ශාස්ත්‍රපති
කරපුටුගල ධම්මරතන හිමි
ලෝකයේ බොහෝ ආගම් දේවවාදී ආගම්ය. සියල්ල දෙවියන්ගේ කැමැත්ත අනුව
සිදුවෙයි.ලෝකයේ සහ ජීවින්ගේ පැවැත්මද දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවම
සිදුවෙයි. ඒ අනුව අද ලෝකයේ සිදුවන භූ®මිකම්පා, සුනාමි ව්‍යසන සහ නොයෙක්
කුණාටු සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට විය හැකිය. එසේ වුණත් බෞද්ධ
දර්ශනය අනුව මේ සියල්ල ස්වභාවිකව ඇතිවූ දෙයකි. ස්වභාවිකව සිදුවන යම්
වෙනස්වීමක් හැටියට දැක්විය හැකිය. මෙය අප විග්‍රහ කරන්නේ ස්වභාව ධර්මය
හැටියටයි.
සතුට පී‍්‍රතිය යැයි
අප සිතනුයේ
දුක් ගොඩවල් අතරින් ලබන
සතුටක් විය හැකි ය. එය සදාකාලික
එකක් නොව තාවකාලික
ළබැඳියාවක් හෝ දයාවක්
විය හැකි ය.
මේ ජීවිතය කොතරම් මිහිරි ලෙස
ගලා ගිය ද අප සැමගේ ජීවිත,
තොටිල්ලෙන් පටන්ගෙන
මරණයෙන් කෙළවර වෙයි.
මෙය නොතේරීම බුද්ධියේ
ඇති අඩුවක් මිස වෙන කරුණක්
නොවේ. යම් අයකු ධනවත් වුව ද,
දුගී වුව ද, උසස් වුව ද,
පහත් වුව ද, උගත් වුව ද,
නූගත් වුව ද, සැප ලැබූව ද,
සැප නොලැබූව ද
යම් දිනයකදී සෑම බෞද්ධයකුම
නිවන් ලැබිය යුතු ය. |
පෘථග්ජන යනු පෘථිවියට පොළවට ආශා කිරිමයි. පෘථග්ජන මිනිස්සු මේවා
මමත්වයෙන් ගනිති ඒවාට ආශා කරති. එසේ මමත්වයෙන් ගත්ත ද ආශා කළ ද ඒවා අත
හැර යති. අප ශාන්ති නායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලොව
කිසි තැනක මමත්වයෙන් ගත හැකි කිසිවක් නැති බවයි. එමෙන්ම අනිත්‍ය වූ මේ
ලෝකයේ නිත්‍ය වූ කිසිවක් දක්නට නොලැබෙන බව ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ
කරගත් බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ස්වාභාවික ලෝකයේ
සදාකාලික නොපවතින අරමුණක් වෙනුවෙන් වීර්ය කිරීමෙන් ප්‍රතිඵලයක් නැත.
දුක් කම්කටුළු වලින් පිරි මේ ලෝකයේ ඇත්තේ හුදු රැවටීම් වලට අසු වු මායා
වලින් පිරි දෙයක් මිස සැබෑ වූ සත්‍ය වූ සැපතක් නොවෙයි. මේ තත්ත්වය
තේරුම් ගැනීමට නොහැකිවීම නිවණට බාධාවක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා
දුන් සේක.
බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කළේ “ජාතිපි
දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං , අපපියෙහි
සමපයොගොදුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං
, සඞඛිත්තෙන පඤ්චූපාදනක්ඛන්‍ධා දුක්ඛා “ යනුවෙනි. මෙහිදී උන් වහන්සේ
දුක පිළිබඳව දේශනා කළද මෙහි ඇත්තේ ත්‍රිලක්‍ෂණයයි.
දුක්ඛ යන්න විග්‍රහ කර බලන විට පෙනී යන්නේ මෙම අර්ථයයි. “දු” යන්නෙන්
දුෂ්කර යන්න අදහස් වෙයි. “ඛ” යන්නේ විඳ දරා ගැනීම අදහස් කෙරේ. මේ අනුව
“ දුක්ඛ” යනු දුක දරා ගැනීම බව පැහැදිලි වෙයි.
