා බෝංචි අහුරක් ගන්න. අවතාරයට කියන්න
ඔබේ අතේ බෝංචි ඇට කීයක් තියෙනවද කියල, හරියටම කියන්න කියල. ඇයට කියන්න
බැරි වුණොත් තේරුම් ගන්න ඒ අවතාරය ඔබ හිතින් මවාගත් එකක් බව“ යැයි සෙන්
හිමි පිළිතුරු දිණි.
එදින රාත්‍රියේ අවතාරය පැමිණියේ ය. “ඔබ සේරම දේවල් දන්න කෙනෙක්” තරුණ
සැමියා කීය.
“සත්තකින්ම මම දන්නවා සේරම. මම දන්නවා. ඔබ අද සෙන් හාමුදුරු නමක්
සොයාගෙන ගිය බවත්” අවතාරය පිළිතුරු දුන්නේ ය. එවිට තරුණ සැමියා සෙන්
හිමියන් කී පරිදි බෝංචි අහුරක් ගෙන “හොඳයි මගේ අතේ බෝංචි ඇට කීයක්
තියෙනවද කියල කියන්න” යැයි කීය. මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අවතාරයක්
ඉතුරු නොවී ය.
මුල් බුදුසමයට අනුව සියල්ල කර්මයෙන් සිදු නොවේ. කර්මය යනු අංග අටකින්
එකක් පමණි. නියාමක ධර්මයන්ගෙන් එකකි. ජෛනවාදයට අනුව “යං පුබ්බං පුරිස
පුද්ගලෝ සුඛංවා දුක්ඛංවා අදුකඛම සුඛංවා” ලෙස සුඛ දුක්ඛ සියල්ල කර්මයෙන්
සිදුවේ. එහෙත් දෛවය යනු ද නියාමක ධර්මයන් අතරින් එකකට පමණක් ම අයත්
වන්නකි. ප්‍රඥාව, වීර්ය, උත්සාහය, බුදුදහම තුළ ආචාර විද්‍යාත්මක
අංශයෙන් සලකා ඇත්තේ ද මේ නිසාම ය. මෙය ගම්‍ය කරවන සෙන් කතාවක් පහත
දැක්වේ.
කීර්තිමත් ජපන් රණකාමී නායකයකු වූ නොබුනාගාට වරක් සිය හමුදාව මෙන්
දසගුණයක් විශාල හමුදාවක් සමඟ සටනක් කරන්නට සිදුවිය. සටනට යන අතරමඟදී
සිය සෙබළුන් මහත් සේ අධෛර්යට පත්ව සිටින බව ඔහුට වැටහුණි. එක් පන්සලක්
ළඟදී සිය හමුදාව නතර කළ හේ “මං වැඳල ඇවිත් කාසියක් උඩ දමනවා. නෝන
වැටුණොත් අපි දිනනවා සිකුරුයි. පොල්ල වැටුණොත් පරාදයි. කරන්න දෙයක්
නැහැ. දෛවය අනුවයි ඔක්කොම වෙන්නෙ” යැයි පැවසුවේ ය. නොබුනාගා පන්සල වෙත
ගොස් මද වේලාවකින් එළියට ආවේ ය. සාක්කුවෙන් කාසියක් අතට ගත් හේ එය උඩ
විසි කළේ ය. බිම වැටුණු කාසිය මත නෝනා දිස්විය. සොල්දාදුවෝ
පී‍්‍රතියෙන් පිණායමින් මහත් උද්යෝගයෙන් සටන් වැදුණහ. ඔවුහු ජයගත්හ.
“දෛවය මාරයාටවත් වෙනස් කරන්න බැහැ’ යි එක් සොල්දාදුවෙක් නොබුනාගාට සමීප
වෙමින් පැවැසී ය.”
“සත්තකින් ම බැහැ නේන්නම්” යැයි පැවැසූ නොබුනාගා දෙපැත්තේම නෝනා සිටින
ලෙස සැකසූ කාසිය යළි සාක්කුවෙන් ගෙන ඔහුට පෙන්වීය.”
