ධම්මපද සැහැල්ල - 18 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
72) යාවදෙව අනත්ථාය ඤත්තං බාලස්ස ජායතී
හන්ති බාලස්ස සුක්කංසං මුද්ධමස්ස විපාතයං
අසත්පුරුෂයකු ළඟ - තිබෙන යම් දැනුමකින් - ඔහුටවත් ලොවටවත්, යහපතක් සිදු
නොවේ. අන්තිමට හේ තෙමේ , විපතකට යොමු වෙලා - තමා වනසාගෙන ම - ලොව ද
වසන්නේ ය.
හිතවතුනි, තුන්දොරින් - සුසංවර තැනැත්තේ -
තමා රැක ගන්නේ ය. ලොව ද සුරකින්නේ ය.
73) අසතං භාවන මිච්ඡෙය්‍ය පුරෙක්ඛාරං ච භික්ඛුසු
ආවාසේසු ච ඉස්සරියං පූජා පරකුලෙසු ච
මෝඩයෝ හැමවිට ම - පතන්නේ තමාට ම -
මුල් පුටුව මුල් තැන ම- නොවැරැඳි ලබන්නයි.
හිතවතුනි, අනුන් වෙත - ඔබ කුළුණු කරයි නම්, සමාජය ඔබට
මුල් - තැන පිරිනමන්නේ ය.
74) මමෙව කතමඤ්ඤන්තු ගිහී පබ්බජිතා උභො
මමෙ’ව අතිවසා අස්සු කිච්චා කිච්චේසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡා මානෝ ච වඩ්ඩති
නුවණ අඩු නැත්තෝ - උඩඟු සිත් ඇත්තේ ය.
නොදන්නා දේ ගැන ද, දත් සේ සිතන්නෝ ය. කිසි ලෙසින් අනුන්ගෙන් උපදෙස්
නොගන්නෝ ය. හැමෝටම උපදේශ දෙන්නට සිතන්නෝ ය.
හිතවතුනි, හැකිතරම් , නිහතමානි වන්න. ලෝකයෙන් ඉගෙනගෙන, මහනැණවතකු වන්න.
75) අඤ්ඤා හි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාණගාමිනී
එවමෙතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස සාවකො
සක්කාරං නා භිනන්දෙය්‍ය විවේකමනු බ්‍රෑහයෙ ති
ලාභ, යස, කිතු, යසස් - කිසිවකින් නොකැළඹෙන - තුන් දොරින් සුසංවර -
සුසිල්වත් බුදුපුත්හු/ ලොව අනස බව හැඳින කෙලෙස් බැමි ලිහිල් කොට - අරි
අටැඟි අනුව - මග ඵල ම පතා යති....
හිතවතුනි - නැණැත්තෝ - අරමුණෙහි එල්බ ගෙන - නිසැකව ම ජය කණුව වෙත ළගා
වන්නෝ ය.
මතු සම්බන්ධයි |