ඉපදීම දුකකි. ජරාවට පත්වීම දුකකි ලෙඩවීම දුකකි, මරණය දුකකි, අප්‍රියයන්
හා එකතුවීම දුකකි. පි‍්‍රයයන් ගෙන් වෙන්වීම දුකකි. කෙටියෙන් සඳහන්
කළහොත් මේ පංච උපාදානස්කන්‍ධයම දුකකි. මේ විග්‍රහය අනුව බලන විට පෙනී
යන්නේ දුක වනාහි සම්පූර්ණයෙන්ම සාපේක්‍ෂ කරුණක් බවයි.
එය වනාහි තවත් දෙයක් පවත්නා විට පමණක් පවතින්නකි. එය ධර්මයේ විග්‍රහ
කරන්නේ මෙය ඇති කල මෙයි ඇතිවෙයි. මෙය නැති කල මෙය නැතිවෙයි. තණ්හාව ඇති
කල දුක ඇතිවෙයි. තණ්හාව නැති කල දුක නැතිවෙයි.මේ අනුව සසර කොතරම් දුර
වුවද සෑම මනුෂ්‍යයකු විසින්ම ස්වෝත්සාහයෙන්ම විමුක්තිය ලබා ගත යුතුය.
අපගේ විමුක්තිය අප විසින් සාදා ගත යුතුය. අපගේ විමුක්තිය වෙනත් අයකුට
ලබා දිය නොහැකිය. ඒ සඳහා බුදුවරු මඟ පෙන්වා දෙති. යම් අයකු තුළ පවතින
තද අශාව තිබෙන කල් ජීවිත ගින්න ඇවිලෙමින් පවතියි. ජීිවිත ගින්න ඇවිලීමට
හේතුව තෘෂ්ණාවයි. තෘෂ්ණාව ධර්මයේ කොටස් 03 කින් විග්‍රහ කරයි.
කාම තණ්හා , භව තණ්හා , විභව තණ්හා , යනු එම කොටස්ය. එමෙන්ම මිනිසාගේ
සිත් තුළ කා වැදි ඇතිලෝභ, ද්වේෂ ,මෝහ නිසාද ලෝකයේ ඇති යථාර්ථය ඔවුන්ට
නොපෙනේ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වදාළේ, දුක්ඛෙ ලොකෙ
පතිට්ඨිතො “ යනුවෙනි. දුක මත ලෝකය රඳා පවතියි. යමකුට දැනෙන සතුට,
පී‍්‍රතිය වෙස් වළාගත් වේදනාවක්ද විය හැකිය. එමෙන්ම කල් දමන ලද දුකක්ද
විය හැකිය. යමෙකු පළ කරන සිනහව , උපහාසය, රැවටීම යම් කිසි ඉදිරි
වේදනාවක පෙර නිමිත්තක් ද විය හැකි යැයි සිතේ. වර්තමාන ලෝකයේ ජීවත්වන
සමහර අය ලද දෙයින් සතුටු නොවේ.
එමෙන්ම අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරති. මෙය මෙලොව දුකට මෙන්ම පරලොව
දුකට හේතුවන්නකි. එය සසර දිගුවීමටද අවස්ථාව සෑදේ. මේ අනුව බලන කළ සතුට
පී‍්‍රතිය යැයි අප සිතනුයේ දුක් ගොඩවල් අතරින් ලබන සතුටක් විය හැකිය.
එය සදා කාලික එකක් නොව තාවකාලික ළබැඳියාවක් හෝ දයාවක් විය හැකිය. මේ
ජීවිතය කොතරම් මිහිරි ලෙස ගලා ගියද අප සැමගේ ජීවිත, තොටිල්ලෙන් පටන්ගෙන
මරණයෙන් කෙළවර වෙයි. මෙය නොතේරීම බුද්ධියේ ඇති අඩුවක් මිස වෙන කරුණක්
නොවේ. යම් අයකු ධනවත් වුව ද, දුගී වුව ද, උසස් වුව ද, පහත් වුව ද, උගත්
වුව ද, නූගත් වුව ද සැප ලැබූව ද, සැප නොලැබූව ද යම් දිනයකදී සෑම
බෞද්ධයකුම නිවන් ලැබිය යුතුය. ඒ සඳහා ඔව්හු ත්‍රිලක්‍ෂණය අවබෝධ කරගත
යුතුම වෙයි.
