සදාකාලික සැප
ලැබීමේ මඟ
පියසේන ගම්ලත්
පසු ගිය පත්‍රය හා සම්බන්ධයි
තවත් අය සඳ දෙවියන් පුජා කළ හ. තවත් අයට දුකින් මිදීමේ මග ලෙස පෙනුනේ්
තවුස් දම් රැකීම ය. තවත් අයෙක් වස්ත්‍රයට පවා ඇල්මක් නො මැති බව
කියමින් නිර්වස්ත්‍රයෙන් තැන තැන ඇවිද ගිය හ. මේ ආදී වශයෙන් දුක පිළිබඳ
අවබෝධයකුත් ඉපදීම ජරාව ව්‍යාධිය හෝ මරණය දුක බව නො දැන ඒවා වෙනුවෙන්
කටයුතු කිරීම පසෙක ලා ජීවිතයේ අවශ්‍යතා සපුරා ගැනීම සැප බව කියමින් හෝ
ණයට හෝ ගිතෙල් කෑම කළයුතු බව ද ප්‍රකාශ කළ හ.
උපත විපත ලෙඩ හා ජරාව දුක බව නො දත් අය ඉන් මිදීමේ මග ද පටලවා ගත්හ.
දුක් ඇතිවන්නේ කෙළෙස් නිසා බව තේරුම් ගත්තෝ කෙලෙස් තැවීම සඳහා විවිධ මං
සෙවූ හ. ඇතැම්හු පඤ්චතාපයෙන් කළේ ද එයයි. කෙළෙස් තැවීම සඳහා කළ යුත්තේ
වනයට පිවිසීම බව සැලකූ ඇතැම්හු ගෘහ වාසය අත්හැර වානප්‍රස්ථ (කැලයට
පිවිසීම) වූ හ. එවැනි වානප්‍රස්ථ ජීවිතයක් ගත කළෝ යම් ප්‍රමාණයකට දුක්
කරදරවලින් මිදුණෝ වුවද එය පූර්ණතම දුකින් මිදීමක් නොවීය. දුකින් තොර ව
සැපවත් වන්නේ නම් දක සපුරා ම තුරන්කළ යුතු ය. ඒ අනුව දුක නැති කිරීම
සඳහා සොයා ගන්නා ලද කිසිදු මාර්ගයක් දුකෙන් තොර සැපෙන් බර ජීවිතයක්
නොවී ය. දුකෙන් මිදිම් මග ස_හා දුක්සහිත මාර්ග ම ගන්නා ලදී. සැප
විදීමට සැප සොයා යාම ද මාර්ගයක් සේ සැලකූ සමහරු තව තවත් කෙලෙස්
රැස්වෙමින් දුක ද ප්‍රවර්ධනය වන තත්ත්වය වර්ධනය කර ගත්තෝ ය. දුකෙන්
මිදීම සඳහා කළ යුත්තේ දුක වර්ධනය කෙරෙන මාර්ගය නො වන බව වටහා ගත්තේ
දුකින් මිදීම සඳහා අන්ත දුක් සහිත මාර්ග අනුගමනය කළෝ ය.
දුකින්මිදීම සඳහා මෙම මාර්ග දෙකෙහි ම යාමෙන් වැඩිවන්නේ දුක ම විනා දුක
හට ගැනීමේ හේතුව පසක් කොට ගැනීම හා ඒ ක්‍රම අනුව යාම වෙනුවට යා යුතුªමග
කුමක්ද යන්න පැහැදිලි කර ගැනීම කාටත් තවත් දුෂ්කර විය. එහෙත් මෙම
දුකින් මිදෙන්නේ කෙසේ ද එය දුක ඇතිවීමේ හේතුව නැති කිරීමෙන් කළ හැකි
ය. හේතුව හා ඵලය අතර සහ සම්දන්ධයක් ඇති බවත් එම නිසා දුක ඉපදීමේ මූලික
හේතුව විනාශ කොට ගැනීම සඳහා වෙහෙස විය යුතු බවත් පසක් කොට ගෙන එය හෛළි
පෙහෙළි කළ එක ම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ කලක් සැපයේ
උපරිභය ද තවත් කලක් දුකෙහි උපරිමය ද භජනය කළ හ. ඒ මාර්ග දෙකෙන් ම
බිහිවන්නේ දුක බව පිළිගත් උන්වහන්සේ ඊට පටහැනිව යාමට නම් ඊට වඩා
පිළිවෙළක් ඇති බවත් එය අනුගමනය කිරීම දුකින් මිදීමේ මාර්ගය බවත් දේශනා
කළ හ. එතෙක් සොයා ගත් මාර්ග කෙතෙක් තිබුණත් දුක ඉපදීමට මුල්වන නො දැනීම
(අවිද්‍යාව) තුරන් කිරීමේ මාර්ගයක් එවක නො තිබූ බැවින් උන්වහන්සේ මෙම
