අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර
ජාතික අභිමානය හා ශ්‍රේෂ්ට බෞද්ධ සංස්කෘතිය මුළු ලොවටම විදහා දක්වමින්
රජරට කුරහන් මුසු ගැමි සුවඳින් පිරි ප්‍රජාවට නායකත්ව දෙන උතුරු මැද
ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ගේ පින්බර සංකල්පයක්
මත පවත්වාගෙන යනු ලබන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දහ හතරවන
වතාවටත් මහත් අභිමානයෙන් හා අති පුජනීයත්වයෙන් ජූලි මස 24 - 25 යන
දිනවල අනුරාධපුර පින්බිමේදී පැවැත්වේ.
ඉතිරිය»
රන්මුවා බුදු රැස් විහිදූ බාමියන්
බාමියන් වනාහි එසමයෙහි නාලන්දා, අජන්තා, එල්ලෝරා සහ ඕදන්තපුරී සමාන
කීර්තිමත් සාංස්කෘතික තෝතැන්නකි. නටබුන් නිසි පරිදි ගොඩ ගෙන අධ්‍යයනය
කළ කල්හි
එහි ග්‍රීක - බෞද්ධ සංස්කෘතියේ සංවර්ධනය පිළිබඳ දැවැන්ත
ආලෝක ධාරාවක් විහිදුවනු දකිනු හැකි ය. එවිට නිසැකයෙන් ම අපේ
අත්‍යන්තයෙන් ජටාජටික ගැටලු සහ ප්‍රහේලිකා වලට ඇතැම් විසඳුම ලැබෙනු ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ධර්මධර වන්නේ කෙසේ ද?
යහපත් සිතිවිලි නිසා සිත පිරිසුදු වන අතර නරක සිතිවිලි නිසා සිත කිළිටි
වෙනවා. කෙලෙස් වශයෙන් ධර්මයේ විස්තර වන්නේ මේ හිත අපිරිසුදු කිරීමට
සමත්වන
සිතිවිලි වලටයි. කෙලෙස් සිතිවිලි වලින් හිත ලෙඩ වෙනවා. හොඳ, නරක,
කළයුතු දේ නොකළ යුතු දේ හරිහැටි තෝරා ගැනීමට බැරිව මුලාවට පත් වන්නේ
කිළිටි වූ සිතිවිලි නිසයි. කෙනෙකුට
ධර්මාවබෝධය වුවමනා කරන්නේ සිතේ පවතින කිළිටි සහිත සිතිවිලි ඉවත් කරගෙන
සිත පිරිසුදු කර ගැනීමටයි.
ඉතිරිය»
|