ලෝකයේ කෙනකු ධනවත්ව පොහොසත්ව බලවත්ව සිටියද යම් දිනක තමන්ට පි‍්‍රය
මනාප වස්තුවක් අහිමිවේද ඔහුට දුක දැනේ. ත්‍රිලක්‍ෂණය මැනවින් අවබෝධ
වෙයි. ජිවිත මදයෙන් මත් වු අයට මෙය අවබෝධ නොවිය හැකිය. යම් අයකු
සංසුන්ව සිහිනුවණින් පරීක්‍ෂා කරන විට ඔහුට ජිවිතය මායාවක් ලෙස අවබෝධ
වෙයි. බුදුරජාණන්ගේ දේශනාව අනුව ලොව පවතින වංශය, කුලය, බලය, සියලු
අලංකාර, සියලු ධනය, යශෝ කීර්තිය තාවකාලිකය.
මේ අනුව අපට උන් වහන්සේ පෙන්වා දෙන්නේ අනිත්‍ය ස්වභාවයයි. සෑම මොහොතක්ම
පාසාම අපගේ ශරීරය වෙනස්වීම් වලට භාජනය වෙයි. අප සැමගේ ශරීරවල කොටස් පවා
අනුක්‍රමයෙන් දිරාපත් වෙයි. එමෙන්ම අලුත් කොටස් සෑදෙයි. අඛණ්ඩව සිදුවන
අංශුන්ගේ වෙනස්විම් වලට මුළු මහත් විශ්වයම යටත්වෙයි. බෞද්ධ දර්ශනයට
අනුව එය ත්‍රිලක්‍ෂණය සැබෑ කිරීමකි.
ශරීරය නාම රූප වශයෙන් කොටස් දෙකකි. නාම යනුවේදනා, සංඥා, සංඛාර ,
විඤ්ඤාණ යන කොටස් හතරය. රූප වනාහි මූල ද්‍රව්‍යයන්ගේ නිරන්තර ඇතිවන්නා
වූ කම්පනයෙන් සැදුම් ලද්දකි. මෙම කොටස් එකතුවෙන් සත්වයන් ඇතිවෙයි.
අපගේ මේ ජීවිතය යථාර්ථවාදිව බලනවිට මායාවක්, මිරිඟුවක්, දිය බුබුළක් ,
අහසෙහි දකින විදුලියක්, පහන් සිළුවක්, සිහිනයක්, භූත රූපයක් වැනි යැයි
නිවැරැදිව තේරුම් ගත යුතුව ඇත. වෙනස් වන ලෝකය පිළිබඳව මෙසේ අප විසින්
සිතිය යුතුවෙයි.අපගේ දත් වැටෙයි. කෙස් ඉදෙයි. සමෙහි පැහැය වෙනස් වෙයි,
ඇස් නොපෙනී යයි. ඇසීම අඩුවෙයි.මේ අයුරින් වෙනස්විම් වලට නිරතුරුව
ලක්වෙයි.
ලොව සමහර විද්‍යාඥයින් මෙම අනිත්‍යාතාව දැක ඇත. එක විද්‍යාඥයකු
අනිත්‍යතාව මෙසේ දැක්කේය. එක ගඟට දෙවරක් බැසිය නෛාහැකිය. මන්ද කලින්
බසින් ලද ගඟෙහි වතුර දැන් බැස ගොස්ය. අපගේ සිත ගෙන බැලූ විට දැන් පවතින
සිත කලින් සිත නොවේ.අලුතින් ඇතිවන සිත දැන් පවතින සිත නොවේ. මේ අනුව
බැලූ විට පෙනී යන්නේ සෑමදෙයකම ඇත්තේ අනිත්‍යතාවයි. යම් දෙයක අනිත්‍ය බව
තිබේ නම්, එය දුකට හේතුවෙයි.යම් දෙයක් අනිත්‍ය නම් දුක නම්
අමරණීයත්වයක්, ආත්මයක් වශයෙන් ගත හැකි දෙයක් එහි නොමැත.
|