මැදි මාර්ගයේ ශාස්තෘවරයාණෝ ය. උන්වහන්සේ පවසන පරිදි එම මැදුම් පිළිවෙත
නම් යහපත් දෘෂ්ටියක් පළමු ව ඇතිකර ගැනීම යි. දුක නැති කිරීමේ මාර්ගයේ
ඉතා සුවිශේෂි ම පළමු පියවර වන්නේ එය යි. එනම් දුක, දුක හට ගැනීමේ
හේතුව, දුක නිවීමේ මාර්ගය, දුක නැති කිරීම යන කිසිදා කිසිවකු විසින්
බොරුයැ යි කිව නො හැකි, එබැවින් ම ආර්ය වූ සත්‍ය සතර පිළිබඳ ව නිවැරදි
දැකීම සම්මා දිට්ඨිය නමින් හඳුන්වන ලදී. සම්මා දිට්ඨියක් නො මැති
කිසිවකුට යහපත් කල්පනා පහළ නොවන්නේ ම ය. එහෙයින් යහපත් කල්පනා නමින්
හඳුන්වන්නේ හිතවැඩ පිණිස තබන කල්පනා ය. එම කල්පනාවලින් තොර අයකුගේ
යහපත් වචනයක් විය නො හැකි ය. යහපත් වචන නැති අය විසින් යහපත් වැඩ කරනු
නො ලැබේ. යහපත් වැඩ නො කරන අයගේ යහපත් දිවි පැවැත්මක් නො මැත්තේ ය. ඉන්
තොර අය කෙරෙහි යහපත් උත්සාහ හට නො ගන්නේ ය. යහපත් උත්සාහයක් නො ගන්නා
කිසිවකු යහපත් සිහියකට පැමිණෙන්නේ නැත. එබඳු වූ යහපත් සිහියක් නොමැත්තා
යහපත් සමාධියක් නො ලබයි. එසේ මෙම උත්සාහය අංග අටක් ලෙස බෙදා දැක්වෙන
අතර මෙය ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය යයි ද මධ්‍යම ප්‍රතිපදාවය යයි ද
හඳුන්වා ඇත.
මධ්‍යම ප්‍රතිපදාවෙන් විනා අන් කිසිදු මාර්ගයකින් දුකින් සදාකාලික ව
වෙන් විය නො හැක. ඒ සඳහා වන වෙනත් මාර්ගයක් ඇතොත් ඒ මාර්ග සියල්ල ම
දුක් නැති කරනවා වෙනුවට දුක්වැඩි කරනු ලබන මාර්ගයන් ම වන්නේ්ය. එහෙයින්
දුකින් තොර සැපෙන් බර දිවියක් අපේක්ෂා කරන්නා වූ අප විසින් කළ යුත්තේ
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම පමණි. එනම් අප තුළ අපේ දෘෂ්ටිය දුක
කුමක් ද දුක හට ගැනීමේ හේතුව කුමක් ද එය නැති කිරීමේ මාර්ගය හා එය නැති
කිරීම නම් වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි විය යුතුය. මේ සඳහා
එක ම මාර්ගය වන්නේ සීලය සමාධිය හා ප්‍රඥාව යි.
සීලය සමාධිය ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා උත්සාහ ගැනීම කළ යුත්තේ අප
ඉදිරියේ ඇති දුක්ඛදායි ඉරණම නිසා ය. මෙසේ කළ යුත්තේ බුදු
හාමුදුරුන්ටවත් මහා සංඝයාටවත් ඕනෑ නිසා නො ව තමාට පැමිණෙන සියලු
දුක්ඛදෝමනස්සයන්ගෙන් මිදීම පිණිස ය. තමාට පැමිණෙන දුක් කරදරවලින්
මිදීමට අවශ්‍ය ඕනෑ ම අයකු විසින් ගත හැකි ගත යුතු මාර්ගය එය වෙයි. එම
මාර්ගයෙහි ගමන් ගන්නා අයට දුකක් සිදුවිය නො හැකි ය. සදාකාලික ව සැපයට
යා හැක්කේ එසේ ය. සදාකාලික ව සැපයත් ජීවිතයක් සඳහා වෙනත් මාර්ගයක්
තිබිය නො හැකි ය. ඉතා සරල වූත් ඉතා පහසු වූත් එක ම මාර්ගය එය වෙයි.