බ ුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය ගවේෂණය කොට
යථා තත්ත්වය අවබෝධ කළ යුතු බවයි. සංයුත්ත නිකායේ ලෝක සූත්‍රයෙහි සඳහන්
වන අන්දමට වරක් අනද මහ තෙරණුවෝ ලෝකය යනු කුමක්දැයි බුදුරජාණන්
වහන්සේගෙන් අසා තිබේ. ඊට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ ලෝකය යනු
කුමක්ද යන්න පැහැදිලි කරමින්, එහි ප්‍රධාන ලක්‍ෂණ අනිත්‍ය බව හෙවත්
කැඩෙන බිඳෙන පලුදුවන වෙනස්වන ස්වාභාවයෙන් යුක්ත බව යැයි පෙන්වා දුන්හ.
“සංඥාව සහිත සිත සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ලෝකය පණවමි. පෙන්වා
දෙමි. ලෝක සමුදය ද ලෝක නිරෝධය ද ලෝක නිරෝධ ගාමිණී පටිපදාව ද පණවමි.
පෙන්වමි” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව සංයුක්ත නිකායේ
රෝහිතස්ස සූත්‍රයෙහි සඳහන් වේ.
මේ අදහස මතුකරන ජපන් සෙන් කතාවක් ද ඇත. ඩයිජු හිමියෝ චීනයෙහි බාසෝ
හිමියන් හමුවීමට ගියහ.
බාසෝ හිමි - “ඔබ සොයන්නෙ කුමක්ද?”
ඩයිජු හිමි - “බුද්ධත්වය”
බාසෝ හිමි - “ඔබට ඔබේම නිධානයක් තියෙද්දී ඇයි පිට තැන්වල හොයන්නේ?”
ඩයිජු හිමි – “කොහෙද මගේ නිධානය තියෙන්නේ?”
බාසෝ හිමි – “ඔබ සොයන දේ තමයි නිධානය”
ඒ වචන ඇසූ සැණින්ම ඩයිජු හිමියන්ට සත්‍යාවබෝධය ඇති විය. ඉන් පසු හේ
සියලු මිතුරන්ට මෙසේ කියන්නට පුරුදු විය.
“ඔබේම නිධානය විවර කරගන්න, එහි නිදන් වස්තු පරිභෝග කරන්න”
“ අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා” (තමාට තමාගේ පිහිට මිස වෙන
පිහිටක් නොමැත” “අත්තදීපා විහරථ අත්ත සරණා, න අනඤ්ඤ සරණා” (තමා පිහිට
කොට යන්න. අන් කෙනකු සරණ නොයන්න.) ආදි බුදුදහමේ පැනෙන මෙවැනි ඉගැන්වීම්
ස්මතු කොට දැක්වීමක් පහත සෙන් කතාවෙන් සිදු වේ.
කමාකුරා යුගයෙහි විසූ ෂිකාන් ඇදුරිදු වෙත පැමිණි එක් ශිෂ්‍යයෙක්, “මං
පුංචි දවසෙ ඉදල ම ටෙන්දායි නිකායෙ බුදුසමය ඉගෙන ගත්තා. මට ඒකෙ
තේරුම්ගන්න බැරි ගැටලුවක් තියෙනවා. ටෙන්දායිවල තියෙනව තණකොළයි ගසුයි
පවා බුදුවෙනව කියල. ඒක මට හරිම පුදුමයි” යැයි කීය.
ගුරුතුමා - “තණකොළයි ගසුයි බුදුවෙන එක ගැන කල්පනා කරන එකෙන් ඇති වැඩේ
මොකක්ද? මුන්නැහැ කවරදාවත් කල්පනා කළාද මුන්නැහැ බුදුවෙන්නේ කොහොමද
කියල?”
ශිෂ්‍යයා - “නෑ කවරදාවත් ම නෑ”
ගුරුතුමා - “එහෙනම් ගිහින් ඒ ගැන කල්පනා කරනවා”
උපාදානය හෙවත් දැඩිව ග්‍රහණය කර ගැනීම භවයෙහි සැරිසැරීමට ප්‍රධානතම
හේතුවය. “ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ” පුද්ගලයා තණ්හාවට ම දාසයෙක් වී
කිසිදු සැපයක් නොබලාම මිය යයි. උපාදානයෙන් මිදීමට කරනු ලබන වෑයමක්
පිළිබඳ තොරතුරු සෙන් කතාවක සටහන් වී තිබේ. එම සඳහනට අනුව එක්තරා සංචාරක
සෙන් භික්‍ෂු නමක් තමා උගත් ශාස්ත්‍රය ද මඟ නතර කර දැමීමට උත්සුක වෙයි.
