‘අධ්‍යාත්මික සංවර්ධනය අපගේ අරමුණ යි’
වීතරාගී ලොවුතුරා බුදුපියාණන් වහන්සේ ගේ අසිරිමත් තෙමඟුල යෙදී ඇති
වෙසක් පොහොය බුදු දහමෙන් පෝෂණය වූ සිරිලකට ඉතා වැදගත් දිනයකි.ඒ උතුම්
දිනය මිනිස් සමාජයේ ප්‍රගතියට යොදාගත හැකි බවට කිසිදු සැකයක් නොමැත. ඒ
සඳහා අප කළ යුත්තේ බුද්ධියට මුල් තැන දුන් බුදුන් වහන්සේ ගේ සද්ධර්මය
අනුගමනය කිරීම ය. උතුම් ම දානය වන ධර්ම දානය සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි
අධිකාරිය කැපවනුයේ ඒ උතුම් පරමාර්ථය ඇතිව ය.
ඉතිරිය»
රාජ්‍ය වෙසක් උත්සවය
සහ
මහානාග උයන
බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් නව වන මස එළඹි දුරුතු පුර පසළොස්වක
පුන් පෝදා ශ්‍රී ලංකාදීපයේ මහානාග නම් රමණීය උද්‍යානය වෙත වැඩිය බව
මහාවංසයේ සඳහන් වෙයි. එනම් අදට වසර 2598 කට පෙර ය.මේ සංචාරය සිදු වූයේ
ඉන්දියාවේ අලහබාත් තොටින් දියත් කළ ජල යාත්‍රාවකින් යැයි මහා වංසයෙත්,
මහා වංස ටීකාවෙත් සඳහන් කර තිබේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සත්ත්වයා හඳුනා ගැනීම
රූපෙ ඛො රාධ යොචෙනෙදා යො රාගො යා නන්දි යා තණ්හා තත්ර සතේතො විසත්තො
තස්මා සත්තොති වුච්ඡති
බුද්ධ දේශනාව සිදුකරන ගිහි පැවිදි දේශකයෝ මෙන්ම බෞද්ධ පොතපත රචනා කරන
රචකයෝද බුදුදහමට අනුව සත්ත්වයෙක් පුද්ගලයෙක් නැතිබව ප්‍රකාශ කරති.
එහෙත් මේ පිළිබඳ වැඩිදෙනකුට නිවැරැදි අවබෝධයක් ඇති බවක් නොපෙනේ.
සත්ත්වයෙක් පුද්ගලයෙක් නැතැයි පවසන ඔවුහු ස්කන්ධ ධාතු ආයතන යන ධර්ම
පරමාර්ථ වශයෙන් පෙන්වීම නිසා තවත් මර උගුලකට හසුකර ඇතිබව නම් පෙනේ.
ඉතිරිය»
|