සැපය යනුවෙන් මෙලොව හමුවන සකල විධ සැප ලැබීමටත් මෙළොව ජීවිතයෙන් අනතුරු
ව සැප ලැබීමටත් මාර්ගය සීල සමාධි ප්‍රඥා යන අංගයන්ගෙන් සමන්විත මධ්‍යම
ප්‍රතිපදාව අනුගමනය කිරීම හැර වෙනත් විකල්පයක් තිබිය නො හැකි ය. මන්ද
දුක යන ප්‍රශ්නය නිවැරදි ව අවබෝධ කොට ගෙන එම ප්‍රශ්නය විග්‍රහ කෙට එහි
එබැවින් එම ලෝකයෙන් මිදීම සදාකාලික සැපය වන්නේ්ය. සදාකාලික සැප කැමති
ඕනෑ ම අයකු විසින් අනුගමනය කළ හැකි මෙම මාර්ගය අනුගමනය කළ යුත්තේ
සදාකාලික සැප කැමැත්තවුන් විසිනි. තමන්ට ඇතිවන දුක කුමක්දැයි අවබෝධ
කළවුන් විසිනි. පමණි. තමන්ට සිදුවන ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක්
ගොඩ ඉසිලිය නො හැකි බව පිළිගන්නවුන් පමණි. කෙටියෙන් කියතොත් දුක
කුමක්දැයි අවබෝධ කළ වුන් විසින් පමණි. නො එසේ නම් මේ දුක් වලින් මිදිමට
අවශ්‍ය කරන්නවුන් විසින් පමණි. ජීවිතයේ දී තමන්ට ඇති වන දුක් පිළිබඳ
අවබෝධය ඇත්තවුන් විසින් පමණි. එසේ නො මැති අය විසින් මෙම මාර්ගය
අනුගමනය කිරීම නිවැරදිව කළ නොහැකි ය. අවබෝධයක් නොමැතිව කරන ගමනෙන්
ප්‍රතිඵලයක් නොවනු ඇත. අප යන්නේ කොහේ ද අප යන්නේ කුමක් සඳහා ද යන
ප්‍රශ්න පිළිබඳ ව නිවැරදි අවබෝධයකින් තොර ව යන ඕනෑ ම අයකුට මෙම මාර්ගය
කෙරෙහි සැකයක් ද අපහසුවක් ද ඇති වනු නො අනුමාන ය. එවිට එම මාර්ගය
නිවැරදි ව අනුගමනය නො කරනු ඇත. එසේ අනබෝධයකින් තොර ව ගමන් කරන්නා අතර
මග ලතවනු ඇත. දුක වැඩි කර ගනු ඇත.
මෙම මාර්ගයේ නිවරදි බව නොදන්නා අය වෙනත් මං සොයමින් ලතවනු ඇත. එබැවින්
මෙම මාර්ගය පිළිබඳව අවබෝධය ද නිවැරදි චින්තනයක් ද දුක නැති කිරීම සඳහා
අවශ්‍ය ය. බුදුරජාණන් වහන්සේ විසින් එම මාර්ගය නිවැරදි ලෙස අවබෝධ කොට
ගෙන එම මාර්ගය වෙත යොමු කොට ඇත. සියළු දුකින් මිදීමේ අවසානය නිවන ලෙස
හැඳින් වේ. එම තත්ත්වයට යාම මෙම මාර්ගයේ නිෂ්ටාව වන්නේ්ය. එම යන්නන්
කෙරෙහි පරම හිතෛෂී භාවයෙන් ඊට අදාල වූ ධර්මය එයට එම මාර්ගයේ ම ගිය එම
ගමනෙහි යහපත දුටු උන්වහන්සේ විසින් මෙම ධර්මය දේශනා කොට ඇත්තේ ඊට
ඇතුලත්වීම පිණිස ය. එහෙයින් එම මාර්ගය පිළිබඳව සැකයක් ඇතිවිය නො හැකි
ය. එසේ සැක සහිත අය විසින් පැමිණ බැලිය හැකි ය. ඒ සහා ම දේශිත විස්තර
කිරීම් වශයෙන් සියල්ල ධර්මස්කන්ධ වශයෙන් 84000 කි. එම ධර්මය මනා කෛාට
විස්තර කර ඇති බව එයින් පැහැදිලි වේ. මේ සියලු ධර්මයන් ම සංසාර නමැති
දුකෙන් මිදීම සඳහා ම දේශනා කරන ලදී. එම ධර්මය මැනවින් පැහැදිලි කර ඇත.