කාව්‍ය ශාස්ත්‍රය ද අත්හැර දමයි. එයද උපාදානයට හේතු විය හැකි බැවිනි.
බුද්ධ දේශනාව අනුව සියලු ආකාර දුක්වලට හේතුව ආශා, ඇල්ම, රාගය ආදී
නොයෙක් ආකාර රූපවලින් දැක්වෙන තෘෂ්ණාවයි. ධම්මපදයේ බුද්ධ වග්ගයේ
දැක්වෙන පහත සඳහන් ගාථාවෙන් ද එය පැහැදිලි වෙයි.
“න කහාපණ වස්සේන – තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුකා කාමා - ඉති විඤ්ඤාය පණ්ඩිතෝ”
මිනිසාට කහවණු වැස්සකිනුත් කාමයන්හි තෘප්තියක් ඇති නොවේ. මේ නිසා කාමයෝ
සිහිනයෙන් පානය කළ පැනක් මෙන් මඳ ආශ්වාද ඇතියෝ ය. බොහෝ දුක් ඇතියෝ යැයි
පණ්ඩිතයා නුවණින් දැනගත යුතු ය. අංගුත්තර නිකායේ තණ්හා සූත්‍රයේ දී
මෙන්ම ඉතිවුත්තක පාලියේ එන තණ්හුප්පාද සූත්‍රයෙදී තණ්හාව දුකෙහි සම්භවය
හෙවත් දුක උපදවන දෙය හැටියටත් තණ්හාව දෙවැනි කොටගත් තැනැත්තාට සසරින්
එතෙර නොවිය හැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
බුද්ධ දේශනාව අනුව මිනිස් ජීවිතය මූලික වශයෙන්ම අතෘප්තිකරය. සැපත
සෙවීමේදී පුද්ගලයා එක් අරමුණකින් තවත් අරමුණක් කරා පනිමින් ඉතා දැඩි
වුවමනාවකින් සැප පසුපස දුවයි. බලාපොරොත්තු වන සැපය සැපයක් සේ සලකනුයේ
එය ලැබෙන තෙක් පමණි. එය ලැබුණු පසු එහි අගයක් නැත. එහෙත් බලාපොරොත්තුව
ද අවසන් නැත. යළි යළිත් බලාපොරොත්තු ඇතිකර ගනියි. මෙසේ මිනිසා සැප
සෙවීම සඳහා ම කාලය මිඩංගු කරයි. එහෙත් ලැබූ සැපයක් හෝ තෘප්තියක් නැතිවම
මිය යයි (ඌණාව හුත්වා ජහන්ති දේහං කාමේහි ලෝකම්හි නහි අත්ථි තිත්ති)
මේ විස්තරය මෙහි සඳහන් කිරීමට හේතු වූයේ පහත සඳහන් සෙන් උපමා කතාව නිසා
ය.
කුඹුරක් මැදින් ගමනක් යමින් සිටි මිනිසකුට කොටියෙක් හමුවිය. භීතියටත්
සන්ත්‍රාසයටත් පත් මිනිසා දුවන්න පටන් ගත්තේ ය. කොටියා ඔහු ලුහුබැන්දේ
ය. ප්‍රපාතයට පැමිණි මිනිසා වල්මිදි මුලක බෑවුමෙහි එල්ලී පැද්දෙමින්
සිටියේ ය. කොටියා කඳු මුදුන මත සිට ගොරවමින් ඔහු ගොදුරුකර ගන්න මාන
බලයි. හේ භීතියෙන් වෙවුලමින් පහත බැලූ විට තවත් කොටියකු පහත සිට තමා
ගොදුරුකර ගැනීමට මුව අයා සිටිනු දුටුයේ ය. මේ අතර මීයන් දෙදෙනෙක් පැමිණ
ඔහු එල්ලී සිටි වල්මිදි මුල කපන්න විය. අසල වැවී තිබුණු ස්ට්‍රෝබෙරි
ගසක හොඳට ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩියක් දුටු මිනිසා තනි අතකින් මිදි මුල
අල්ලාගෙන අනිත් අතින් වෙහෙස දරා එය කඩාගෙන රසවිඳී.
