ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
භික්‍ෂූන් වහන්සේ සඳහා වස් විසීමේ නිවේදනය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි භික්‍ෂූන්වහන්සේ සඳහා වස් විසීමේ
නිවේදනය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර
මහ නාහිමියන් විසින් නිකුත් කර ඇත. ඒ අනුව එම නිවේදනය මෙසේ ය. ශ්‍රී
ලංකා රාමඤ්ඤ මහා නිකායික සියලු සබ්‍රහ්මසරුන් වහන්සේ වෙත කෙරෙන කාරුණික
දැනුම් දීමයි. වර්ෂ 2010 ක් වූ ජූලි මස 25 වන දින පොහෝ කොට 26 වන සඳු
දින පෙර වස් විසිය යුතු ය. පසු වස් විසීම 2010 ක් අගෝස්තු මස 24 වන
අඟහරුවාදා පොහොය කොට 25 වන බදාදා පසුවස් විසිය යුතු ය. වස් පවාරණය 2010
ක් වූ ඔක්තෝම්බර් මස 22 වන සිකුරාදා පෙරවස් පවාරණය කළ යුතු ය. 2010 ක්
වූ නොවැම්බර් මස 22 වැනි සෙනසුරාදා පසුවස් පවාරණය කළ යුතුයැයි එහි
සඳහන් වේ. |