එම ධර්මය ගත් අයට එය පැහැදිලි වනු ඇත. එය අකාලික ධර්මයකි. එම ධර්මය
පැමිණ බැලිය යුත්තකි. එම ධර්මය අනුගමනය කරන්නා අදාල ස්ථානයට කැඳවා ගෙන
යනු ලබ්නනේය. මෙම ධර්මය ප්‍රඥාවන්තයන් සඳහා ම දේශිත ය. එය
ප්‍රඥාවන්තයන් විසින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කොට ගැනීම සඳහා දේශනා කරන
ලද්දකි. එම ධර්මයෙහි හැසිරෙන්නා බුද්ධිමතෙකු වන්නේ ය. හේ බෞද්ධයෙකු
වන්නේය. ජීවිතය ගත කළ යුත්තේ එළඹ සිටි සිහියෙනි. උපන් දින සිට මරණය
දක්වා ශරීරය පවත්වා ගෙන ක්‍රියාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා සිහිය
අවශ්‍ය ය. අසිහියෙන් කරන කිසිදු ක්‍රියාවක පී‍්‍රතියක් තෘප්තියක් පිනක්
සැපයක් ඇත්තේ නැත. එහෙයින් සැපවත් දිවියක්, සාර්ථක ජීවිතයක් ගත කිරීම
සඳහා එළඹ සිටි සිහිය අත්‍යවශ්‍ය ය. අප සියල්ලන් ම කැමති වන්නේ සැප
විඳීමට මිස ඉහත කී දුක් විඳීමට නොවේ. එළඹ සිටි සිහියෙන් ජීවිතයේ සියලු
කාර්යයන් ඉටුකිරීම අපේ ජීවිතය සාර්ථක ව ගත කිරීමේ එක ම මාර්ගය වන්නේ ය.
සියලු දුක් කෙළවර කිරීමේ මග එ තැන ය. මෙය ඉතා පහසු කාර්යයක් බව බොහෝ
දෙනා නො දනිති. මන්ද යත් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම සඳහා බොහෝ
දෙනා උත්සහ කරන්නේ වත් නැති නිසා ය. මේ සඳහා කරනු ලබන සෑම උත්සහයක් ම
ව්‍යර්ථ වන්නාක් සේ දැනේ. ඒ මෙය අප අභ්‍යාස කොට නැති නිසා ය. මෙම
අභ්‍යාසය ලබා දෙන එක ම ක්‍රමය සමාධි භාවනාවන් ය. මෙම භාවනා ක්‍රම
රාශියක් තිබේ. සීල චාග අනුස්ති සතර බ්‍රහ්ම විහරණ ආදිය මේ සඳහා යෙදිය
හැකි ය. ඉතා පහසු හා ප්‍රායෝගික ක්‍රමය වන්නේ ආනාපාන සතිය යි. එනම්
හුස්ම ගැනීම හා හෙලීම පිළිබඳ සිහිය යි. අප සියලු දෙනා විසින් නො වරදවා
කරන මෙම කාර්යය අපේ සිහිය එක්තැන් කිරීමේ ලා බෙහෙවින් සමත් ය. අප
කිසිදු ක්‍රියාවක් නො කරන සෑම විට ම පවා මෙම ක්‍රියාව නතර කරන්නේ නැත.
එබැවින් අප කරනු ලබන එම කි‍්‍රයාව පිළිබඳ සිහිය පිහිටුවීම ඉතා ක්‍ෂණික
හා ප්‍රබල ප්‍රතිඵල ඇති කරන බව කියැ වේ. මෙම අභ්‍යාසයේ (භාවනාවේ
ප්‍රතිඵල වශයෙන් අපට අපේ අනෙකුත් දෛනික කටයුතු කෙරෙහි සිහිය එලවා ගත
හැකි ය. අපේ දෛනික කාර්යයන් පහසු කිරීමේ දී ද සුදුසු ක්‍රියා තෝරා
ගැනීම සඳහා ද මෙම දෛනික කාර්යයන් පිළිබඳ එළඹ සිටි සිහියෙන් සිටීම
අත්‍යවශ්‍ය ය.
අපේ දෛනික කාර්යයන් වන නිදා ගැනීම අවදිවීම ආහාර ගැනීම ඇවිදීම ආදි විවිධ
ඉරියව් ගැන අප තුළ නිවැරදි වැටහීම අවශ්‍යය ය. අප එය කරන බව දැන සිටීම
සතිපට්ඨානය වන්නේ ය. සිහිය පිහිටුවීම සතිපට්ඨානය නම් මෙතෙක් තොරතුරු
හුවා දක්වන ලද්දේ ඉහත කී සියලු දුක්ඛදෝමනස්සයන් ජාති ජරා ව්‍යාධි මරණ
නැති කිරීමේ එක ම මග සතර සතිපට්ඨානය ම බව අප මැනවින් පසක් කළ යුතු වූ
ධර්මය බව පසක් කර ගනු සඳහා ය. |