සදහම් දැනුම
වහුමුවේ
විජයවංස
නා හිමි
ප්‍රශ්නය
සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ “බුද්ධත්වය” සාක්‍ෂාත් කරගත්
රාත්‍රියාමයෙහි ද සිය පූර්ව ජන්මයන් දැක ගැනිමෙහි ඤාණය ලබාගත්හ. මෙම
ශ්‍රේෂ්ඨ ඤාණය හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද?
පිළිතුර
පුබ්බේ නිවාසානුස්සති ඤාණය නම්වේ.
ප්‍රශ්නය
අප්‍රමාණවූ ලෝක සත්වයා විෂයෙහි පතුරාලුව යුතු හෙයින් “අප්පමඤ්ඤා යන
සුවිශේෂ නාමයකින් හඳුන්වා ඇති සත්ගුණ දහම කුමක්ද?
පිළිතුර
අප්පමඤ්ඤා සතරෙන් බ්‍රහ්ම විහාර නමින්ද හඳුන්වන මෙම සද්ගුණයන් වන්නේ
මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතරයි.
ප්‍රශ්නය
අභිත්ථරෙථ කල්‍යාණෙ
පාප චිත්තං නිවාරයේ
(ධ.පා.වග්ග 1 ගාථාව)
සිත පව් ක්‍රියා වලින් වලක්වාගත යුතුය .වහ වහා කල්‍යාණ ක්‍රියාවන්හි
යෙදිය යුතුය. කල්‍යාණ ක්‍රියා යනුවෙන් සදහන් කරන ක්‍රියා මොනවාද?
පිළිතුර
කල්‍යාණ ශබ්දයෙහි විවිධ අර්ථයන්හි යෙදෙයි. යහපත්- ශ්‍රේෂ්ඨ මනොඥ-
සුචරිත- පින යනාදි අර්ථ කල්‍යාණ ශබ්දයෙන් ලැබෙයි. මෙහිදී කල්‍යාණ වචනය
දානය - සීලය - භාවනාව යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා පිළිබඳ සඳහන් වෙයි.
ප්‍රශ්නය
උපේක්‍ෂාව නම් මධ්‍යස්ථ බවයි. බුදු දහමට අනුව “ද්වෙ උපෙක්ඛා “ යනුවෙන්
ආකාර දෙකක උපේක්‍ෂාව වෙන්වන බව සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර
විදර්ශනා උපේක්‍ෂාව සහ ආවර්ජන උපේක්‍ෂාව වශයෙන් ආකාර දෙකක් වෙයි. හේතු
ප්‍රත්‍ය සමවායන්ගෙන් හටගන්නා සංස්කාර ධර්මයන්ගේ යථා තත්වය දැකීමෙන්
ඇති කරගන්නා මධ්‍යස්ථ ආකල්පය විදර්ශනා උපේක්ෂාවයි. ආවර්ජන උපේක්‍ෂාව
නම් මනෝද්වාරය මෙහෙයවීමෙන් ආවර්ජනා ප්‍රතිබද්ධව (හේතුවෙන ) හටගන්නා
උපේක්‍ෂාවයි.
ප්‍රශ්නය
මිනිසා තුළ අනිවාර්යයෙන්ම පැවැතිය යුතු සද්ගුණයන් අතර අජ්ජව - මද්දව-
සොවචස්සතා කල්‍යාණ මිත්තතා ප්‍රධාන වෙයි.මෙම ගුණයන් පැහැදිලි කරන්න.
පිළිතුර
අජ්ජව හෙවත් ඍජුකම නම් නොපැකිල තීරණ ගැනීමේ ශක්තියයි. මද්දව හෙවත්
මෘදුකම නම් යමක යථාර්ථය අවබෝධ වූ විට එය පිළිගෙන කාරුණිකවීමේ මහාත්ම
ගුණයයි. පුද්ගල ජීවිතය විනාශවන එක් කරුණක් නම් අකීකරුකමයි. එහි යහපත්
පැවැත්ම සුසික්ඛිත බවයි. පාප මිත්‍ර සේවනයෙන් වෙන්වීමත් යහගුණයෙන් පිරි
“ පණ්ඩිතානංච සෙවනා “ උගතුන් බුද්ධිමතුන් ඇසුර කල්‍යාණ මිත්‍ර සේවනයයි.
ප්‍රශ්නය
පින්වතියක් (කළපින් ඇති) කාන්තාවක් (කතපුඤ්ඤේන මාතගාමෙ) තමා කළ
පින්ඵලයක් වශයෙන් (පංචඨානානි) සම්පත් පහක් ලැබීම වාසනාව උදාකර ගනී. පෙළ
දහමෙහි සඳහන් වන කාන්තාව ලබන පින් ඵල මොනවාද?