“ස්ට්‍රෝබෙරි හරිම රසයි”
මෙම සෙන් කතාවට අදාළ සිද්ධිය අළලා ඉපැරණි සාහිත්‍යයෙහි ජීවගුණයෙන් යුතු
කවියක් ද සැකසී තිබේ.
“මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය”
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයන් මෙහි ව්‍යාංගාර්ථයෙන් මතුකර
ඇත. විඥානය පිළිබඳ ගැටලුව බුද්ධ ධර්මාන කාලයේ පටන්ම පැවතුනකි. සාති
භික්‍ෂුව විඥානය පිළිබඳ අදහස වරදවා තෝරා තිබේ. උපනිෂද් දර්ශනයට අනුව
කූඩැල්ලා තණපතක් අල්ලාගෙන තමා සිටි තණපත අතහරින්නා සේ භවයෙන් භවයට
විඤ්ඤාණය ගමන් කරයි. එහෙත් මෙවැනි විඤ්ඤාණය පිළිබඳ අදහසක් බුදුසමයෙහි
සඳහන් නොවේ. සෙන් කතා තුළ විඤ්ඤාණවාදී අදහස් ස්මතු කොට දක්වා තිබේ.
සෙන් ඇඳුරු හොගෙන්ගේ ආරාමයට සංචාරක භික්‍ෂු පිරිසක් පැමිණියහ.
ගිනිමැලයක් ගසාගෙන ඔවුහු ගිනි තපින්නට වූහ. එහිදී විඤ්ඤාණවාදය පිළිබඳ
අදහස් ද සාකච්ඡාවට ගැනුණි.
“මේ ලෝකයේ තියෙන වස්තු ඇත්තට ම පවතිනවද? නැත්නම් ඒවා සිතින් මවාගත්ත
දේවල් ද?” එතැනට පැමිණි හෝගෙන්, “අතැන ලොකු ගලක් තියෙනවා.
තමුන්නාන්සේලා හිතන්නේ ඒක තියෙන්නේ බාහිර ලෝකෙද, නැත්නම්
තමුන්නාන්සේලාගේ හිත්වල ද?” යැයි ඇසීය.
එක් භික්‍ෂුවක් මෙසේ පිළිතුරු දුන්නේ ය.
“බෞද්ධ දෘෂ්ටියෙන් බලනවිට ලෝකෙ තියෙන හැමදේම හිතින් මවාගත්ත දේවල්. ඒ
නිසා මං කියන්නෙ ඒ ගල තියෙන්නෙ මගේ හිතේ කියලයි.”
එවිට හෝගෙන්, “එහෙනම් තමුන්නාන්සේගේ ඔලුවට හරි බරක් දැනෙනවා ඇති. ඔච්චර
විශාල ගලක් හිතේ තියාගෙන එහෙ මෙහෙ ඇවිදින එක ලේසි පහසු නැතිවත් ඇතිනේද?
යි පැවැසී ය.
ධර්මය ආධානග්‍රාහිත්වයෙන් ගත යුත්තක් නොවේ. ධර්මය එතෙර වීමට මිස
කරතබාගෙන යාමට පවතින්නක් නොවේ. ඔරුවෙන් එතෙර වී පහුර කරතබාගෙන යාම නොකළ
යුත්තකි (අලගද්දූපම සූත්‍රය)
එමෙන්ම තම තමන් එල්බගෙන සිටින අන්තවාදී මත අත් නොහැරීමෙන් සිදුවන්නේ
අවැඩක්මය. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයෙහි සඳහන් දෙසැටක් දෘෂ්ටියකි. මේ
පිළිබඳව කතා කිරීමේ දී සෙන් කතාවක් ද නිරායාසයෙන් ම මතකයට නැගේ.
“භික්‍ෂු දෙනමක් බළලකු බෙදාගත නොහැකිව වාදාභිමුඛ විය. එතැනට පැමිණි
නන්සෙන් නමැති භික්‍ෂුව බළලා අල්ලාගෙන භික්‍ෂූන් දෙනම අමතා මෙසේ කීය.
“දෙනමගෙන් එක් නමක් හරි හොඳ වචනයක් කීවොත් මුගේ ඹ්ෂතය බේරෙනවා”. දෙනමම
මුනිවත රැක්කාහ. නන්සෙන් හිමියන් බළලා දෙකට කපා දෙනමට බෙදා දුන්නේ ය.
හවස්යාමයේ ජෝසු හිමියන් හමුවූ නන්සෙන් මේ පුවත එතුමන්ට කීය. ජෝසු
හිමියෝ තම වහන් සඟල ගලවා හිසමත තබාගෙන නික්ම ගියේ ය. නන්සෙන් හිමියන්
මෙසේ කීය. “ඒ වෙලාවෙ තමුන්නාන්සෙ හිටියනම් බළලාගේ ජීවිතය බේරෙන්න
තිබුණා”
වරක් බෞද්ධ දාර්ශනිකයකු වූ එනම් විඥප්තිමාත්‍රතා වාදියෙක් සෙන්
ගුරුවරයෙක් ළඟට පැමිණියේ ය. ඔහුගේ නම දොකෝ ය. දෙදෙනා අතර ඇති වූ සංවාදය
මෙසේ ය.
දොකෝ හිමි – “කෙනෙක් සත්‍යය අවබෝධ කරගත යුත්තේ කුමන ආකාරයේ සිතකින්ද?”
ගුරුවරයා - “ යොදන්නට සිතක් නැත. එසේම අවබෝධ කරගන්නට සත්‍යයක් ද නැත”
දොකෝ හිමි – “ඇයි එහෙනම් ඔබ දිනපතා ම භික්‍ෂූන්ගේ සභා රැස්වීම් තබන්නේ?
සෙන් ඉගෙනගන්නෙ? සත්‍යයයෙහි ඔවුන් යොදවන්නෙ?”
ගුරුවරයා - “මට අඟලක් තරම්වත් ඉඩක් නැතිව කොහෙද මම භික්‍ෂූන්ගෙ
රැස්වීම් පවත්වන්නෙ? මට දිවක් නැතිව මා වෙතට එන්න කියා අන් අයට උපදෙස්
දෙන්නෙ කොහොමද?”
දොකෝ හිමි – “මගේ මූණටම ඔබ ඒ වගේ බොරුවක් කියන්නෙ කොහොමද?”
ගුරුවරයා - “අන් අයට උපදෙස් දෙන්නවත් දිවක් නැතිව කොහොමද මම බොරුවක්
කියන්නෙ?”
දොකෝ හිමි – “මට ඔබේ තර්කය තේරෙන්නේ නෑ”
ගුරුවරයා - “මටත් ඒක තේරෙන්නේ නෑ”
මෙසේ එක්තරා සුවිශේෂ වූ භාෂණ ක්‍රමයකට අනුව සත්‍යය අවබෝධ කරවීමට සෙන්
ගුරුවරු උත්සාහකර තිබේ. විවිධ ස්වරූප ගන්නා සෙන් කතා සියුම් දාර්ශනික
ප්‍රශ්න වටා පමණක් ගොඩනැඟී ඇතැයි නොසිතිය යුතු ය. උපහාස දනවන
සාහිත්‍යයක රසයද වහනය වන කතා ද ඒ අතර වෙයි. “බුදුන් සිර අඩස්සියේ”
නමැති සිඟිති කතාව ඊට නිදසුනකි. ජපානයට සම්ප්‍රාප්ත වූ බුදුසමය ජපන් ජන
ජීවිතය අභිනව මාර්ගයකට යොමු කළේ ය. අධිරාජයාගේ රජ මැදුරේ සිට දිළිඳු
ගොවි පවුලේ නිවෙස දක්වා එය මහත් බලපෑමක් ඇති කළේ ය. එහිලා සුවිශාල
මෙහෙයක් ඉටු කළේ ජපන් සෙන් බෞද්ධ සම්ප්‍රදායයි. “මීවිතයට ආයුබෝවන්” යන
සෙන් කතාව සමාජ පරිවර්තනයට සෘජුවම බලපාන ලද්දකි. |