පිළිතුර
පංචමානි ඨානානි සුලභානි කත පුඤ්ඤො මාතුගාමෙන (සංනි 4 ) මහණෙනි!
පින්වත් කාන්තාවක් කළ පිණින් මතු සඳහන් පින් ඵල ලබන්නේය.
1. (පතිරූප කුල) සුදුසු කුලයක උපත ලැබීම
සුදුසු කල විවාහයකට පත්වෙයි.
(ප්‍රත්තවතී සමානා සාමිකං ) සම කුල සම සිතිවිලි ඇති ස්වාමියකු ලැබීම
වේ.
විවාපත් පින්වතිය සපත්නි විරෝධයක ලක් නොවීම
දරුවන් ලැබී මවක් වීම
ප්‍රශ්නය
බුදු දහමට අනුව ගෘහපතිනියකගේ මහනීයත්වයට හේතුවූ කරුණු පහක් ඇති බව
දේශනාපාලියෙහි සඳහන් වෙයි. ඒ කරුණු මොනවාද?
පිළිතුර
ප්‍රාණඝාතයෙන් වෙන්වීම
අන්සතු අයිතීන් පැහැර නොගැනීම
කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම
මුසාවාදයෙන් වැළකීම
රහමෙර පානයෙන් වැළකීම
සද්ධාය සීලෙන ච යාධ වඩ්ඩති
පඤ්ඤාය චාගෙන සුතෙන චූභයං
සා තාදිස සීලවතී උපාසිකා
ආදියති සාරං ඉධෙව අත්තහොති
මෙලොව අරිසැප වන සැදැහැයෙනුත් සීලයෙනුත් ප්‍රඥාවෙනුත් ත්‍යාග ශ්‍රැත
දෙකිනුත් වර්ධනය වේ නම් ඇය මෙලොව ජයගනී.
ප්‍රශ්නය
මහසෙන් මහ රජතුමා බුද්ධ සාසනය වෙනුවෙන් කරවන ලද සුවිශාල මෙහෙවර කුමක්ද?
පිළිතුර
අනුරාධපුර ජේතවන ස්ථූපය කරවන ලද රජතුමා මහසෙන් රජතුමාවේ.
ප්‍රශ්නය
දෙවියන්ට පි‍්‍රයවුන පවා පි‍්‍රයදර්ශනයක් වූ නිසා දෙවන පිය පියදස යන
අන්වර්ථ නමින් සිටි රජවරුන් දෙදෙනා කවුද?
පිළිතුර
දඹදිව රාජ්‍ය විචාළ ධර්මාශෝක මහරජතුමා සහ ශ්‍රී ලංකා රාජ්‍ය විචාළ
දෙවනපෑතිස් මහරජතුමා
ප්‍රශ්නය
ඇසළ පෝය දින බෞද්ධ ශ්‍රාවක සියලු දෙනා අනුස්මරණීය දිනයක් වශයෙන්
සැලකීමට හේතු මොනවාද?
පිළිතුර
1. සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම
2. ගෘහ ජීවිතයෙන් අභිනිෂ්ක්‍රමණය කිරීම
3. දම්සක් සූත්‍ර දේශනාව පැවැත්වීම
ප්‍රශ්නය
ඉපැරණි අනුරාධපුර ගොඩනැගිලි අතරෙන් අනුරාධපුර කරවන ලද නවමහල් ලොවා මහා
ප්‍රාසාදය කුමන අරමුණක් සදහා කරවන ලද්දක්ද?
පිළිතුර
භික්‍ෂූන් වහන්සේලාගේ විනය කර්ම කිරීම සඳහා අනුරාධපුර ලෝවාමහාපාය කරවන
ලද්දකි.
ප්‍රශ්නය
ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනිව “ධම්මසේනාපති” නමින්
ප්‍රසිද්ධව සිටියේ කවුද?
පිළිතුර
සැරියුත් මහරහතන් වහන්සේ
ප්‍රශ්නය
දශබලධාරි බුදු ගුණ මූර්තිමත් කරන ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමා
වහන්සේ නිර්මාණය කවන ලද්දේ කවුරුන් විසින්ද?
පිළිතුර
අනුරාධපුර රාජ්‍ය විචාළ ධාතුසේන මහරජතුමා
ප්‍රශ්නය
තම දරුවා මළසොවින් පසුවුන එක්තරා ස්ත්‍රියක් බුදුරජාණන් වහන්සේ නිසා
නිවී සැනහී පැවිදිව රහත් ඵලයට පත් වූවාය මේ තැනැත්තිය කවුද?
පිළිතුර
කිසාගෝතමි
|